බිලිඳාට ඇඳුම් තෝරා ගැනීමේදී සහ ඇන්දවීමෙදී සැලකිය යුතු කරුණු

Hits: 30208 times

දරුවෙකු ඉපදීමට පෙර කාලයේදී සහ දරුවාගේ මුල් වයස් කාලයේදී, කුඩා සහ ඉතා උසස් ඇඳුම් තේරීම සහ මිලදී ගැනීම ඉතා වැදගත් අංගයකි. බොහොමයක් මවු වරුන් තම දරු පැටියා එන තුරු දින ගනිමින් සිටින ගමන් කුඩා ළමා ඇඳුම් පිළියෙළ කර ගනිති... තවත් සමහර මවු වරුන් පුංචි ඇඳුම් මිලදී ගනිති... ඒ කෙසේ කලත් මේ උපදෙස් නම් ඉතා ප්‍රයෝජනවත් වේවි...

දරුවාට සුව පහසු ඇඳුම් ගැනීම වැඩියෙන්ම වැදගත් දෙය වෙයි...

අලුත උපන් බිලින්දෙකුගේ සම ඉතාමත් මෘදුය. එමනිසා විශේෂඥවරුන් නිර්දේශ කරන ආකාරයෙන් මාස 12 ක් හෝ ඊට අඩු සෑම දරුවෙකුට 100%ක කපු ඇඳුම් තෝරාගත යුතු බවය. ඉන්පසු ඔබට විවිධ සංයෝග මිශ්‍ර කපු ඇඳුම් දරුවාගේ සංවේදීතාව පිලිබඳව පරීක්ෂා කර ඇන්දවිය හැක.

ඇන්දවීමට සහ ගැලවීමට ඇති පහසුවත් වැදගත්...

ඉතා පහසුවෙන් ඇන්දවිය හැකි සහ ඉවත් කරගත හැකි ඇඳුම් ඇන්දවීම. ඉතා පහසුවෙන් ඇන්දවිය හැකි සහ ඉවත් කරගත හැකි ඇඳුම් ඇන්දවීම ඔබ නිරන්තරයෙන් සිතිය යුතු කාරණයකි. එම ඇඳුම් වල බොත්තම් තද කිරීමට හෝ වෙල්ක්‍රො වැනි ලේසියෙන් දැමිය හැකි ඒවා තිබේනම් ඔබට පහසු විය හැක. ජීන්ස් වල වගේ ඇදෙන ඉලාස්ටික් බඳපටි ඇති කලිසම් ඇන්දවීම, බොත්තම් හෝ නූල ඇද ගැටගැසීමට වඩා පහසු විය හැක. සමහර වේලාවල් වල දරුවා කලිසමේ මුත්‍රා කර ඇතිනම්, ඉක්මනින් ඇඳුම් මාරු කල යුතුය.

ඇඳුම් වල ප්‍රමාණය පිලිබඳව පරීක්ෂා කිරීම

ඔබ ඇඳුමක් ගැනීමට පෙර එය අන්දවා බලන්න. ඔබ අන්තර්ජාලයෙන් මිලදී ගන්නවානම්, එම අන්තර්ජාලයෙන් මිලදීගත් ඇඳුමට සමාන ඇඳුමක් ඔබේ මිතුරියකගේ දරුවෙක් ළඟ තිබේ නම් එහි ප්‍රමාණය බලා ඔබේ දරුවාට ගැලපෙන ප්‍රමාණය තීරණය කරන්න... දරුවන් ඉක්මනින් වැඩෙන බව ඔබ මතක තබාගත යුතුය. එමනිසා දරුවාට ඇඳුම් තෝරා ගැනීමේදී දරුවාගේ ප්‍රමාණයට ගැලපෙන, ටිකක් ලිහිල් වූ ඇඳුම් තෝරා ගත යුතුය.

