වෙන්වීමේ සාංකාව

Hits: 1581 times

ඇතැම් අවධිවලදී, බොහෝ දරුවන් සැබෑ ලෙසම සාංකාව පෙන්වන අතරම දරුවාගේ මව්පියන්ගෙන් වෙන්කිරීම එම දරුවන්ගේ කනස්සල්ලට හේතුවේ. වෙන්වීමේ සාංකාව පරිණාමී නියමයන්ට අනුව සිතා බැලුවහොත් එය මනාව අවබෝධ වේ. තම ආරක්ෂාව සලසාගත නොහැකි කුඩා දරුවෙකු, තම ආරක්ෂාව සලස්වා රැකබලා ගන්නා පුද්ගලයාගෙන් වෙන්වන අවස්ථාවලදී, කුඩා දරුවා දුකට පත්වීම ස්වභාවික දෙයකි. 

මෙම ලිපියෙන් අපි ඔබට කියාදෙන්න යන්නේ දරුවාගෙන් වෙන්වීමේ සාංකාව නැතිකල හැකි ක්‍රම කිහිපයක් හඳුන්වා දීමටයි.

මෙය නිරන්තරයෙන් සිදුවන්නේ කුමන අවස්ථාවලදීද ?

වෙන්වීමේ සාංකාවේ මුල් අවධිය ලෙස කුඩා දරුවන්ට මාස 6 හෝ 7 කාල සීමාවේදී ඇතිවීමට පටන් ගනී. එහෙත් බොහෝ කුඩා දරුවන්ට මාස 10 සිට මාස 18 යන වයස් සීමාවේදී වෙන්වීමේ සාංකාව ඉතා අර්බුදකාරී විය හැක.

මවක් ලෙස සිඟිත්තාට මෙම තත්වය මගහැරීමට උදව් කල හැක්කේ කෙසේද ?

දෙමවුපියන්ට විකල්ප ක්‍රම කිහිපයක් ඇත.

  • දරුවාගෙන් වෙන්වීම හැකිතාක් අවම කර දරුවා කාංසාවෙන් සිටින සෑම අවස්ථා වලදී දරුවාව ඔබ සමඟ රැගෙන යන්න. මෙම ක්‍රමයෙන් මූලිකව දරුවා මෙම අවධිය අතහැරීමට පටන් ගනී.
  • දරුවාව රැකබලාගැනීම සඳහා දරුවා හඳුනන පුද්ගලයන් සමඟ තියන්න. උදාහරණයක් ලෙස ගත් කල ඔබ රැකියාව සඳහා පිටත් වනවිට දරුවා හඳුනන පුද්ගලයන් වන තාත්තා, ආච්චි හෝ නැන්දා සමඟ නතර කල හැක. එමඟින් දරුවා ආරක්ෂාකාරී වන අතර ඔබ නැති අඩුවද නොදැනෙයි.
  • ඔබ, දරුවා නොදන්නා අලුත් රැකබලාගන්නෙකු හඳුන්වා දෙන්න. ඔබට දරුවා නොදන්නා පුද්ගලයෙකුට, රැකබලා ගැනීම සඳහා භාර දීමට අවශ්‍ය වූ විට, මුලින්ම දරුවා එම පුද්ගලයාව හඳුනා ගැනීම සඳහා ඔබ දරුවා ලඟ සිටින විට, එම අවස්ථාව ලබා දෙන්න. (වැඩි විස්තර සඳහා පහත බලන්න )

වෙන්වීමක් කුඩා දරුවාට හුරු කරන්නේ කෙසේද?

ඔබේ දරුවාට වෙන්වීම පිලිබඳව දැනීමක් හා ඒ සඳහා වෙනත් කෙනෙකුට ටිකෙන් ටික හුරුවීමක් සඳහා අවස්ථාවක් ලබා දිය යුතුය. ඔබේ දරුවා පවුලේ සාමාජිකයෙකු ලඟ හෝ ගෙවන ලද ළමා සුරැකුම් ආයතනයකට බාර දෙන විට පහත සඳහන් අදහස් අනුගමනය කර බලන්න.

මෙම ක්‍රමය ගෙදරදී අත්හදා බැලිය හැක. ඔබේ දරුවා ඔවුන්ගේ කැමැත්තෙන්ම වෙන්වීම පුරුදුවී සිටියහොත් ඔබට එය පහසුවක් වෙයි. ඔබේ දරුවා ටික වේලාවකට ගෙදරදී වෙනත් ස්ථානයකට හෝ කාමරයකට තනිවම යාමට ඉඩ සලස්වන්න. එහෙත් එම යන ස්ථානවල් ආරක්ෂාකාරී බව ඔබට සහතික විය යුතුය. 

දරුවාට, ඔබ කාමරයෙන් ටික වේලාවකට පිටව යන බවත්, ඔබ යන තැන සහ ඔබ ඉක්මනින් නැවත එන බවත් පවසන්න. එමඟින් ඔබ ටික වේලාවකින් පැමිණෙන තුරු, දරුවා හැමදේම හොඳින් ඇති බව තේරුම් ගනී. 

ඔබේ දරුවාට පහසු වීමට වේලාව සාදා ගත යුතුය. පළමු අවස්ථාවේදී, කුඩා දරුවන් රැකබලාගන්නා කෙනෙකු කුලියට ගෙන දරුවා ඔවුන්ට බාරදී යාමට පෙර, ඔවුන් දරුවාට හුරු කිරීම සඳහා කිහිප වතාවක්ම දරුවා මුණගැසී සෙල්ලම් කිරීමට සලසා දෙන්න. ඔබ පලමු වතාවට ගෙදරින් යාමට පෙර, දරුවන් රැකබලාගන්නා පුද්ගලයාට, ඔබ ගෙදරින් යන වෙලාවට විනාඩි 30කට පෙර පැමින, දරුවා සමඟ හොඳින් සමීපවී සිටිය හැක.

එම ආකාරයෙන්ම දිවාසුරැකුම් මධ්‍යස්ථානයේ හෝ පෙර පාසැලේදී සහ සිද්ධස්ථානයේදී මෙම ක්‍රමය යොදා ගත හැක.

ඔබ ගෙදරින් පිටවෙන සෑම අවස්ථාවකදීම දරුවාව තදින් බදාගෙන, හාදුවක් දී, ඔබ යන්නේ කොහේද, ඔබ නැවතත් එන වේලාව දන්වා දරුවාගෙන් සමුගන්න. එහෙත් ඔබ වැඩිවෙලාවක් දරුවාගෙන් සමුගැනීම සිදු නොකල යුතුය. ඔබ කවදාවත් දරුවාට නොපෙනෙන පරිදී නිවසේ වෙනත් දොරකින් පිටව නොයන්න. එවිට ඔබේ දරුවා, ඔබ අතුරුදහන් වූ යැයි සිතා දුක්වීමට ඉඩ ඇත.

ඔබගේ හැඟීමම දරුවාටත් හැඟෙන්න පටන් ගනී. එමනිසා කරුණික බව සහ උද්‍යෝගී බව, ඔබේ දරුවා රැකබලාගන්නා පුද්ගලයාටද පෙන්වන්න.

ඔබ දරුවා හැර යන අවස්ථාවේදී ඔබේ දරුවා හඬන විට ඔබද හැඬීම නොකල යුතුය. අඩුම තරමින් ඔබේ දරුවා නොපෙනෙන තාක්කල් හැඬීම නොකල යුතුය. ඔබ දෙදෙනාටම මෙය දරාගැනීමට අපහසු විය හැක. සමහරවිට ඔබ නික්ම ගිය පසු දරුවාගේ හැඬීම නතරවූ බව දරුවා රැකබලාගන්නා කීමට ඉඩ ඇත.

ඔබ ගෙදරින් පිටත් වුවහොත්, පිටත් වී යන්න. සුළු වේලාවකින් නැවත නැවතත් ගෙදර හෝ දිවාසුරැකුම් මධ්‍යස්ථානය වෙත ඒමෙන් වලකින්න. එය ඔබටත්, ඔබේ දරුවාටත්, දරුවා රැකබලාගන්නා පුද්ගලයාටත් දුෂ්කර විය හැක.

පලමුවෙන්ම අත්හදා බැලීමක් කර බලන්න. පලවෙනි දවසේදී ඔබ පැයකට පමන ගෙදරින් යන්න. එවිට දරුවා, රැකබලාගන්නා පුද්ගලයා සමඟ හුරු පුරුදු වීමට පටන් ගනී. ක්‍රමයෙන් ඔබ ගෙදරින් පිට සිටින වේලාව වැඩිකර බලන්න. එවිට දරුවා ක්‍රමයෙන් රැකබලගන්නා පුද්ගලයා සමඟ වැඩි කාලයක් සිටීමට පුරුදු වෙයි.

කිසිවක් සාර්ථක වූයේ නැතිනම් කුමක් කල යුතුද?

කුඩා දරුවන්ට විවිධ පුද්ගල විශේෂතාවයන් ඇත. සමහර දරුවන්ට වෙන්වීමේ සාංකාව අනිත් දරුවන්ට වඩා වැඩි කාලයක් තිබිය හැක. ඔබේ දරුවාට ඉහත දැක්වූ සරල ක්‍රම මඟින් වෙන්වීමේ සාංකාව අඩු කර ගත නොහැකි වුවහොත් එම සරල ක්‍රම පිලිබඳ නැවතත් සොයා බැලිය යුතුය.

ඔබේ දරුවා රැකබලාගන්නා හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සිටින රැකබලාගන්නා පිලිබඳව මදක් අවධානයෙන් සිටින්න. දරුවා ඔවුන් සමඟ දිගටම සිටින කාලයේදී, ඔබ සමුදී පිටත් වනවිට දරුවා වැලපෙමින්, නිරන්තරයෙන්ම වෙන්වීමේ සාංකාවෙන් සිටිනවා නම්, සමහරවිට දරුවාට ඔවුන් ගැලපෙන්නේ නැතිවිය හැක.

ඔබගේ ඥාතියෙකු හෝ ඔබේ දරුවා හඳුනන පුද්ගලයෙකු සමඟ විනාඩි 15ක් පමන නවතා යන්න. එය සාර්ථක වුවහොත් පැයකට එය අත්හදා බලන්න. එවිට දරුවා, ඔවුන් නොදන්න පුද්ගලයන් සමඟ සිටිනවාට වඩා දන්න පුද්ගලයන් සමඟ සිටීම තමාට පහසුවක් වන බවත්, ඔබ දරුවා හැරගියාට නැවතත් ආපසු එන බවත් තේරුම් ගනී.

ඔබ හදිසි හැසිරීමක් දරුවා ඉදිරියේ පෙන්වන්න. ඔබ පිටත් වන විට, ඉක්මන් බදාගැනීමක් හා හාදුවක් දෙන්න. එවිට සාංකාව ඇති දරුවෙකු විස්මයට පත්වෙයි. ඔබගේ හැසිරීමෙන්, ගෙදරින් යාම කලබල විය යුතු දෙයක් නොවන බවත් එමෙන්ම ඔබ ඉතා ඉක්මනින් නැවත ගෙදර එන බවත් දරුවා සිතීමට පටන් ගනී.

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook