ප්‍රෑම් / ස්ට්‍රොලර් (Pram/Stroller) භාවිතා කිරීමේදී උපදෙස්

Hits: 23096 times

ඔබ ප්‍රෑම් / ස්ට්‍රොලර් ගැනීමට අනිවාර්ය බව නියමයක් නැත. නමුත් ඔබේ එදිනෙදා ජීවිතය පහසු කර ගැනීමට මෙම ළදරු අත්‍ කරත්ත හෙවත් ප්‍රෑම් / ස්ට්‍රොලර් ඉතා උදවු වේ. දරුවා හැම විටම වඩාගෙන සිටීම ඔබට පහසු කාර්යයක් නොවනු ඇත. විශේෂයෙන්ම එය ඔබේ කොන්දටත් බලපෑම් කල හැක. ළදරු ප්‍රෑම් / ස්ට්‍රොලර් දෙමව්පියන්ට පහසුවක් වන නමුත් වැරදි ළදරු ප්‍රෑම් / ස්ට්‍රොලර් දරුවාට අපහසුවක් සහ කරදරයක් ගෙන දෙනු ඇත. සාප්පු වලින් සහ අන්තර්ජාලයේ දරුවාට සරිලන ළදරු ප්‍රෑම් / ස්ට්‍රොලර් තෝරාගන්නේ කෙසේද?

දරුවාගේ ආරක්ෂාව

දරුවාගේ ආරක්ෂාව පිලිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. එම ළදරු ප්‍රෑම් / ස්ට්‍රොලර් ස්ථායීබව පිලිබඳව මිලදී ගැනීමට පෙර සැලකිය යුතුය. Diaper මල්ල සෘජුව අත් මිටේ එල්ලී ඇතිදැයි පරීක්ෂා කරන්න. එහි බඳ පටියද පරීක්ෂා කරන්න. අත දරුවා නිරන්තරයෙන් එම රථයේ සිටිනවානම් බඳපටි 5ක් ඇති ඒවා දරුවාට ඉතා හොඳයි. කාලයකින් යන කුඩා ගමන් සහ විනෝද ගමන් සඳහා බඳපටි 3ක් ඇති ඒවා භාවිතා කල හැක.

විවිධ අංගෝපාංග 

එහි රිදවන සහ තියුණු කොන් තිබෙනවා දැයි පරීක්ෂා කර බලන්න. ප්‍රෑම් / ස්ට්‍රොලර් රෝද සහ අත් මිට ඔබේ ප්‍රියතම ප්‍රෑම් / ස්ට්‍රොලර් මිලදී ගැනීමට පෙර හොඳින් පරීක්ෂා කර බලන්න. අත් මිටේ උස සහ පහසුව පිලිබඳව ඔබට සරිලනවාද යන්න සලකා බැලිය යුතුය. ඉතා උස වූ දෙමව්පියන් සීරු මාරු කල හැකි අත් මිට ඇති ප්‍රෑම් / ස්ට්‍රොලර් තෝරාගත යුතුය. එවිට කුදු වීමට අවශ්‍ය නැත. ප්‍රෑම් / ස්ට්‍රොලර් ඇති අනිත් පහසුකම් ලක්ෂණ සමහර ප්‍රෑම් / ස්ට්‍රොලර් වල තට්ටුවක්, සෙල්ලම් සතෙක්, කෙටි කෑම සහ බීම තැබිය හැකි ආධාරක සහ වැහි වියනක් වැනි දේවල් තිබිය හැක. 

දරුවාට අපහසු නොවන ලෙස ප්‍රෑම් / ස්ට්‍රොලර් තල්ලු කිරීම 

ප්‍රෑම් / ස්ට්‍රොලර් සමඟ ඇවිදිනවිට වේගයෙන් ඇවිදින්න. නමුත් ඔබේ කකුල රෝදවල නොවැදීමට වග බලාගන්න. අතට පහසු අත් මිට ඇති ඒවා තෝරා ගැනීම ඔබට පහසුවක් වෙයි.  සුමට කොන් ඇති ප්‍රෑම් / ස්ට්‍රොලර් තෝරා ගැනීමෙන් සෙනඟ ඇති තැන් වලද භාවිතා කල හැක.

එම ප්‍රෑම් / ස්ට්‍රොලර් නැවිය හැකි ප්‍රමාණය සහ ගබඩා කරන විට ඒ සඳහා ඉඩ යන ප්‍රමාණය පිලිබඳ වඩා සැලකිලිමත් විය යුතුය. එම ප්‍රෑම් / ස්ට්‍රොලර් නැවිය හැකි බව සහ ලේසියෙන් ගබඩා කල හැකිද යන්න ඔබ සොයා බැලිය යුතුය. කඳුවල යනවිට තරමක් ප්‍රවේසම් වන්න. කාර්යබහුල දෙමව්පියෙකු ප්‍රෑම් / ස්ට්‍රොලර් එක කන්දක පහලට ගමන් කරද්දී, වැඩි අවධානයක් යොමුකල යුතුය.

භාවිතා කිරීම සඳහා උපදෙස්

නිරන්තරයෙන් බඳ පටිය භාවිතා කරන්න. එම බඳ පටි දරුවා වැඩෙන විට භාවිතා කිරීමට අවශ්‍ය නැතැයි කියා ඔබ සිතනවා ඇති. නමුත් දරුවන් වැඩෙනවාත් සමඟ තවත් ක්‍රියාශීලී වීමට පටන් ගනී. එවිට වෙනදාටත් වැඩිය බඳපටිය අවශ්‍ය වෙයි. ප්‍රෑම් / ස්ට්‍රොලර්යේ වෙනත් මලු එල්ලීමෙන් සහ වෙනත් දෑ පමණට වැඩි බර පැටවීමෙන් වලකින්න. දරුවා ප්‍රෑම් / ස්ට්‍රොලර්ට දැමීමට පෙර එම ප්‍රෑම් / ස්ට්‍රොලර් හොඳින් ඇරී ඇති බව සහතික කර ගන්න. බාගෙට ඇකිලී ඇති ප්‍රෑම් / ස්ට්‍රොලර් දරුවා බය කරනවා පමනක් ම නොවෙයි, දරුවාගෙ අත් සහ කකුල් කොනිත්තයි. ඔබ ප්‍රෑම් / ස්ට්‍රොලර් දිග හරිනවා නැතහොත් අකුලනවා නම්, එය සම්පූර්ණයෙන් සහ දරුවා නැති තැනක කරන්න. බයිසිකලය වාගේ ප්‍රෑම් / ස්ට්‍රොලර් වේගය වැඩිවීමට පුළුවනි.  මෙවැනි වේලාවල, ආරක්ෂිත පටි පැලඳවීම ඉතා සුදුසුය. ඔබේ මෝටර් රථයේ තෙල් පරීක්ෂාව විධිමත් ආකාරයෙන් සිදුකරනවා වාගේම, ප්‍රෑම් / ස්ට්‍රොලර් කලින් කලට නඩත්තු සිදු කිරීම ඉතා හොඳ ක්‍රමයකි. ප්‍රෑම් / ස්ට්‍රොලර් වඩ වඩා අලංකාර වීම, විවිධ විකල්ප ඇතිවීම සහ පරන ප්‍රෑම් / ස්ට්‍රොලර් තවත් අධි තාක්ෂණික මට්ටමකට පත්වී ඇතිබව ඇත්ත වශයෙන්ම දැකිය හැක. හුලං පිරී ඇති ප්‍රෑම් / ස්ට්‍රොලර් වල හුලං බැසීමට ඉඩ ඇති නිසා නිතරම එහි රෝද පරීශ්ක්ෂා කරන්න.

.................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න
.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

 .................


Follow us on Facebook

Join Our Community

Sign in with Facebook