දරු ප්‍රසූතිය සිදුවන දින සහ ඒ ආසන්න දින කිහිපය

Hits: 14747 times

දරු ප්‍රසූතිය කියන්නේ ඔබ සති 40 පුරා ගත කළ ඔබේ ගර්භනී සමයේ උපරිමයයි. ලස්සන නිරෝගී කිරිකැටියෙක් ඔබේ දෝතට ලැබීම හැම ගර්භනී මවකගේම අපේක්ෂාවයි. ඉතින් ඒ බලාපොරොත්තුව ඇත්තක් කරගන්න ඔබ දරුප්‍රසූතිය ගැන දැනුවත් වීම අත්‍යාවශ්‍යයි. මොකද ඒ ගැන අවබෝධය අඩු වෙන්න, අඩු වෙන්න හිතේ ඇති වන බයත් වැඩි වන නිසායි.

ඇත්තටම සාමාන්‍ය දරු ප්‍රසූතිය කියන්නේ මොකක්ද?

සාමාන්‍ය දරු ප්‍රසූතිය යනු

  • දින සම්පූර්ණ වුනු
  • හිස උපත් මාර්ගය දෙසට හැරුනු දරුවෙකු (Cephalic presentation)
  • ඉබේම හට ගන්නා කැක්කුම්, ගර්භාශයේ සංකෝචන  සමඟ
  • ගැබ් ගෙල ක්‍රමානුකූලව විවර වීමෙන්
  • උපත් මාර්ගය ඔස්සේ පිටතට පැමිණීමත්
  • අවසානයේ වැදෑමහ සහ පටල සියල්ලම අධික රුධිර වහනයකින් තොරවපිටවීමත්

යන මේ සම්පූර්ණ ක්‍රියාවලියයි.

දින සම්පූර්ණ ලෙස සලකනුයේ සති 37 - 42 අතර කාලයයි. නමුත් නවතම තොරතුරු අනුව ගර්භනී කාලය සති 41ට සීමා විය යුතු බව මතයකි.

සාමාන්‍ය දරු ප්‍රසූතියක්ද..? සිසේරියන් සැත්කමක්ද..?

දරුවා ගර්භාශය තුළ සිටින ආකාරය, දරුවාගේ වර්ධන තත්වය හා අනෙකුත් ගැටළු, මවගේ සෞඛය තත්වය හා සංකූලතා විතරක් නෙමෙයි ගර්භනී සමයේ අවසාන කාලයේ උපත් මාර්ගයේ තත්වය,විවර වීම වගේ ගොඩාක් කරුණු මත ප්‍රසූතිය සිදුවන ආකාරය තීරණය වෙනවා.

ගර්භාශය තුල දරුවාසිටින ආකාරය (Lie & Presentation)

Lie- දරුවා ගර්භාශයේ අක්ෂයට සමාන්තරව සසඳන විට සිටින ආකාරය

  1. දිග අතට (Longitudinal lie)
    1. Cephalic - සාමාන්‍ය විදිහ නම් බබාගේ ඔළුව පහළට සිටින ලෙස/ උපත් මාර්ගය දෙසට සිටින ලෙස සිටීමයි.
    2. Breech - කලාතුරකින් දික් අතට සිටින බබෙකු තට්ටම් පහළට සිටින සේ සිටීම
    3. ඉතාම කලාතුරකින් පහත දැක්වෙන ඉරියව්වක බබා සිටිය හැකි අතර එවන් අවස්ථාවක සාමාන්‍ය දරු ප්‍රසූතියකට යෑම අපහසුයි.
  2. ඇල අතට (Oblique lie)
  3. හරහට (Transverse lie)

පළමුව උපත් මාර්ගයට ඇතුලු වන ප්‍රදේශය (Presentation). 

සාමාන්‍ය යනු ඔළුව පහතට සිටින බබෙකුගේ හිස් මුදුන පළමුව උපත් මාර්ගයට ඇතුල් වනසේ බබා බෙල්ල නමාගෙන සිටීමයි (Vertex Presentation)

ඇතැම් විට දරුවන්:

  • මුහුණ (face presentation) 
  • නිකට(Chin presentation)
  • නලල හා ඇහිබැම (Brow presentation)

මුලින්ම උපත් මාර්ගයට ඇතුළු වන ආකාරයට සිටිය හැකියි. මෙවන් අවස්ථාවල දරු ප්‍රසූතිය වඩා සංකීර්ණ විය හැකියි.

දරුවාගේ වර්ධනය

දරුවාගේ වර්ධනයේ යම් අසාමාන්‍යතාවයක් ඇතොත් පමණට වඩා කුඩා වීම(Intrauterine growth restriction) වගේම වැදෑමහෙන් දරුවාට ලැබෙන රුධිර සැපයුම මත දරුවා ඉක්මණින් ප්‍රසූත කරන කාලයට් තීරණය වෙනවා. මෙය ඔබේ වෛද්යවරයා විසින් ස්කෑන් පරීක්ෂණයකින් ඔබට දන්වනවා ඇති.

එසේම දරුවා පමණට වඩා විශාල නම්(මවට දියවැඩීයාව ඇති විට) බොහෝ විට සාමාන්‍ය දරු උපතකට යෑම අපහසු වනු ඇත.

මවගේ සෞඛ්‍ය තත්වය

මවට රුධිර පීඩනය, දියවැඩියාව, හෘධ රෝග, සමහර සමාජ රෝග ඇතුළු වෙනත් සංකීර්ණ රෝගයකින් පෙළෙන අවස්ථාවල සාමාන්‍ය දරු ප්‍රසූතියකට වඩා සිසේරියන් සැත්කමක් සුදුසු බව වෛද්‍ය මතයයි. ඔබේ වෛද්‍යයවරයා සමඟ ප්‍රසූත කරන ආකාරය කල් ඇතුව සාක්ච්ඡා කර සූදානම් වීම වඩා වැදගත්.

දරුවා ලැබෙන්න ලඟයිද.......?

ඔබගේ බලාපොරොත්තු වන ප්‍රසව දිනය(EDD) ඔබේ වෛද්‍යවරයා ඔබට දැනටමත් දැනුම් දී ඇති. එය ගණනය කරන්නේ ඔබේ අවසාන මාස් ශුද්ධිය වූ දිනට(LMP) මාස 9ක් හා දින 7ක් එකතු කිරීමෙන්.

උදා: LMP- 2015-05-15 නම් මාස 9 එකතු කළ විට 2016-02-15 දින 7 ක් එක් කළ විට EDD- 2016-02-22

ස්වාභාවිකවම ප්‍රසූත ක්‍රියාවලිය ඇරඹෙන බව පහත ලක්ෂණ වලින් හඳුනා ගත හැක.

  • උදරය හා යටි බඩ ආශ්‍රිත කැක්කුම් ඔබගේ දින ලංවන විට (සති 30 ලැබූ පසු, විශේෂයෙන් සති 36 න් පසු) අක්‍රමවත්ව වරින්වර හට ගන්නා ගර්භාශයේ සංකෝචන ඔබට දැනෙනු ඇත. මෙය වේදනාවකට වඩා බඩ තදවීමක්. Braxton Hicks සංකෝචන ලෙස හඳුන්වනු ලබන අතර මෙම අසත්‍ය වේදනා සඳහා කලබල වී රෝහල් ගතවීම අවශ්‍ය නැත. නමුත් ප්‍රසූත වේදනා යනු කොන්දේ සිට යටි බඩ දක්වා ගමන් කරන රිද්මයානුකූල ක්‍රමක්‍රමයෙන් වේදනා තීව්‍රතාවය සහ වේදනා ඇතිවන වාරගණන වැඩි වෙමින් එන වේදනාවකි. මෙම වේදනාව විනඩි 5ට එක්වරක් පිළිවෙලින් දිගින්දිගටම පවතී නම් එය ඔබේ ප්‍රසූතිය ඇරඹෙන ලකුණක් විය හැකියි.
  • උපත් මාර්ගයෙන් රතු දුඹුරු ස්‍රාවයක් නිකුත් වීම (Shaw) මේය වේදනාවක් හෝ වතුර වැනි දියරමය ස්‍රාවයක් සමඟ සම්බන්ධයකින් තොරව පිට වේ නම් එතරම් බිය විය යුතු නෑ. නමුත් මෙය විශාල පරිමාවලින් පිට වන්නේ නම් සමහර විට එය රුධිර වහනයක් විය හැකියි. එවන් අවස්ථා වල හැකි ඉක්මනින් රෝහලකට යෑමට මතක තබාගන්න.
  • උපත් මාර්ගයෙන් වතුර වැනි ස්‍රාවයක් නිකුත් වීම මෙහිදී එකවරම වතුර වැනි ඉතා තුනී දියරමය ස්‍රාව සැලකිය යුතු ප්‍රමාණයක් නිකුත් වන අතර මෙය දරු ප්‍රසූතිය ලඟ එන බව දන්වන ලකුණක් විය හැකියි. සාමන්‍යයෙන් water Bag එක කැඩිලා යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. සාමාන්ය ගර්භනී කාන්තාවන් අතරින් 8%කට පමණ මෙම Water Bag කැඩීම අත්විඳිය හැකියි.මීට හේතු කිහිපයක් ඇති නමුත් බොහෝ දෙනෙකුගේ හේතුවක් හඳුනා ගැනීම අපහසු වේ. දරුවා ගර්භාශය තුළ වෙනස් ආකාරයට පිහිටීම(malpresentation),නිවුන් දරු උපත්,විෂබීජයක් ඇතුළු වී ආසාදනය වීම වැනි තත්ව මීට හේතු වේ.
  • නමුත් සමහර අවස්ථාවල වැදෑමහ ආශ්‍රිත පටල වලට විෂබීජයක් ඇතුල් වූ විටද, මෙම ලක්ෂණය ඇතිවිය හැක (Chorioamnionitis).
    1. විෂබීජයක් ඇතුළු වූ බවට සැක කළ හැකි ලක්ෂණ
    2. දරුවාගේ හා මවගේ හෘධස්පන්දන වාර ගණන ඉහළ යාම o උණ o රුධිර පරීක්ෂණ වලින්(CRP,FBC)
    3. උදරයේ ඇතිවන වේදනාව එම නිසා වතුර බෑග් එක කැඩුණු බවට සැකයක් ඇත්නම්, හෝ අසාමාන්‍ය යෝනී ස්‍රාවයන්(Foul smelling/yellowish-greenish)
    4. ඇත්නම් කැක්කුම් ඇතත් නැතත් ඔබ වහාම රෝහල් ගත විය යුතුයි.
  • උපත් මාර්ගයෙන් රුධිර වහනය (Antepartum Haemorrhage) මේ අවස්ථාවේ ඔබ ඉක්මණින් රෝහල් ගතවිය යුතුයි.මොකද මීට හේතුව සමහර විට ඔබේ වැදෑමහ ගර්භාශයෙන් ගැලවීම වියහැකි අතර එය දරුවාට එතරම් හොඳ තත්වයක් නොවෙයි. මේ ගැන වැඩිදුර විස්තර වෙනත් ලිපි පෙලකින්
  • මීට අමතරව
    1. බබාගේ චලනයන් අඩු වන ඕනෑම අවස්ථාවක
    2. එක දිගටම පවතින රිද්මයානුකූල නොවන බඩේ කැක්කුම
    3. උණ
    4. අධික හිසරදය/පපුවේ කැක්කුම/ඇස් පෙනීමේ වෙනස්කම්
    5. ඇත්නම් ඉක්මනින් ළඟම ඇති රෝහලට පැමිණිය යුතුයි

ඔබ දරු ප්‍රසූතිය හඟවන ලක්ෂණ සමඟ රෝහලට පැමිණි විට ඒ බව තහවුරු කර ගැනීම සඳහා ඔබේ වෛද්‍යවරයා/වරිය විසින් උපත් මාර්ගය පරීක්ෂා කල යුතුයි. (Per Vaginal Examination -PV) PV කරන්න බය වෙන්න එපා.මවගේ සහයෝගය ලැබේ නම් සාමාන්‍ය PV එකක් කවදාවත් වේදනාවක් ඇති කරන්නේ නෑ.

 ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!
Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook