තුන් මසක් වයසැති ඔබේ දරුවා

Hits: 35971 times

දරුවාගේ සීග්ර වර්ධනය දකින ඔබ සිත සතුටින් ඉපිල යනු නොඅනුමානයි. මෙම කාලයේදී දරුවාගේ වර්ධනය පිලිබඳව නිතර සොයා බැලීම වැදගත්. ඔබ දකීවි මෙම කාලයේදී දරුවාගේ මුවේ සිනහ රැල්ලක් නැගෙන ආකාරය. මේ සමග ඔබේ දරුවාගේ මානසික වර්ධනයත් සිදු වෙනවා.

a) දරුවාගේ හැසිරීම අධ්යයනයේ කරන්න 

මෙම අවධියේ දරුවා බාහිර රූප සහ ශබ්ධ වලට ප්රතිචාර දක්වන අතර එමගින් යම් දෙයක් ඉගන ගනු ඇත. විශේෂයෙන්ම දරුවා ස්වකීය පෞරුෂත්වයක් ගොඩ නගා ගන්නා අතර ඔහු හෝ ඇය වඩා ප්රිය කරන පුද්ගලයින් හඳුනා ගනු ඇත. මෙහි ඇති අභියෝගාත්මක තත්ත්වය වන්නේ දරුවා ඔබට හෝ ස්වාමිපුරුෂයාට හෝ ඔබේ පවුලේ යට ලං වූ විට වෙනත් පිරිසක් ඇති අවස්ථාවල දරුවා මඳක් අපහසුතාවයෙන් හෝ නොසන්සුන් කමින් පසුවීමට ඉඩ ඇති වීමයි. මෙය ඉතා සාමාන්යයයි.

b) දරුවා සමග කතා කරන්න

ඔබේ දරුවාගේ ශ්රවණය, භාෂා හැකියාව, ගඳ සුවඳ තෝරා ගැනීම, මතකයන් සහ හැගීම් ආදිය මෙම අවධියේ සීග්ර ලෙස වර්ධනය වීම ආරම්භ වෙයි. එනිසා ඔබ දරුවා සමග නිතරම කතා බහ කල යුතුය. දරුවා කිසිවක් කතා නොකරනු ඇත. නමුත් දරුවා ඔබ කියන දේවල් අසමින් යමක් උගනිනු ඇත. එමගින් දරුවා බහ තෝරණ වයසට එන විට වචන ඉගන ගැනීමත් අදහස් ප්රකාශ කිරීමත් ඉතාම පහසුවෙන් ඉගන ගනු ඇත. නමුත් දරුවා ප්රබෝධයෙන් නොසිටින බව දැනුනොත් ඔහුට හෝ ඇයට විවේකයක් දෙන්න.

c) දරුවාගේ කායික ක්රියාකාරකම් වලට අනුබල දෙන්න

මෙම වයස වන විට දරුවා තව තවත් ක්රියාකාරී වනු ඇත. මෙම වයසේදී දරුවාගේ ඇත පාවල සන්ධි වල නම්යතාව වැඩි වී ඇති නිසා දරුවා කැමති සරළ ක්රියාකාරකම් කිහිපයක නිරත වන්නට අනුබල දෙන්න.

d) තවත් වැදගත් දේවල් කිහිපයක්

මෙම වයස වන විට දරුවා පැය 15ක් පමණ නිදා ගැනීමට ඉඩ ඇත. සමහර විට රාත්රියේ පැය 5ක් පමණ එක දිගට නිදා ගැනීමටත් ඉගන ගනීවි. දරුවාගේ කිරි පෙවීම පැය 3කට හෝ 4කට වරක් කිරීම සුදුසුය. බර වැඩි වීම කිලෝ භාගයක් හෝ එයට මඳක් වැඩි ප්රමාණයක් විය හැක. දරුවා මෙමෙ අවධිය වන විට ඔබේ මුහුණ හඳුනාගෙන ප්රතිචාර දක්වනු ඇත.

e) ඔබේ අවධානයට

ඉහත ආකාරයේ වර්ධනාත්මක ලක්ෂණ ප්රමාද නම් මඳක් විමසිලිමත් වන්න. දරුවා රූපයට හා ශබ්ධයට ප්රතිචාර නොදක්වයි නම් වෛද්ය උපදෙස් පැතීමටත් සිදුවේ.
..........

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

Related Articles 

දරුවා කතා නොකලත් ඔබට කියන දේ 

Help Your New Born to Sleep Better

ඔබේ දරුවාගේ පළමු සති කිහිපය

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook