ඔබේ සිඟිත්තාගේ කිරි දත් පෙළ දකින්නට සූදානම්ද?

Hits: 26351 times

“රන් ටිකිරි සිනා… මුව මුවා පාලා...” ඔබේ දරු පැටියාත් එසේ මුතු කැට පෙළක් වන් දත් විදහා හිනාවෙනු දකින විට සිතේ ඇති සියළු දුක් අමතක වී යනවා නේද? ඉතින් මෙසේ එන දත් දෙපළ මතුවන අයුරත්, එය කෙටි කලකින් වැටී ගියත් නිසි ලෙස ප්‍රවේසම් කරන අයුරුත් ඔබ දැනගත යුතුමයි...

කුඩා සිගිත්තන්ගේ දත් පැමිණීම එක් එක් සිගිත්තන් අත් විඳිනුයේ විවිධාකාරයෙනි. ඒ දත් පැමිණීම ආරම්භ වීමත් සමග ඔවුනට දැනෙන වේදනාවේ තරම මතයි.

මෙම ලිපිය හරහා අප ඔබ වෙත ගෙන එන්නේ කුඩා දරුවන්ගේ දත් පැමිණීම හදුනාගෙන, එහිදී ඔවුනට අත්විදින්නට සිදුවන අපහසුතා මගහැරීමට ඔබට ගත හැකි ක්‍රියා මාර්ග පිලිබදවයි.

දරුවාගේ දත් පැමිණෙන බවට ලකුණු

දරුවාගේ මෙම ලක්ෂණ දින කිහිපයක්, දත් පැමිණීම ආරම්භ වන විට හෝ මාස කිහිපයක් දිගු  කලක් පවතින ලෙස, දත් කිහිපයක් කණ්ඩායමක් වශයෙන් පැමිණීමේදී දරුවා තුල ඇති විය හැකියි. නමුත් ඉතා කලාතුරකින් මෙම ප්‍රශ්නයට මුහුණ දීමට සිදු නොවන කුඩා දරුවන්ද සිටියි.

මෙහිදී අප සැලකිලිමත් විය යුතු කරුණක් නම් දත් පැමිණීමේදී කිසිදු විශේෂ රෝගී ලක්ෂණයන් නොපෙන්විමයි. එම නිසා බොහෝ දරුවන් පෙන්වනුයේ නොරුස්සන ගතියකින් සිටීම, නිදා ගැනීමට පවතින අපහසුව සහ නිතර කෙළ වහනය වීම වැනි ලක්ෂණයි.

මෙම නිසා මෙම තත්වය පිළිබද ඇතිවිය හැකි ලක්ෂණ පහත දැක්වේ.

  • විදුරුමසට පහලින් දත් පැමිණීම දක්නට ලැබීම
  • විදුරුමස ඉදිමීමට ලක්වීම 
  • අතට හමු වන සෑම භාණ්ඩයම සැපීමට උත්සාහ කිරීම 
  • කෙළ වැගිරීම
  • නොරිස්සුම් ගතිය
  • නිදාගැනීමේ අපහසුව
  • අහාර පාන අප්‍රිය කිරීම
  • නිතරම කන් වලින් ඇදීම

යනාදි ලක්ෂණ ඔබගේ දරුවා පෙන්නුම් කරන්නේ මෙම තත්වය ඇති වුන විටකදී විය හැකියි. නමුත් බොහෝ විට සිදුවන්නේ මෙම තත්වය වෙනත් රෝගයක ලක්ෂණයක් ලෙස වරදවා තේරුම් ගැනීමයි.

පහත ලක්ෂණ දත් ඒමට සම්බන්ධ නොවේ! නොසලකා හරින්න එපා!

ඔබගේ දරුවාට අතීසාර (බඩ එළියේ යෑම)  තත්වයක් හෝ අධික උණ හෙම්බිරිස්සාව තත්වයක් පවතී නම් එය දත් පැමිණීමේ රෝගී ලක්ෂණයක් ලෙස සලකා නොසලකා හරිනට එපා. විශේෂයෙන්ම ඉහත කී තත්වයන් පැය 24කට වඩා පවතී නම් ඔබ වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුයි.

කිරිදත් පැමිණීම ප්‍රමාද වීම

සාමාන්‍යයෙන් දරුවන්ගේ කිරි දත් පැමිණීම ආරම්භ වනුයේ වයස මාස 4ත් 10ත් අතරයි. නමුත් මෙම කාලය තරමක් පසු වීම ඉතා සාමාන්‍ය දෙයක්. දත් පැමිණීම තරමක් ප්‍රමාද වුවද උසෙහි  සමෙහි හා කොණ්ඩය  වැවීමේ  වේගය සාමාන්‍ය නම් බිය විය යුතු කිසිදු හේතුවක් නැහැ.

නමුත් තවද ඔබගේ සිගිත්තගේ පළමු උපන්දිනය වනතෙක්ම දත් පැමිණීම ප්‍රමාද නම් එපිලිබදව ඔබගේ වෛද්‍යවරයා දැනුවත් කරන්න. ඔහු සිදුකල යුතු හොදම දේ තීරණය කරාවි. ඇතැම් විට දරුවාගේ මුවෙහි තැනින් තැන කිරි දත් හෝ ස්ථිර දත් නොමැති වීමට පුළුවන්.

නමුත් මෙම තත්වය පිළිබද  බිය විය යුතු නැහැ . වයස අවුරුදු 8 හෝ 9 වන විට මෙම තත්වය සදහා දන්ත වෛද්‍යවරයෙකු මගින් දත් අතර හිඩැස් අයින් කිරීමේ ක්‍රියාමාර්ග ලබා ගත හැකියි.

 .......

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

........

 


Follow us on Facebook

Join Our Community

Sign in with Facebook