ඇඳුම් වල වර්ධනය වියහැකි අසාත්මිකතා

බිලිඳාගේ සෑම ඇඳුමකම ඉතා දරුණු රසායනික ද්‍රව්‍ය සහ සායම් තිබේ දැයි පරීක්ෂා කර බලන්න. ඇඳුම් වල රැලි සහිත, රැලි කල වාටි සහ සිනිඳු සේද වලින් සෑදූ හිස් පලඳනා පලවෙනි මාස දොලහේදී ඇන්දවීමෙන් සීමා කරන්න. ඔබ එවැනි ඇඳුම් ඇන්දවීමෙන් පසු, ටික වේලාවකින් ඔබ නිරීක්ෂණය කලහොත්, දරුවාට ආසාදන ඇතිවීමට පටන් ගනී. ඉතා ලාභ සහ වට්ටම් ඇති ඇඳුම් ඇන්දවීම බැහැර කර, නිරන්තරයෙන්ම ඔබට ඉතා විශ්වාසනීය ඇඳුම් වර්ග ගැනීමට උත්සහ කරන්න.

දරුවාගේ ආරක්ෂාව පිලිබඳව සැලකිලිමත් වීම

කුඩා බොත්තම්, හක් සහ ඇප්ලික් වලින් දරුවන්ව පරිස්සම් කල යුතුය. ඒවා හුස්ම හිරකර වීමට ඉඩ ඇත. දිනපතා දරුවාගේ ඇඳුම් සියල්ල පරීක්ෂාකර ලිහිල් වුනු දේවල් ඇතිනම් ඒවා මසා තද කර ගත යුතුය. ඇඳුම් වල ඇති සමහර ලේබල් වලින් ඇඟේ පලු ඇතිවීමට ඉඩ ඇත. ලිහිල් ලෙස ගෙතූ ඝන කමිසය, ළදරු මේස් සහ තොප්පි වැනි ඇඳුම් ඇන්දවීමෙන් වලකින්න. එයින් දරුවාගේ කුඩා ඇඟිලි සහ කකුලේ ඇඟිලි එම ඇඳුම් වල පැටලීමට ඉඩ ඇත. දරුවාට ඇඳුමක් ඇන්දවීමට පෙර එල්ලෙන නූල් සියල්ල කපන්න. එමෙන්ම දරුවාට ඇඳුම් ගැනීමට පෙර, එම ඇඳුම්වල මැහුම් අඟලකට කිහිපයක් පමණක් ඇතිනම් එම ඇඳුම් මිලදී ගැනීමෙන් වලකින්න. දරුවාට ළදරු මේස් ඇන්දවීමට පෙර, එහි අනෙක් පැත්ත හරවා කුඩා නූල් කැබලි තිබෙනවානම් ඒවා කපා ඉවත් කරගන්න.

ඇඳුම් වල කල් පැවැත්ම වැදගත් වේ

ඇඳුම් මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණක් නම්, කුඩා දරුවන් ඉතා ක්‍රියාශීලි බවයි. ඔවුන් සෑම තැනම දුවයි, සෙල්ලම් කරයි, කෑමෙන් පසු ඔවුන්ගේ ඇඳුම් අවුල් කරගනී. ඔබ දරුවාට ඇඳුම් තේරීමේදී, ඔබ එම ඇඳුම් සෝදන සැම වාරයක් පාසාම හොඳ තත්වයේ තිබිය හැකි ඒවා ගත යුතුය. දරුවාගේ කැමැත්ත පිලිබඳවද ඔබ සිතිය යුතුය. බොහෝ දෙමව්පියන් දරුවාට ඇඳුම් මිලදී ගැනීමේදී, දරුවාගේ කැමැත්ත පිලිබඳව නොසලකා හරී. එමඟින් දරුවා ඇඳුම් ඇඳීම අකමැති වන අතර හිතාමතාම ඒවා අවලස්සන කරන්න පෙලඹෙයි. දරුවාගේ කැමැත්ත නිරන්තරයෙන් සැලකිය යුතු වන අතර, එහෙත් ඔබට යම්කිසි උත්සවයකට ඇඳිය යුතු ඇඳුම් පිලිබඳව සඳහනක් කර ඇතිනම් පමනක් දරුවාගේ කැමැත්ත ඇසීමට අවශ්‍ය නොවේ. 

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "Share" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

If you found this article interesting and helpful, please share with your friends too. Just click the "Share" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

................

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook