දරුවාගේ වර්ධනයට අහාර හා පෝෂණය පමණක් ප්‍රමාණවත් නොවේ!

Hits: 3196 times

දස මාසයක් කුස තුල දරාගෙන සිටි කාලයේ පමණක් නොවේ, තවත් කාලයකට පෙර සිටම ඔබ සිහින මවමින් සිටියේ ඔබේම දරු සිඟිත්තෙක් මේ ලෝකයට දායාද කර ඔහුව හෝ ඇයව සමාජයට වැඩදායක පුරවැසියෙක් කරන්නයි. ඉතින් ඒ වගේ පවුලටත්, රටටත් ලොවටත් වැඩ දායක පුරවැසියෙක් වෙන්න නම් කුඩා කාලයේ සිටම නිසි ලෙස දරුවා ශාරීරික සහ මානසික වශයෙන් සම බරව වැදෙන්න ඕන. අපි දන්නවා අද ලෝකයේ හැඩි දැඩි සිරුරු ඇතත් මොළය භාවිතා නොකරන, ඒ වගේම දැන උගත් කම් තිබුනත් නිසි ලෙස හැසිරෙන්න නොදන්නා අයගෙන් අපේ සමාජය පිරී ගිහිල්ලා. අද බලමු අපි දරුවා මෙවැනි තත්වයකට නොයන්න කොහොමද මුල් ළමා වියේ සංවර්ධනයට අපි උදවු වන්නේ කියා...

 නිසි ලෙස ඔබේ ආදරය දරුවාට පෙන්වන්න

දරුවන්ට පමණක් නොවේ, වැඩිහිටියන්ටත් ආදරය අවශ්‍යයි. ඉතින් කුඩා දරුවන් ඔබ වචනයෙන් නොකීවත් ක්‍රියාවෙන් දක්වන ආදරය තේරුම් ගැනීමට සමත්. මුල් ළමාවියේ ඔබේ ආදරය දරුවා ලෝකය දකින්නට සුදානම් වෙද්දී දමන හොඳ අඩිතාලමක්. එය ඔවුන්ගේ සිත් තුල ආත්ම විශ්වාසය ගොඩ නංවනවා. එම ආදරය ඔවුන්ගේ ශාරීරික වගේම මානසික වර්ධනයටත් බොහෝ සේ ඉවහල් වන බව නොරහසක්. ඉතින් එසේ වර්ධනයට උදවු වන්නේ කෙසේද? මුල් කාලයේ දරුවා වචන දන්නේ නැහැ. නමුත් දරුවාට පුළුවන් ඔබ දරුවාව සුරතල් කරන ආකාරයෙන්, ඔබ දරුවා වඩාගෙන, තුරුළු කරගෙන සහ ඔබේ උණුසුම දැනෙන්න සලස්වන ආකාරයෙන් ඔබේ ආදරය තේරුම් ගන්න. ඒ වගේම දරුවා සමග නිතර කථා කරන්න (දරුවා තවම කථා නොකලත්). දරුවා බහ තොරන විට මුමුණන වචන අනුමත කරමින් හිස සලමින් එයට රුකුල් දෙන්න... මුල් මාස දෙක තුල දරුවා හඬන විට එයට අවධානය යොමු කර දරුවා වටහා ගන්න. එවිට දරුවා ඔබව විශ්වාස කරාවි. ඔබ සමග බැඳීමක් ඇති කර ගනීවි. මේ සියල්ල මගින් ඔබට දරුවා සතුටින් වැඩෙන මනසින් පිරිපුන් චරිතයක් බවට පත් කරනු නොඅනුමානයි.

දරුවාගේ අනිවාර්ය අවශ්‍යතා ගැන අමතක කරන්න එපා

ඔබේ දරුවා සෞඛ්‍ය සම්පන්න ලෙස වැඩීමට ලබාදෙන එන්නත් ඉතාම වැදගත්. ඒ වගේම අපි මෙයට පෙර සඳහන් කල ආකාරයට අලුත උපන් දරුවකු අනිවාර්යෙන් බඳුන් කල යුතු සෞඛ්‍ය පරීක්ෂා වලට ලක් කරන්නත් අමතක කරන්න එපා. එම පරීක්ෂණ පිළිබඳව මෙම ලිපියේ අග අපි සඳහන් කරමු. නිසි කල පැමිණි පසුව පමණක් ඝන ආහාර ලබා දීම ආරම්භ කරන්න පුළුවන්. එසේ ඝන ආහාර දෙන විටත් අනිවාර්යෙන්ම පෝෂණ ගුණය ගැන, හැකිතරම් ස්වභාවික ආහාර ලබාදීම ගැන සැලකිලිමත් වන්න.

 නින්ද ඉතාම වැදගත්

අලුත උපන් දරුවෙක් දවසේ වැඩි කාලයක් නිදා ගැනීම සාමාන්‍ය දෙයක්. ඔබ ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. නමුත් මාස ගණන ගත වන විට නිදා ගන්න ප්‍රමාණය අඩු කරනු ඇති. දරුවා අලුතින් දකින ලෝකය දෙස උද්යෝගයෙන් සහ කුතුහලයෙන් බලමින් ඉගන ගන්න පටන් ගන්නවා. හැබැයි ඒ උද්යෝගය සමග දරුවා මහන්සියට පත්වන නිසා වරින් වර නින්දක් ලබා දීමට උත්සහ කරන්න. මෙම නිදා ගන්නා අවස්තාවලදී දරුවාගේ මොළයේ සෛල අතර සම්බන්ධතා ගොඩ නැගෙනවා. එවිට දරුවාට අලුතින් ඉගන ගන්න දේවල් වේගයෙන් ග්‍රහණය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එමගින් දරුවාගේ පෙනීම, ඇසීම, රස දැනීම, ස්පර්ශය සහ සුවඳ දැනීම යන සියලු ඉන්ද්‍රියන් හොඳින් වර්ධනය වනු ඇති.

 කිරි දීම

දරුවාගේ ජීවිතයේ මුල් මාස හය තුල නම් කෙසේ හෝ කිරි පෙවීම අනිවාර්යයි. එයිනුත් දරුවාට ලොව ඇති සුදුසුම දෙය වන්නේ මවු කිරි දීමයි. මාස 6 ගත වීමට පෙර මවුකිරි දීම හෝ කිරි දීම නවත්වනවා නම් එය කල යුත්තේ නොවැලැක්විය හැකි හේතු මත පමණක් වෛද්‍ය උපදෙස් මත පමණි. මවු කිරි බොන දරුවන්ට අඩුම සහ වෙනත් ස්වසන රෝග, පාචනය, කන්වල ආසාදන ආදිය ඇතිවීම ඉතා අඩු බව පෙනී ගොස් තිබෙනවා. දරුවාට කිරි දෙන විට නිතරම ඔබේ උණුසුම ලැබෙන සේ තුරුළු කර ගෙන සිටීමත්, දරුවාගේ දෙනෙත දෙස බලා දරුවා සමග හොඳ සම්බන්ධයක් ගොඩ නගා ගැනීමත් ඉතා වැදගත්.

දරුවාට කථා කරන්න, කතන්දර කියා දෙන්න

දරුවා ඉතා කුඩා අවධියේ පටන් (එපමණක් නොවේ දරු ගැබටත්) හොඳින් කථා කරන්න. ඔවුන් අනිත් අතට යමක් නොකීවත් ඔවුන්ගේ සිත තුලට මෙම වචන කාවදිනවා. ඔවුන් ටික ටික වචන ගැනත් ලෝකය ගැනත් එයින් ඉගන ගනීවි. ඔබ කරන දේවල් දරුවාට විස්තර කරමින් කරන්න. දරුවා ගැන අගුණක් අනෙක් අය ඉදිරිපිට කියන්න එපා. ඔබ නිතරම දරුවා ධනාත්මකව වර්ධනය කල යුතුයි. මාස කිහිපයක් යන විට දරුවාට පින්තුර කතා පොත් ලබා දෙන්න. මුලදී සමහර විට ඔවුන් ඒවා ඉරා දමාවි, නමුත් ටිකෙන් ටික එහි ඇති දේවල් වලින් ඔවුන්ගේ මොළය පෝෂණය වනු නිසැකයි. 

එහා මෙහා දැන ගෑමට සහ ඇවිදීමට ඉඩ දෙන්න

දරුවාගේ පරිස්සම වෙනුවෙන් සමහර විට දෙමවුපියන් දරුවා කූඩු කරනු දකින්නට පුළුවන්. මෙය දරුවාගේ වර්ධනයට බාධාවක්. හැම දෙයකටම එපා කියමින් දරුවාගේ පෞරුෂය බිඳ හෙලන්න එපා. ඒ වෙනුවට දරුවාට හානියක් විය හැකි දේවල් (Plug Points විදුලි පේනු, කැපෙන දේවල්, නාසයේ/ඇසේ ඇන ගන්නා දේවල් ආදිය) ඈත් කර තබන්න. හැබැයි යමක් තේරෙන වයස එන විට එම දේවල් අතින් අල්ලා නිවරදිවා භාවිතා කරන අයුරු පෙන්වන්නටත්, කරන්නට ඉඩ දෙන්නටත් අමතක කරන්න එපා. ඔබේ නිවස වටා ඔබගේ අධීක්ෂණය යටතේ දරුවාට සැරි සරන්න ඉඩ දෙන්න. එවිට දරුවාගේ ලෝකයේ නිම් වළලු ඉබේම පුළුල් වේවි.

මේ දේවල් ඔබත් දරුවාට ලබා දුන්නොත් අපි ආරම්භයේ කියූ පවුලටත්, රටටත්, ලොවටත්, වැඩ දායක දුවෙක් පුතෙක් ලෙස ඔවුන් හැදෙන වැඩෙන බවට සැකයක් නැහැ...

.................

Article verified by: Dr. (Mrs) Kaushalya Mendis 

.................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි! 

If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook