දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වීමට සූදානම් වන්නේ කෙසේද?

Hits: 38956 times

සුදුසු රෝහලක් තෝර ගැනිම.

ගර්භණී කාලය තුල ඔබ සුදුසු වෛද්‍ය සායන වලට සහභාගි විය යුතු අතර සුදුසු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබ ගැනිම වැදගත් වේ. 

දරු ප්‍රසුතිය සදහා සුදුසු රෝහල ඔබ විසින් තෝර ගත යුතු අතර, එසේ තෝර ගැනිමේදී රෝහලට අති දුර, පවතින වෛද්‍ය  පහසුකම්,පසු ගිය දරු හා මාතෘ වාර්තා මෙන්ම වෛද්‍යවරු පිලිබදවද සැලකිලිමත් විය යුතු වේ.
මේ සදහා ඔබ නිවසට ආසන්න ළදරු හා මාතෘ ඉතිහාසය පිලිබද ඔබට දැනුමක් ඇතිසුදුසුකම් ලත් වෛද්‍යවරු සහිත රෝහලක් අපි ඔබට නිර්දේශ කරන්නෙමු. 

 

පෙර සුදනම

හදිසි අවස්තාවකදී රෝහල් ගත වීම සදහා ඔබ රෝහලේ පෙර ලියාපදිoචි වී සිටිම වැදගත් වේ. මෙලෙස ලියාපදින්චි විම යනු දිනයක් වෙන් කර ගැනිම නොව ඔබගේ නම, රක්ශණ තොරතුරු මෙන්ම දැනුවත් කල යුතු සම්බන්දතා අoක කලින්ම ලබා දීම මගින් ඔබ රෝහලට ඇතුලත් වීමේදී ඔබට රැදී සිටිමට සිදුවන කාලය අඩු වේ.

සැලසුම් කරන්න

හදිසි අවසත්වකදී ඔබ රෝහල කරා යන අන්දම සහ කෙටිම මාර්ග ඔබගේ සැමියා සමග සාකච්චා කරන්න. සැමිය ඔබ සමග නැතිනම් ඔබ දැනුවත් කල යුතු වගකිවයුත්තන් තීරනය කරන්න. ඔබේ සැමියා හෝ වගකිවයුත්තා ඔබ තෝරා ගන්න ලද රෝහලේ පිහිටීම සහ මාර්ගය පිලිබද දැනුවත් කිරීමට මතක තබා ගන්න.

ඔබගේ බෑගය සුදනම් කරන්න

ඔබට රෝහලෙන් ලබා දෙන ලැයිස්තුවට අනුව සුදනම් වීම වැදගත් වේ.විවේකීව අවශ්‍ය  දේ එකතු කර ගැනිම මගින් රෝහල් ගතවීමේදී පහසුවෙන් බෑගය සකසා ගත හැක. එමෙන්ම පළමු පැය 24 තුල අවශ්‍ය  දේ ලග තබා ගත යුතු අතර අනෙකුත් දේ වෙනම ඇසිරීම මගින් පසු දින හෝ ලබා ගත හැක.

.................

 

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

 

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

................

 

මෙම ලිපිය ඔබ වෙත ගෙන එන්නේ ලංකා හොස්පිටල්ස් ආයතනය වෙතිනි. This article was brought to you by Lanka Hospitals PLC.

 




Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook