ඔබත් කාර්ය බහුල මවක්ද?

Hits: 24924 times

දෙමාපියන් වීම උපදෙස් අත්පොතක් සහිතව ඔබේ ජිවිතයට පැමිණෙන අභියේගයක් නොවේ. විවිධ අවස්ථා වල විවිධ සිදුවීම් වලට ඔබට මුහුණ දීමට සිදු විය හැක. රැකියාවක් කරන කාර්ය බහුල මවක් ලෙස ඔබ බොහෝ අභියෝග වලට මුහුණ දෙනවා ඇත. මෙම ලිපිය කාර්ය බහුල ඔබ වෙනුවෙනි.

වර්තමාන ආර්ථික සහ සමාජ තත්වය අනුව මව සහ පියා දෙදෙනාම රැකියා කිරීම සාමාන්‍ය සිදු වීමකි. මේ නිසා බොහෝ මව්වරු ඉතා කාර්ය බහුල තත්වයට පත්වී සිටි. රැකියාව, තම දරුවා මෙන්ම පවුලේ අනෙකුත් වැඩ කටයුතු සමබරව කරගෙන යාම මවගේ යුතුකම මෙන්ම වගකීමක් වේ. මෙම සමබර බව ආරක්ෂා කරගැනීමට ඔබට මෙම ලිපිය යම්තාක් දුරකට උපකාරී වනු ඇත.

 

* ඔබේ අභියෝගය

සමහර අවස්ථාවල දරුවන්ගේ වැඩ කටයුතු නිසා අනෙකුත් වැඩ මග හැරීමක්, එසේත් නැත්නම් අනෙකුත් වැඩ කටයුතු නිසා දරුවන්ගේ වැඩ මග හැරීමක් වැනි වරදකාරී හැගීමක් ඔබට දැනෙනු ඇත. දරුවන්ගේ ආරක්ෂාව පෝෂණය පිළිබද ගැටළු වලට ඔබ නිරන්තරයෙන් මුහුණ දේ. දරුවා අසනීප අවස්ථාවේදී රැකියාවට අවධානයෙන් එම වැඩ කටයුතු කිරීමට නොහැකි වීම නිසා ඔබ මානසික ආතතියට පත් විය හැක. විවිධ අවස්ථාවල පැන නගින අනෙකුත් ගැටළු සමග දරුවන්ගේ වැඩ කටයුතු සහ රැකියාවේ කටයුතු සමබරව කරගෙන යාම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

* ඔබට කල හැකි දේ

පෙර සිටම ඔබේ සහ දරුවාගේ වැඩකටයුතු සදහා කාලය කළමනාකරණය කිරිම මෙම ගැටලුවට පිළිතුරක් ලබා දේ. මව සහ පියා දෙදෙනාම සාකච්චා කොට වගකීමෙන් කටයුතු කිරීමෙන් මම තත්වය බොහෝ දුරට මග හැරී යයි. එහිදී මේ ගැනත් සිතන්න..

  • - මුලිකත්වය දියයුත්තේ කුමකටද?
  • - කවුරුන් කුමන කටයුත්ත කරනවාද?
  • - දරුවා අසනීප වූ විට හෝ පාසලේ කටයුතු සදහා කාලය යොදවන්නේ කවුද?
  • - සහකරුවා සහ පවුලේ අය සමග කාලය ගත කරන්නේ කෙසේද?
  • - ඔබ සහ ඔබේ විවේකය වෙනුවෙන් කාලය සොයා ගන්නේ කෙසේද?
  • - පවුලේ සියලු දෙනා එක්ව සිටීමට කාලය වෙන් කරන්නේ කෙසේද?
  • - එක් එක් දරුවා වෙනුවෙන් වෙන වෙනම කාලය බෙදා ගන්න.

* සතියකට වරක් පවුලේ සුහද හමුව

සතියකට වරක් පවුලේ සුහද හමුවක් පවත්වන්න. ඔබ, ඔබේ දරුවා සහ සැමියා අතර සම්බන්දතාවය වර්ධනයට මෙය මහත් රුකුලක් වේවි. ඔබ අදහස් අනෙකුත් සාමාජිකයන්ගේ අදහස් සමග හුවමාරු කර ගන්න. ඔබේ සතියේ සැලසුම ඔවුන් සමග සාකච්චා කරන්න. උපදෙස් ලබා ගන්න. එසේම ප්‍රණීත ආහාර පාන මෙම අවස්ථාවට යොදා ගැනීමට ඔබට පුළුවන. සති අන්තයේ සවස තේ පානය හෝ රාත්‍රී ආහාර වේල මේ සදහා සුදුසුම කාලයයි.

* වෙළඳ පොලට යාම

ගෙදරට අවශ්‍ය බඩු ලැයිස්තුවක් සකස් කරන්න. මෙය කුස්සියේ බිත්තියේ එල්ලීමට හැකි පොතක් (note pad) නම් වඩා පහසුයි. එදිනෙදා අවසන් වන හෝ මිලදී ගත යුතු දෑ එහි සටහන් කරන්න. ඒ වගේම හැම සතියකට වරක්, හැම මසකට වරක් ඔබ අනිවාරයෙන් ගන්න දේවල් ලැයිස්තුව මුද්‍රණය කර චායා පිටපතක් තබා ගන්න. එවිට ඔබ මිලදී ගැනීම් කිරීමේදී අවශ්‍ය දේ අතපසු වීම වලක්වා ගත හැක. වරින් වර වෙළඳ පොලට යාමේදී වන කාලය සහ මුදල් නාස්තිය වලකා ගත හැක. දරුවන් නිතර කැමති ආහාර සහ ඔවුනට පෝෂණය ලබාදෙන ආහාර නිවසේ නිතර ගබඩා කර තබා ගැනීම ඔබට පහසුවක් වනු ඇත.

* ඉරිදා ඉතා වැදගත් දිනයක්!

ඉරු දින සැන්දෑව එළබෙන සතියේ වැඩ කටයුතු සදහා වෙන් කරන්න.ඔබේ රැකියාවට යාමට අවශ්‍ය ඇදුම්, දරුවාගේ පාසල් ගමනට අවශ්‍ය දේවල් සුදානම් කර ගන්න. ඔබේ දින පොතේ සදහන් විශේෂිත දින ( උපන් දින, සංවත්සර, වෙනත් උත්සව) පිළිබද අවධානය යොමු කරන්න. මෙය ඔබත් ඔබේ දරුවත් එකිනෙක සමීප වීමට කාලය ඉතුරු කරයි. හැකි සැම විටම සියලු කටයුත් සමබරව කරගෙන යාමට උත්සහ ගන්න. එපමණක් නොව, විශාල ප්‍රමාණයේ අකුරු ඇති දින දර්ශනයක් බිත්තියේ එල්ලා තබා වැදගත් දිනයන්, වැදගත් වැඩ ආදිය ලියා තබන්න. හැමදාම උදේට එය දෙස බලා එදිනටත්, මතුවට එන දින කිහිපයටත් අවශ්‍ය පෙර සුඋදානම කිරීම ඉතා පහසු වෙයි ඔබටත්.

* දරුවා සමග හොද සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාම

රැකියාව සහ පවුලේ වැඩ කටයුතු සමබරව කර ගෙන යාම සුදුසු වුවද, සමහර විට දරුවා වෙනුවෙන් වැඩි කාලයක් ගතකිරීමට ඔබට නොහැකි වන්නට පුළුවන.ඔබේ දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක දහවල් දවස ගත කරන්නේ නම්, දරුවා අනෙකුත් දරුවන් සමග සිටින නිසා ඔබ නැති අඩුව දැනීම අඩු වන්නට පුළුවන්. කෙසේ වෙතත් එසේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට දරුවා යොමු කිරීමේදී දරුවාගේ ආරක්ෂාව පිළිබද වඩාත් කල්පනාකාරී විය යුතු වේ. එලෙසම ඔබ සහ දරුවා අතර යහපත් සබදතාවයක් පවත්වා ගැනීමට අමතක නොකරන්න. ඉඩ ලද සැම විටම දරුවා සමග අදහස් හුවමාරු කර ගන්න. එසේත් නැතිනම් ඔබේ අවධානය ලබා ගැනීමට දරුවා විවිධ අනවශ්‍ය ක්‍රම අත්හදා බලාවි. එම නිසා ඔබේ අවධානය සම විටම දරුවා වෙත යොමු වී ඇති බව දරුවට දැනෙන්නට හරින්න.

.................

This is the Sinhala Adaptation of "Are You a Busy Mom?". මෙය "Are You a Busy Mom?" ලිපියේ සිංහල අනුවාදයකි

...................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

...................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

...................


Follow us on Facebook

Join Our Community

Sign in with Facebook