මවක් වු ඔබේ වැලන්ටයින් සමරනවාද?

Hits: 2306 times

මවක් වු ඔබේ වැලන්ටයින් සමරනවාද?

මවක් වීම ජිවිතයේ අපුරු අත්දැකීමක්. ඔබේ දරුවා කුස පිලිසිද ගත් දා ඉදන් ඔබ පරිස්සන් වෙන්නෙ ඕනෑවටත් වැඩියෙන්. ඒ සුන්දර අත්දැකීම ලැබීම හැම කාන්තාවකගෙම හීනයක්. ඔබේ දරුව මෙලොව එලිය දුටු දා ඉදන්ම ඔබ හැම තත්පරයක්ම දරුව වෙනුවෙන් වැය කලා නේද?

එහෙත් මේ සියල්ල දෙස උපේක්ශවෙන් බල සිටිනා ඔබේ සැමියා, දරුවගේ පියා පිලිබද ඔබ මොහොතක් සිතුවාද? මවක් වීමට පෙර ඔබේ හැම තත්පරයක්ම ඔහු වෙනුවෙන් කැප කල ඔබ අද ඔහු කෙරෙහි දක්වන අවධානය මඳක් අඩු වී ඇති ලෙසක් ඔහුට හිතෙන්න පුළුවන.

දහසකුත් දෙනා අද සමාජයේ වැලන්ටයින් දිනය බොහෝ ආටෝප සහිතව සමරද්දී ඔබ ඒ දිනය සරළව සැමරීමට ඔබේ ආදරණීය ස්වාමි පුරුෂයා වෙනුවෙන් වෙන් කළ හැක.

ඒකාකාරී කාර්ය බහුල ඔහුගේ ජිවිතය ඔබ හා දරුවා වෙනුවෙන් කැප කල ඔහුට ඔබේ ආදරය දැක්වීමට ආදරවන්තයන්ගේ දිනය ඔබට යොදා ගත හැක. ඔහු වෙනුවෙන් පිලියෙල කල විශේශ රාත්රී භෝජනය මෙන්ම ඔහු වෙනුවෙන් මිලදී ගත් තිලිනය ඔහුව සතුටු කරවයි. ඔබේ දරුවා පැය කිහිපයකට  රැක බලා ගැනීමට කෙනෙක් වේ නම් ඔහු සමග නිවසින් බැහැර භෝජනයකට සහභාගී වීමය වඩ සුදුසු වේ.

ඔබට මෙවැනි සරළ දේවල් කිහිපයක් කිරීමෙන් මෙම දිනය මතකයේ සිටින සොඳුරු දිනයක් කල හැකියි...

  • උදේ අවදී වී දෙදෙනා එක මේසයේ සිට තේ/කොපි කෝප්පයක් පානය කරමින් සතුටු සාමිචියක යෙදිය හැකියි...
  •  එකිනකා වෙනුවෙන් ඔබ දක්වන ඇල්ම, ආදරය සහ කෘතවේදී භාවය පුංචි කොලයක, කාඩ් පතක ලියා ඔහුට/ඇයට පෙනෙන තැනක තබන්න...
  • වැලන්ටයින් නොවේ ඕනෑම දවසක වරින් වර ඔහුගේ/ඇයගේ මුවගට සිනා නැගෙන SMS පණිවුඩයක් යවන්න...
  • ඔහු/ඇය විශේෂ දිනයක් සමරන විට මල් පොකුරක් ඔහුගේ/ඇයගේ මේසයට තබන්න පුළුවන් නේද?
  • ඔහු/ඇය අගය කරන පුංචි තෑග්ගක් දීම මහා මෙරකටත් වඩා ඔහු/ඇය අගය කරනු ඇත... උදාහරණයක් ලෙස ඔබ තරුණ කාලයේ සතුටින් ඉන්න මොහොතක ගත්ත පින්තුරයක් රාමු කර දුන්නොත් දෙන්නටම එක දකිද්දී සතුටක් දැනෙනවා නේද?
  • ඔබ මුලින්ම හමුවූ තැන, මුලින්ම කෑම් වේලකට ගිය ආපන ශාලාව හෝ ඔබේ ජීවිතයේ සතුටින් ගත කල ඕනෑම තැනකට කෙටි චාරිකාවක් කිරීමත් ඔබේ මතකයන් අවදි කර ආදරය ප්රාණවත් කිරීමට ඉවහල් වෙයි...

මේ ආදී වශයෙන් බලන විට ඔබට පෙනේවි අධික වියදමක් නොදරා සුන්දර වැලන්ටයින් දිනයක් ගත කිරීමට ඔනෑම යුවලකට තවමත් ඉඩ තියන බව... ඒ වගේම ඉහත කී දේවල් වැලන්ටයින් දිනයට පමණක් නොවේ ඔනෑම දිනයක කිරීමෙන් ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවය තවත් ශක්තිමත් වෙයි...

මෙය කියවන ඔබ සැමියෙකු නම්, ඔබේ බිරිද මවක් නම් දරුවන් සමග ගෙවන කාර්ය බහුල ඒකාකාරී ජිවිතයට එක් නිවඩුවක් ලබා දෙන්න. පැය කිහිපයකට ඇය දරුවන්ගේ වගකීමෙන් මුදවා ඔබත් සමග කාලය ගත කිරීමට ඉඩ සලසා දෙන්න. ඇය රාත්රී භෝජනයකට අවන්හලකට කැදවා ගෙන යන්න. ඇය වෙනුවෙන් තිලිනයක් ලබ දෙන්න. අතීත මතක සමග පිලිසදරේ යෙදෙන්න. එ ඉ මොහොත ඔබ නැවතත් ආදරවන්තයෙකු කරවයි.

මේ ලිපිය කියවීමෙන් පසු ඔබ සිතට තවත් අදහස් ආවාද? අපි සමග පහත ඇති කොටුවේ එය බෙද හදා ගන්න අමතක කරන්න එපා... එය අනිත් යාලුවන්ටත්, කියවන්නන්ටත් ඉතාම ප්රයෝජනවත් වෙයි...

අපි ඔබට සතුටු දායක වැලන්ටයින් දිනයක් සහ ආදරය පිරුණු අනාගතයක් ප්රාර්ථනා කරමු. මෙම ලිපිය ප්රයෝජනවත් වූ බව සිතේ නම් ඔබේ අනෙකුත් මිතුරියන්ටත් පහත (recommend) ක්ලික් කිරීම මගින් බෙදා දෙන්න. ස්තුතියි.

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook