පෙර ළමා විය වර්ධනයට වැදගත් වන සෙල්ලන් උපකරණ

Hits: 3143 times

ඔබ දැක තිබෙනවාද පූස් පැටවූ තමන්ගේ අම්ම සමග සෙල්ලම් අයුරු? ඒ අම්මලාට කිසිවෙක් කියා නොදුන්නත් ඔවුන් දන්නවා තම පැටියන්ට අනාගතයේදී දඩයමක් කර ගැනීමටත් මෙම ලෝකයේ බාධක වලට මුහුණ දීමටත් පුහුණුවක් අවශ්‍ය බව. ඉතින් අපේ දරුවන්ටත් බුද්ධියේ සහ පෞරුෂත්වයේ වර්ධනයට ක්‍රීඩා අවශ්‍යයි. කුඩාම කාලයේ ක්‍රීඩා කල හැකි සරළ ක්‍රීඩා සහ උපකරණ අප ඔබට මෙම ලිපිය හරහා ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.

ගොඩනැංවීමේ ක්‍රීඩා (building blocks)

මෙම බිල්ඩින් බ්ලොක්ස් ගැන අප බොහෝ දෙනකුට අමුතුවෙන් කිව යුත්තේ නැහැ. මොකද අපේ ළමා කාලයේත් මේවා දුටු නිසා. දරුවාගේ වයස ඉතා අඩු නම් ඉතා වැදගත් මෙමෙ බිල්ඩින් බ්ලොක් දරුවා කටේ දමා ගැනීමට තරම් කුඩා ඒවා නොදීම. මෙම බිල්ඩින් බ්ලොක් සමග සෙල්ලම් කරන මුල්ම අවධියේ එනම් වයස අවුරුදු 2 සිට 3 දක්වා ඔවුන් එතරම් සංකීර්ණ දෙයක් කරන්නේ නැතිව ඇති. නමුත් එම බිල්ඩින් බ්ලොක් තැනකින් තැනකට තල්ලු කිරීම, එක මත එක ගොඩ ගැසීම, ඒවා සමතුලිත ලෙස තැබීම ආදියෙන් ඔවුන් බර, ස්ථායිතාව සහ ගුරුත්වය වැනි දේවල් ඇත දකිනවා (නමුත් මේවා විස්තර සහිතව තේරුම් ගන්නේ තවත් වසර ගණනාවකට පසු විය හැකියි. එය ගැටලුවක් නොවේ. මුල් වයසේ ඒ ගැන ඇති අත්දැකීම් පසු කාලයේ උදවු වේවි.)

වයස අවුරුදු 3 පසු වන විට දරුවා මෙම බිල්ඩින් බ්ලොක් එක මත එක තබා යම් කිසි අනුරුවක් තනන්න උත්සහ කරනු ඇති. එවිට දරුවාට විවිධ හැඩ තල, මාන ආදිය තේරුම් ගන්නට පුළුවන් වෙනවා. තවදුරටත් වයසින් වැඩෙන විට දරුවා සංකීර්ණ ගොඩනැගීම් කරනු ඇති. (උදා: පාලම්, තට්ටු ගොඩ නැගිලි ආදිය)

බිල්ඩින් බ්ලොක් වලට අමතරව දරුවාට වෙනත් එක මත එක ගොඩ නැගිය හැකි ක්‍රීඩා භාන්ඩත් තිබෙනවා...

විවිධ සතුන් පාදක කර ගත සෙල්ලම් බඩු

මෙවැනි සෙල්ලම් බඩු නිසා දරුවා කෙමෙන් කෙමෙන් අවට පරිසරයේ සිටින සතුන් ගැන ඇති කුතුහලය වර්ධනය කර ගන්නවා. ඒ සමගම මෙම සෙල්ලම් බඩු විවිධ පාටින් සහ හැඩයන්ගෙන් එන නිසා දරුවාට එම හැඩ සහ වර්ණ හඳුනා ගැනීමටත් ඔබ ඒ ගැන දරුවා සමග කථා කලොත් දරුවා එම වචන ටිකෙන් ටික ඉගෙන ගැනීමටත් පෙළඹේවි. මේ ආකාරයට ඔබට සෙල්ලම් බලු පැටවුන්, සිංහයන්, පෙන්ගුවින්, වලස් පැටියන් ආදිය දරුවාට හඳුන්වා දිය හැකියි.

අනුකරණ ක්‍රීඩා

මතකද අපේ පොඩි කාලේ සෙල්ලම් ගෙවල්? අවට පරිසරයෙන් හමුවන බොහෝ දේ භාවිතයෙන් අපි සෙල්ලම් ගෙවල්, කඩයක් පමණක් නොවේ නයිට් රයිඩර්, රොබින් හුඩ් වැනි සෙල්ලමුත් කළා. නමුත් අද නාගරීකරණයත් සමග දරුවාට පරිසරයේ ගැටෙමින් සෙල්ලම් කිරීමට ඉඩ අඩුයි. ඒ වගේම අපේ කාර්ය බහුලත්වය නිසා ඔවුන්ගේ ආරක්ෂාව බලන්නත් වෙලාවක් නැහැ. ඒ නිසා අපට පුළුවන් ඉතාම ආරක්ෂාකාරී ලෙස නිපදවන ලද සෙල්ලම් බඩු කට්ටල ඔවුන්ට ලබා දෙන්න. උදාහරණ ලෙස සෙල්ලම් තේ කෝප්ප කට්ටල, විවිධ රැකියා අනුකරණය කරන කට්ටල, සෙල්ලම් කෝච්චි කට්ටල ආදිය. නමුත් හොඳින් මතක තබා ගන්න, දරුවාගේ වයසට සහ බුද්ධි මට්ටමට ගැලපෙන ක්‍රීඩා පමණක් ලබා දීමේ වගකීම ඔබ සතුයි. දරුවා තරමක් වයසෙන් වැදුන විට විවිධ යන්ත්‍ර ක්‍රියා කරන අයුරු පුරුදු කිරීමට ලෙගෝ කට්ටල ඉතාම ප්‍රයෝජනවත් වේවි.

අකුරු සහ වචන ආශ්‍රිත ක්‍රීඩා

ඔබේ දරුවා යම් වයසකින් පසු ටිකෙන් ටිකේ අකුරු ලියන්න කියවන්න පුරුදු වෙනවා ඇති. එවිට ඉතා සරල, වර්ණවත් සහ ආකර්ශනීය අකුරු කට්ටල දරුවාට ලබා දුන්නොත් ඔවුන් අකුරු ලිවීම කියවීම ගැන උද්යෝගිමත් වේවි. මේවාටත් වයස් මට්ටමෙන් මට්ටමට වෙනස්. ඉතින් ඔබට පුළුවන් මුලින්ම ඔවුන්ට සරල අකුරු පමණක් ඇති කට්ටලයක් ලබාදීමට. ඉන් පසු පියවරෙන් පියවර වචන සෑදීමට සෙල්ලම් කට්ටල ලබා දෙන්න.

................. 

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

.................

................

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook