වර්ණදේහ අසාමාන්‍යතාවක් නිසා දරුවාට විය හැකි බලපෑම්

Hits: 4611 times

ඔබේ දරු පැටියා මෙලොව එලිය දැකීම ඔබට අපරිමිත සතුට දනවන අවස්තාවක්. එම අවස්ථාවේ ඔබේ සතුට දුකකට හැරෙන්නට පුළුවන් එම දරු පැටියා යම්කිසි කායික හෝ මානසික ආබාධයකට ලක්වී තිබුනොත්. නමුත් කුමන දරුවෙක් වුවත් ඔබ ආදරයෙන් බාර ගන්නා බවට අපි විශ්වාස කරමු. මන්ද යත් එම ආබාධ සහිත දරුවන්ට අනෙකුත් සියලු දෙනාට වඩා අපේ සහය අවශ්‍ය නිසා. ඉතින් එවැනි තත්වයක් පිලිබඳ පෙර සිට දැනුවත් වීමට හැකි නම් ඔබට පුළුවන් නිසිලෙස මානසිකවම මෙන්ම වෙනත් ආකාර වලිනුත් සුදානම් වන්නට.

* අසාමාන්‍යතාවක් සහිත දරු උපතක් සිදුවීම

මෙම අසාමාන්‍යතා වර්ග දෙකකට අයත්වේ. ඉන් එකක් වන්නේ ජානමය/වර්ණදේහ සංකුලතා නිසා සිදුවන අසාමාන්යතාවයන්ය. සමහරවිට මෙම සන්කුලතා නිසා දරුවන්ගේ ජීවිතයට තර්ජනයක් වන අතර සමහර විට ජීවිතාන්තය දක්වා ආබාධිත තත්වයේ පසුවේ. දෙවැනි ආකාරය වන්නේ දරුවාගේ කායික ආබාධිත තත්වයන්ය. මෙය ඔබට මතුපිටට පෙනෙන අත් පා වල අසාමාන්‍යතා මෙන්ම ඔබට නොපෙනෙන හදවතේ, කොඳු නාරටියේ, ස්නායු පද්ධතියේ හෝ වෙනත් ඕනෑම ඉන්ද්‍රියක පවතින අසාමාන්‍ය තත්වයක් විය හැක. මෙවැනි උපතක් සිදුවීමේ හැකියාව දල වශයෙන් උපත් සියයකට එකක් පමණ වන බව නිරීක්ෂණය කර ඇත. ඉන් ඇති විශාල ප්‍රමාණයක් අඩු අවදානම් තත්වයක පවතින අතර ඉතාම ස්වල්පයක් පමණක් ජීවිත අවදානමක් ඇති කරයි.

* ජානමය සහ වර්ණදේහ ආශ්‍රිත සංකුලතා

ජානයන් යනු ඔබේ දෙමවුපියන්ගෙන් උරුම වන පුද්ගල ලක්ෂණ පිලිබඳ දත්ත අඩංගු වන රසායනික සංයෝගයකි. එය වර්ණදේහ වලින් (DNA අනු එක්ව බැඳ තබා ගන්නා තන්තුවක් වැනි ව්‍යුහයකින්) බැඳී පවතී. අප සියලු දෙනාටම අපේ මවගෙන් සහ පියාගෙන් මෙම ජාන උරුම වේ. සරළ ලෙස කියන්නේ නම් ජාන සහ වර්ණදේහ යනු ඔබේ ශරීරය ගොඩනංවන සැලසුමක් වැනිය - ඔබ දැක ඇති නිවාස සැලසුමක් සිහියට නගා ගත්විට මෙය තේරුම් ගැනීම පහසු වනු ඇත. මෙම සැලැස්ම ලියවෙන්නේ දරුවාගේ පියාගේ ශුක්‍රාණුවක් මවගේ ඩිම්බයක් සමග සංසේචනය වන විටය. එම සැලැස්මට අවශ්‍ය දත්ත ගෙන එන්නේ මවගේ ඩිම්බ වල ඇති සෛල සහ පියාගේ ශුක්රාණු වල ඇති සෛල මගිනි. නමුත් අවාසනාවකට මෙන් සමහරවිට ඩිම්බ සහ ශුක්‍රානු නිපදවීමේදී යම්කිසි ජාන හෝ වර්ණදේහ අඩුවෙන් ඇතුලත්වේ. එවිට උපදින දරුවා ආබාධිත තත්වයන්ට ගොදුරුවේ.

* මෙම අසාමාන්‍යතා වලට බලපාන කරුණු මොනවාද?

  • වයස: ඔබ දරුවකු බිහි කිරීමට වයස 35ට වඩා වැඩිවන විට මෙම අවදානම ඉහල යයි.
  • ලේ ණෑ විවාහය: ඔබ ලේ ණෑයකු සමග විවාහ වී සිටීනම් ඔබ අතර ජානමය වෙනස්කම් අඩු නිසා උපදින දරුවාගේ සංකුලතා ඇතිවිය හැක. සාමාන්‍යයෙන් සන්සේචනයෙදී මව හෝ පියා යන දෙදෙනාගෙන් එක අයකුගේ ජානවල දුර්වල තාවයක් වේනම් එය අනෙකාගේ ජාන වල ඇති ධනාත්මක ගුණයකින් දුර්වලතාවය මගහැරෙනු ඇත. නමුත් ඔබ එකම පවුලේ නම් මවගේත් පියාගේත් දෙදෙනාගේම ජාන වල එකම දුර්වලතා පැවතීමට හැකියාව ඇත.
  • පවුල් උරුමය: සමහර ජානමය ආබාධ ඔබේ පවුලේ පවතී. එය ඔබ ලේ ණෑයකු සමග විවාහා වුවත් නැතත් මතුවේ. - පාරිසරික සාධක: බාහිර පරිසරයේ ඇති විකිරණ, පිළිකා නාශක බෙහෙත් වර්ග ආදිය නිසාද ජානමය දුබලතා ඇතිවේ.

* නිතර දැකිය හැකි වර්නදේහ ආශ්‍රිත ආබාධ මොනවාද?

බොහොමයක් වර්ණදේහ සම්බන්ධ ගැටළු නිසා මල දරු උපත්, අඩු වයසෙන් මිය යාම ආදිය සිදුවේ. ඊට අමතරව "ඩවුන් සහලක්ෂණය" නමින් හඳුන්වන තත්වය ඇතිවිය හැක. එවිට දරුවාට ජීවිත තර්ජනයක් නොමැත. දරු උපත් 600කට එකක් පමණ මෙම තත්වයට පත්වන බව නිරීක්ෂණය කර ඇත. මවගේ වයස වැඩිවන විට ඩවුන්ස් සහලක්ෂණය ඇති දරුවන් බිහිවීමේ අවදානම වැඩිවේ. වයස 35ට වැඩි මවුවරුන් 350කට එක අයකු මෙම තත්වයට ගොදුරුවන බව පෙනී යයි.

* ඩවුන්ස් සහලක්ෂණය යනු කුමක්ද?

මෙය වර්ණදේහවල අසාමාන්‍යතාවක් නිසා සිදුවන අතර එමගින් දරුවන්ගේ බුද්ධිවර්ධනය අදාළ වන අතර කායිකව එම සහලක්ෂණය සහිත සියලු දෙනා එකම මුහුණුවරක් ගනී. නාසය පැතලි වන අතර ඇස් අසාමාන්‍ය පෙනුමක් ගනී. ඔවුන්ට තනිවම තම ජීවිතය ගොඩ නංවා ගැනීම අපහසුය. එම නිසා කුඩා අවදියේ පටන් අමතර අවධානය යොමු කල යුතු අතර විශේෂ පාසලක අධ්‍යාපනය ලබාදිය යුතුය. නමුත් ඔබ මතක තබා ගත යුතුයි ඔවුන් පත්කර නොබැලීමට. කුඩාම අවදියේ දරුවාගේ අල්ල හරහා එක රේඛාවක් පමණක් තිබීමත්, කකුලේ මහපට ඇඟිල්ලත් අනෙක් ඇඟිල්ලත් අතර තරමට වඩා වැඩි ඉඩක් තිබීමත් ඩවුන්ස් සහලක්ෂණය ඇති බව හඟවන ලක්ෂණ වේ. එයට අමතරව, ලේ පරීක්ෂාවක් මගින්ද ඩවුන්ස් සහලක්ෂණය ඇතිබව සනාත කර ගත හැක. මෙම සහලක්ෂණය ඇති දරුවන් නිතරම පෙනහලු ආසාදන වලට ලක්විය හැකි අතර නිවුමෝනියාව ඇතිවීමේ දැඩි අවදානමක් ඇත. එයට අමතරව බඩවැල් වල අසාමාන්‍යතා, හදවතේ අසාමාන්‍යතා, ලියුකේමියාව හෙවත් රුධිරයේ පිළිකාව ආදියද ඇතිවේ. සාමාන්‍යයෙන් ඔවුන්ගේ ජීව කාලය අනෙක් අයට වඩා අඩුය.

ඔබ මතක තබා ගත යුතුයි මෙම තත්වය ඇතිවීම ඔබේ (මවගේ හෝ පියාගේ) වරදකින් සිදු නොවන අතර එය හුදෙක්ම අහඹු ලෙස සිදුවන්නකි. එනිසා ධනාත්මක ආකල්පයකින් යුතුව ඔබ ඉදිරියට මුහුණ දෙමින් දරුවා සෙමින් වර්ධනයට අවශ්‍ය වන පහසුකම් සලසන්න. අපි තවත් ලිපියකින් ඔබට මේ ගැන වැඩිදුර විස්තර ගෙන එන්නට බලාපොරොත්තු වෙමු.

........

අපගේ සම්පත් දායකයකු වන කොළඹ "ලංකා හොස්පිටල්ස්" ආයතනයේ නාරී හා ප්‍රසව රෝග පිළිබඳ විශේෂන්ඥ වෛද්‍ය විජිත් විද්‍යාභුෂණ මහතා විසින් සකස් කල ලිපියක් ඇසුරිනි. Thanks to our kind resource person Dr Vijith Vidyabhushana, Consultant VOG at Lanka Hospitals, Colombo 05.

Dr Vijith Diyabhushana, MBBS (Colombo), MS (Colombo), MRCOG (UK), DFFP (UK), RCR/RCOG, Dip Advanced Obstetric Ultrasound (UK), Accredited Ultrasound Specialist

.................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න
.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි! 

If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you! 

pears happy baby learning center..... 
Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook