සිසේරියන් ක්‍රමයකින් පසුව නැවත සාමාන්‍ය ක්‍රමයට දරු උපතකට යොමු වීමේ අවස්තාව පවතීද

Hits: 29832 times

ඔබට සිසේරියන් දරු උපතකින් පසුව නැවත සාමාන්‍ය ක්‍රමයේ දරු උපතක් සදහා යොමු වීමට සැරසෙනවා නම් එය ඉතා සාර්ථක වීමේ වැඩි හැකියාවක් පවතිනවා. ඔබ ප්‍රථම වර සිසේරියන් ක්‍රමයට යොමු කරවීමට හේතු වුනු සාදක මෙම වර දක්නට නොලැබෙනවා නම් මෙම ක්‍රමය සාර්ථක වීමේ හැකියාව ඉතා ඉහලයි.

උදාහරණ ලෙස තම සිසේරියන් ක්‍රමයට ප්‍රථමව සාමාන්‍ය ආකාරයේ දරු උපතකට මුහුණ දුන් මවකට මෙලෙස සිසේරියන් ක්‍රමයට පසුව නැවත මෙලෙස සාමාන්‍ය දරු උපතකට යොමු වුවහොත් මෙම උපත ඉතා සාර්ථක වීමේ හැකියාව සිසේරියන් ක්‍රමයකට පසුව පළමු වරට සාමාන්‍ය දරු උපතකට යොමු වන  මවකට වඩා ඉතා ඉහලය.

තත්වය එසේ වුවද සාර්ථකව මෙලෙස සිසේරියන් ක්‍රමයට පසුව සාමාන්‍ය දරු උපතකට යොමු වන මව් වරුන්ගෙන් සාර්ථකව නැවත සාමාන්‍ය දරු උපත සිදු කල හැකි වනුයේ කුමන මවද යන්න පෙර තියා කල නොහැක්කක් නොවේ. මෙලෙස සුදානම් බොහොමයක් මව් වරුන් නැවත සිසේරියන් ක්‍රමයට යොමු වීමට සිදුවේ. ඇතැම් විට එම මව් වරුන් ප්‍රතිශතය සියයට 70% පමණ වන අවස්ථාද පවතී. 

ඔබ සිසේරියන් ක්‍රමයකට පසුව නැවත සාමාන්‍ය දරු උපතකට සුදානම්ද

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් බොහෝ විට පවසනුයේ ඔබ පහත සදහන් සුදුසුකම් සපුරනවා නම් ඔබ සිසේරියන් ක්‍රමයකට පසුව නැවත සාමාන්‍ය දරු උපතකට සුදානම් බවට අගවන හොද ඉගින් බවයි

ඔබගේ පළමු සිසේරියන් ක්‍රමයේ ගර්භාෂික කැපීම ඉතා අවම තිරස් තත්වයේ පැවතීම ඉතා වැදගත් සාදකයකි. එය සිරස් කැපීමක් හෝ T ආකාරයේ කැපිමකට වඩා ඉහත සදහන් කල ආකාරයේ කැපීමක් වීම උපතේදී ඇතිවන අවධානම ඉතා අඩු කරයි. නමුත් සියයට අනුනමයක් ම පාහේ සිදු කරන සිසේරියන් සැත්කම් වල කැපීම සිරස් කිටි කැපුමක් වේ. (මෙම ගර්භාෂිය කැපීමේ ස්වභාවය සම මත පවතින කැපීමේ ස්වභාවය නොවෙන්නට ඉඩ පවතී)

ඔබගේ උකුළු ප්‍රදේශය ඔබගේ දරුවාට පරික්ෂා කාරීව උපත ලැබීමට තරම් විශාල ලෙස පිහිටා තිබීම. (මෙම තත්වය ඔබට තනිවම දැනගත හැකියාවක් නොමැති වෙන්නට පුළුවන්. මෙවිට ඔබගේ වෛද්‍යවරයා ඔබව පරික්ෂාවට ලක් කර මෙය පිලිබදව පවසාවි.)

  • ඔබ මිට පෙර සිසේරියන් සැත්කමට අමතරව වෙනත් කිසිදු ගර්භාෂයික තන්තු ඉවත් කිරීම වැනි සැත්කම් වලට යොමු වී නොතිබීම.
  • ඔබ මෙයට ප්‍රථම ගර්භාෂිය පැලීම් තත්වයකට මුහුණ පා නොසිටීම.
  • ඔබට කිසිදු ගර්භාෂයික ලෙඩ රෝග හෝ ගර්භනී ගැටළු නොමැති වීම. ( වැදැමහ හා ගර්භාෂයේ තන්තු වැඩි වීම වැනි හේතුන් පවතියදීම සාමාන්‍ය දරු උපතකට යාම ඉතා අවධානම් සහගතය )
  • සිසේරියන් ක්‍රමයකට පසුව නැවත සාමාන්‍ය දරු උපතක් අවධානම් සහගත වීමට ඇති හැකියාවන් 
  • වයසින් වැඩි කාන්තාවක් වීම 
  • තරබාරු කම 
  • උපත ලැබීමට සිටිනා දරුවා වැඩි බර දරුවෙකු වීම 
  • සති හතලිහ ඉක්මවූ පසු සිදු වන දරු උපතකට සුදානම් වීම 
  • පෙර දරු උපත සහ මෙම දරු උපත අතර පවතින කාලයේ අඩු කම 

 

සිසේරියන් ක්‍රමයකට පසුව නැවත සාමාන්‍ය දරු උපතක්ට යොමු වීමේ වාසීන්

සාර්ථක සිසේරියන් ක්‍රමයකට පසුව නැවත සාමාන්‍ය දරු උපතක් ඔබව සිසේරියන් ක්‍රමය වැනි සැත්කමකට යොමු වීමෙන් ඇතිවන අවධානම ඉවත් කරනු ලබති. මෙවිට අධික රුදිර වහනයට ඇති හැකියාව අවම කරයි. අධික රුදිර වහනය මවට නැවත රුදිරය ලබා දීමට තරම් විශාල වන තරම් සිදු විය හැක. එසේම  සැත්කමකට යොමු වීමේදී අනෙකුත් අවයව වලට පවතින අවධානම  අධික වේ. සැත්කමකට යොමු වීම තුලින් විවිධ ආසාදන සැදීමේ හැකියාවක්ද පවතී. සිසේරියන් සැත්කම් සිදු කිරිමීදී එකෙන් එකට ඇති අවධානම වැඩිවේ. මන්දයත් එවිට ගර්භාශයේ ඇති කැපීම් සලකුණු වැඩි වන නිසයි.

 

සිසේරියන් ක්‍රමයකට යොමු වූ පසු ඔබ රෝහලේ නැවතී සිටිය යුතු කාලය සාමාන්‍ය උපතකදිට වඩා වැඩිය.

ඔබ අනාගතයේදී තවත් දරුවන් බලාපොරොත්තු වෙනවා නම් ඔබ සිසේරියන් ක්‍රමයටම යොමු වීම ඉතා අවධානම් සහගත තත්වයන් බවට පත්වේ. මෙහිදී ඔබට අනාගතයේදී වැදැමහ වැනි තත්ත්ව ඇතිවීමේ අවධානම වැඩි වීමේ තත්වයක් පවතී. මෙම තත්වයන් අධික රුධිර වහනයන්ට හේතු වීමෙන් ජිවිත අවධානමට පවා හේතු වන තත්වයන් ඇතිවේ. 

මෙලෙස සිසේරියන්  උපතකට පසුව සිදුවන සාමාන්‍ය උපතකදී ඇති විත හැකි වැඩිම අවධානම් සහගත තත්වය ගර්භාෂික පැලුම් තත්වය වේ. මෙම තත්වය ඉතා දුලබ සන්සිද්දියකි මව් වරුන් 200කින් එක් මවක් ඇතැම් විටක මෙම තත්වයට මුහුණ දීමේ අවධානමට ලක්වේ. නමුත් මෙම තත්වය දක්ෂ පළපුරුදු වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලයකට කල් තිය දන ගැනීමේ හැකියාව පවතී එම නිසා ඔබ බිය විය යුතු තත්වයක් නැහැ.

.................

Verified by Dr. N. De Silva

.................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න
.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

................

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook