ඔබේ අලුත උපන් ළදරුවාට සුව පහසු නින්දක් සලසන්නේ කෙසේද?

Hits: 38977 times

අලුත් උපන් දරුවන් එකිනෙකාට වෙනස් වේ. නමුත් සමහර සමානකම්ද දැක ගත හැක. ඔබේ බිලිදාට  මෙලොව  නුහුරු නුපුරුදු අලුත් තැනකි. පරිසරය හුරු වන්නට මෙන්ම නිදන්නටද ඔබේ උපකාරය අවශ්ය වේ.
මෙම ලිපිය මගින් ඒ සදහා ඔබට ගත හැකි ක්රියාමාර්ග කිහිපයක් දක්වමු 

තොටිල්ල පිරිසිදුව තබන්න.

ප්රථමයෙන් බිලිදාගේ කාමරය තුල නිදන්නට සුදුසු පරිසරයක් ඇති කරන්න.තොටිල්ල සහ ඒ අවට සෙල්ලම බඩු සහ අනෙකුත් දේ වලින් තොරව නිදන්නට සුදුසු පරිසරයක් ලබා දෙන්න.නැතහොත් නිදන වේලාව සහ සෙල්ලම් කරන්න වේලාව හදුනා ගැනීමට දරුවට අපහසු වේ.

පරිසර උෂ්ණත්වය ගැන සැලකිලිමත් වන්න.

සුවපහසු නින්දක් සදහා දරුවට සුදුසු උණුසුම් නැති පරිසරයක් සැකස දෙන්න. බොහෝ මව් වරුන් දරුවා අධික ලෙස උණුසුම් කරයි. එය සුදුසු නොවේ. තොටිල්ල තබන ස්ථානය පිළිබද සැලකිලිමත් වන්න. අධික උණුසුම්, අධික සීතල හෝ පරිසර උෂ්ණත්වය එකවර වෙනස් වන ස්ථාන සුව පහසු නින්දක් සදහා බාධා පමුණුවයි.

අඩු දීප්ති ආලෝකය ලබා දෙන්න.

රාත්රී ආලෝකකරණය පිළිබද අමතක කරන්න.මස 18ක් යනතුරු බිළිදා අදුරට බය නොවේ. එ සේම ආලෝකය නින්දට බාධාවක් විය හැක. ඒ නිසා අනවශ්ය ආලෝකය ලැබිය හැකි අවස්ථා මග හරින්න.
 

මිහිරි ශබ්ද ඇසෙන්නට සලසන්න.

ගෝෂාකාරී වාහන හද මෙන්ම අනෙකුත් අවට පරිසරයේශබ්ද දරුවාට පීඩාකාරී විය හැක.ඒ නිසා හැකි තරම් මිහිරි වාදනයක් හෝ මුහුදේ හෝ සුළගේ ස්වභාවික ශබ්ද දරුවට ඇසෙන්නට සලසන්න.

වැදගත් කරුණු කිහිපයක්:

දරුවා සුවෙන් නිදන්නට ඔහු හෝ ඇය ලබන ආහාරත් බලපානවා. අපගේ වීඩියෝවක ඔබ දකින්න ඇති දරුවාට නිසි ලෙස කිරි පෙවීමේ වැදගත් කම. ඒ වගේම ළමා රෝග පිලිබඳ විශේෂඥතුමන් සඳහන් කළා දරුවා නින්දෙන් නැගිට්ටවමින් කාල සටහනකට කිරි පොවන්න එපා, දරුවා බඩගිනි වෙන වෙලාවට කිරි පොවන්න කියා. එනිසා දරුවා ඉල්ලන විට ඔබේ වම් සහ දකුණු තනපුඩු වලින් සමාන කාලයක් (විනාඩි 10 සිට 20 දක්වා විය හැක) කිරි උරන්න සලස්වන්න. (කිරි බීම පිලිබඳ අසාමාන්‍ය තාවක් තිබේ නම් වෛද්‍ය උපදෙස් පතන්න)

මාස 3 කට අඩු දරුවෙක් දිනකට පැය 18ක් දක්වා නිදා ගැනීම සාමාන්‍ය වේ. එසේම එය දරුවාගේ වැඩීමට ඉතා ප්‍රයෝජනවත්!

English Article Click Here

...................

Verified by Dr Ravi Liyanaarachchi

...................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

...................

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook