ඔබේ දරුවාගේ කථන වර්ධනය

Hits: 33035 times

දරුවෙකුගේ වර්ධනය කොටස් කීපයකින් සමන්විත වේ. කථන වර්ධනය, සමාජීය වර්ධනය සහ දළ හා සියුම් චාලක වර්ධනය වශයෙන් දරුවාගේ වර්ධනය කොටස් කීපයක් වේ. මෙහිදී අප දරුවාගේ සාමාන්‍ය කථන වර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු

 ඔබේ දරුවා කතා කිරීමට උත්සහ කරනවද? ඔබේ දරුවා කතාකිරීමට ප්‍රමාද ද? ඔබේ දරුවා වචන කතාකරනුයේ කුමන වයසේදීද? ඔබේ දරුවා වයසට සරිලන කථන වර්ධනයක් ලබා ඇත්ද? මෙවැනි ගැටළු රැසක් ඔබට ඇති බව නොඅනුමානයි.

 

වචන නොකියා කතා කරන ඔබගේ දරුවා

මසක් වයසැති ඔබේ බිළිඳා තම අවශතාවයන් සපුරා ගනු ලබන්නේ  ඇඬීමෙණි. ඇඬීමට අමතරව බිළිඳා “ගු, කු” වැනි ශබ්ද (Cooing) නගන බව ඔබ අවධානය යොමුකළහොත් ඇසීමට හැකිවේ.  එහෙත් මෙම ශබ්ද බිළිඳාගේ ප්‍රත්‍යාවර්ති ශබ්දයක් බැවින් එය බිළිඳාගේ කථන හැකියාව පිළිබිඹු නොකරයි.

බිළිඳා තම දෙවැනි මස තුලදී  ඇඬීමේ වෙනස්කම් පෙන්නුම් කරනු ලැබේ. උදාහරණයක් ලෙස බිළිඳා ගේ ඇඬීම ආහාර අවශතාව සඳහා ද නැතහොත් වෙනයම් අවශතාවයක් සඳහා ද යන්න ඔබට තේරුම් ගැනීමට 

හැකියාවක් බිළිඳාගේ  දෙවැනි මස තුලදී  ඔබට හැකිවේ.

වයස මාස 4 - 6 වන විට දරුවා “ප, මා, බා” වැනි ශබ්ද (Babbling) නගයි. මෙම ශබ්ද දරුවාගේ කථනයේ මුලපිරුම වුවද, මෙම ශබ්ද වචන ලෙස සැලකිය නොහැකිය. වචනයක් යනු දරුවා අර්ථාන්විතව නිපදවන්නකි. මෙම අවදියේදි, දරුවා ගේ මුවින් පිටවෙන “මමා, පපා” වැනි ශබ්ද බොහෝ දෙමව්පියන් වචන ලෙසට වැරදි නිගමනයන් වලට එළඹේ. මෙම අවදියේදි දරුවා තම හඬ වෙනස් කරමින් ශබ්ද නැගීමට පෙළබේ. එනම් සතුට, අසතුට ප්‍රකාශ කිරීම සඳහා හඬ වෙනස් කිරීමට පෙළබේ. මෙයද දරුවා කතාකරන බවට වැරදි නිගමනයන් සඳහා එළබීමට මග පාදන්නකි.

දරුවා මව් බසට හුරුවීම

දරුවා වචන කීමට ආරම්භ කරනුයේ වයස මාස 7 පමණ වන විටය. වයස මස 7-8 වනවිට දරුවා වචන කීම ආරම්භ විය යුතු වුවත්, සමහර දරුවන් මස 9-10 ලෙසද සුළු පමාවීමක් ද දක්නට පුළුවන. කෙසේවුවත් දරුවා ගේ වයස අවුරුදු 1 ක් වීමට පෙර දරුවා වචන කථා කරනු ඇත. 

වයස අවුරුදු 1-2 වනවිට දරුවා හට වචන 2ක් එකතු කර කතා කිරීමේ හැකියාව ලැබේ. මෙම වචන එකතු කර කතා කිරීමේදී නිවැරදි අර්ථයක් නොලැබුනද යම් අර්ථයක් ලබාගැනීමේ හැකියාවක් ඔබ සතු වේ.

වයස අවුරුදු  2-3 වනවිට දරුවා වචන 3ක් එකතු කර කතා කරනු ඇත. මෙම වයස වන විට “ක, ග, ඩ, ට, න’’ වැනි ශබ්ද භාවිතය ඔබට නිරීක්ෂණය කිරීමට හැකිවේ. කථනය අර්ථාන්විත වේ.

දරුවාගේ වයස 3- 4 වන විට දරුවා වචන 4ක් හෝ 5ක් එක් කර කතා කරන්නට පටන්ගනු ඇත. මෙම වයස වන විට “ෆ,ර, ල ස” වැනි ශබ්ද ද, වයස අවුරුදු 4-5 වන විට “ච,ෂ,ජ’’ වැනි ශබ්ද ද දරුවා නිපද වනු ලබයි. 

දරුවා සියළුම ශබ්ද නිසියාකාරව නිපදවන විට වයස අවුරුදු 7 ක් පමණ වේ.

ඔබේ දරුවා ඒ ඒ කාල වලට නියමිත කථන වර්ධනය නොමැති යැයි හැඟෙන්නේනම් හැකි ඉක්මනින් ඔබගේ ළමා විශේෂඥ වෛද්‍යවරයා  හමුවන්න. තවද දරුවාගේ කථනයේ ගැටළු ඇතිනම් ඒ සඳහා කථන චිකිත්සක වරයකුගේ සහය ඔබට ලබාගත හැක. ඉදිරියේදී දරුවන්ගේ කථනය හා සම්බන්ද ගැටළු සාකච්ඡා කිරීමට අපි බලපොරොත්තු වෙමු.

.................

අංගාරා කුලරත්න මිය

ශ්‍රවනවේදී සහ කථන හා භාෂා ව්‍යාදීවේදී,

රෝසේත් පෞද්ගලික රෝහල

අම්බලන්ගොඩ.

.................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න
.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

 .................

 


Follow us on Facebook

Join Our Community

Sign in with Facebook