ළදරුවාගේ ඇඳුම් සේදීම සඳහා රෙදි සෝදන කුඩු භාවිතය සහ වෙනත් පිරිසිදු කාරක

Hits: 5450 times

අලුත උපන් බිලිඳාගේ සම සියුම් ලෙස ආරක්ෂා කල යුතුය. ඔබේ දරුවාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩෙන අවධියක, දරුවාගේ සමට ගැලපෙන මෘදු පිරිසිදුකාරකයක් සහ ලෝෂන් එකක් භාවිතා කල යුතුය. එහෙත් වියලි සමක්, දද සහ Diaper නිසා සෑදෙන සමේ පලු ඇතිවුනහොත්, ඔබ මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වේ. ඔබ මෙම නිෂ්පාදන භාවිතා කිරීමට සරිලන කාලය පිලිබඳව දැනගැනීමට, ඔබේ ළමා වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න.

 ඔබේ අලුත උපන් දරුවාට සායම් නැති, සුවඳ අධිකව නැති ළමා සමට සරිලන සම ආරක්ෂා කිරීමේ ආලේපන තෝරාගන්න. ඔබේ පවුලේ අලුත උපන් බිලිඳෙකු සිටීනම්, ඔබ බඩු භාහිරාදිය මිලදී ගැනීමට පෙර පහත සඳහන් කරුණු පිලිබඳව සලකා බලන්න.

* භාණ්ඩ මිලදී ගැනීමට පෙර ලේබලය හොඳින් කියවන්න. 

ළමා සම සඳහා ආලේපන මිලදී ගැනීමට පෙර සායම් වර්ග, සුවඳ අධිකව අඩංගු සහ විවිධ අහිතකර රසායනික වර්ග අඩංගු වී ඇති දැයි සොයා බලන්න. ඒවා වලින් දරුවාගේ සම කැසෙන තත්වයක් සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමට පුලුවනි.

* ස්වභාවික සම ආරක්ෂක ආලේපන වර්ග බොහෝ දරුවන්ට ආරක්ෂිත වේ. 

ඔබේ පවුලේ බොහෝ අයට විවිධ අසාත්මිකතා සහ ඇදුම රෝගය ඇතිනම්, ඔබේ දරුවාට ඖෂධීය සහ ශාකසාර අඩංගු වී ඇති ආලේපන භාවිතය ඉතා සුදුසුය. 

* අසාත්මිකතා ඇතිවීමේ හැකියාව ඉතා අඩුබව ලේබලයේ සඳහන් වීම නොමඟ යවන සුළු විය හැක.

මෙහි එසේ සඳහන්ව තිබුනත්, එම නිෂ්පාදනය අනිත් නිෂ්පාදනයන්ට වඩා ඉතා උසස් සහ අනිවාර්යයෙන් මෘදු බවක් ඇතිබව එයින් කියවෙන්නේ නැත. එමනිසා එවැනි නොමඟ යවන සුළු නිෂ්පාදන වලට නොරැවටෙන්න ඔබ වගබලා ගත යුතුය. තත්වයෙන් උසස් අමුද්‍රව්‍ය භාවිතා කර නිපදවන ළමා ආලේපන පමණක් භාවිතා කරන්න.

* තැලික් ඇසිඩ් එස්ටරය සහ පැරබෙන් අඩංගු නොවූ නිෂ්පාදනයන් මිලදී ගැනීමට පෙලඹීම. 

මෙම රසායනික ද්‍රව්‍ය ළදරුවන්ට ඉතා හානිකරය. එමනිසා මෙම රසායනික වර්ග අඩංගු නොවන නිෂ්පාදන මිලදී ගැනීමට ඔබ පෙලඹිය යුතුය.

සායම් සහ සුවඳ නැති ඉතා මෘදු රෙදි සෝදන කුඩු/හෝ දියර , ඔබේ දරුවාගේ ඇඳුම් සෞඛ්‍යාරක්ෂිතව ඔබ විසින්ම සේදීම සඳහා භාවිතා කිරීම සඳහා ඉතා සුදුසුය. විශේෂයෙන්ම Diaper එක වෙනම පරිස්සමෙන් සේදිය යුතුය.

යම් ළදරුවෙකුට සමේ අසාත්මිකතා නිරන්තරයෙන් ඇතිවෙනවා නම්, රෙදි සෝදන කුඩු වලින් ඇතිවන අසාත්මිකතා වලට නැඹුරු වීමට ඉඩ ඇත. ඔබේ හෝ ඔබේ සහයකයාගේ පරම්පරාවෙන් පැවතෙන දද වැනි සමේ රෝග සම්ප්‍රේෂ්ණය වෙනවානම්, ඔබේ ළදරුවාද එම රෝග වැලඳීමේ අවදානමට පත්විය හැක. කුඩා දරුවන්ට ගැලපෙන රෙදි සේදුම් කාරක අද වෙළඳපලේ ඇත...

රෙදි සෝදන කුඩු වලින් ඇතිවන අසාත්මිකතා වැලඳුනු හැටියෙන්ම අසාත්මිකතා ලක්ෂණ පෙන්නුම් නොකරයි.  එය සතියක් පමණ ගිය පසු සමේ රතු තිත් ඇතිවීම සහ කැසෙන ගතියක් තිබේ. මෙම ගතිය සතියක් පමණ ඇතිවීමට ඉඩ තිබේ. මෙම තත්වය රෙදි සෝදන කුඩු නිසා ඇති වූවාද නැතහොත් වෙනත් දෙයක් නිසා ඇතිවූවාද යන්න ඉක්මනින් සොයා බැලීමට, දරුවාගේ ඇඟේ රෙදි නොගෑවෙන ප්‍රදේශය වන Diaper එක ගලවා පරීක්ෂා කරන්න. පත්විය හැක. එමෙන්ම ඇඳුම් හොඳින්  තදවෙන සහ ගෑවෙන ප්‍රදේශ වන අත් හා කකුල් ප්‍රදේශයේ රෙදි සෝදන කුඩු නිසා ඇතිවන අසාත්මිකතා ඉක්මනින් පැතිරීමට ඉඩ ඇත.

දරුවා සුළු වශයෙන් කුණු තවරා ගත විට ඔබ නිවසෙන් පිටත සිටීනම් තෙත ඉවතලන තුවා ද භාවිතා කල හැක.

දරුවාගේ ඇඳුම් සෝදන කුඩුවල නොතිබිය යුතු ද්‍රව්‍ය මොනවාද?

1. පොස්පේට්

රෙදි සෝදන කුඩුවල ඇති පොස්පේට් වලින් දරුවාගේ සුමුදු සමේ ආරක්ෂිත බාධකය විනාශ කර, දරුවාගේ ඇඟේ ඇති ප්‍රතිශක්තීකරණය අඩු කරයි.

2. අධික සුවඳ

ඇඳුම් හොඳ සුවඳවත් වන විට එය අපූරුය. නමුත් ළමා ඇඳුම් සෝදන කුඩු වල සංයුතියේ සුවඳ ද්‍රව්‍ය අඩංගු වූ විට, ළදරුවාගේ ශ්වසන පද්ධතියට බලපා, ශ්වසන ආබාධ සහ අසාත්මිකතා ඇතිවීමේ හැකියාවක් ඇත.

අසාත්මිකතා ඇතිවීමේ හැකියාව අඩුකරන රෙදි සෝදන කුඩු වර්ග වල ගඳ සුවඳක් නැත. මෙම රෙදි සෝදන කුඩු වර්ග බෙහෙත් ශාලාවල (pharmacy) වල මිලදී ගැනීමට ඇත. මේවා අතිරේක පවිත්‍රකාරකයක් ලෙස හැසිරේ. ඉතා හොඳ තත්වයේ රෙදි සෝදන කුඩුවල රසායනික සුවඳ ද්‍රව්‍ය වෙනුවට සාරය අඩංගු වේ.

3. ඇඳුම් ප්‍රකෘති තත්වයට පත් කිරීම සහ මෘදු කරවීම

මෙම සංඝටක ඇති රෙදි සෝදන කුඩු භාවිතයෙන්, ඒවා සෝදා හැරීමට අපහසු වීම නිසා, ළදරුවන්ට අසාත්මිකතා ඇතිවීමේ හැකියාවක් ඇත. ඔබේ දරුවා වයස අවුරුදු 3ට වඩා අඩු නම්, මෙවැනි සංඝටක අඩංගු රෙදි සෝදන කුඩු භාවිතා නොකරන්න. 

4. පලතුරු සහ එළවළු පිරිසිදු කිරීම

පලතුරු සහ එළවළු දරුවාගේ ආහාරයට සූදානම් කිරීමට පෙර, ඒවා දරුවාට ආරක්ෂිත බව ඔබට සහතික විය යුතුය. සේදීමෙන් එහි තිබෙන වැලි, සහ කෘමිනාශක අවශේෂයන් ඉවත් වේ.  

මේවා හොඳින් සේදීම මගින් එලවලු සහ පලතුරු මත රැඳී තිබෙන ක්ෂුද්‍රජීවින් සහ බැක්ටීරියා ඉවත් කිරීමක් සිදුවේ. ඝන පොතු තිබෙන එලවලු හෝ පලතුරු (පොතු සමග ආහාරයට ගන්නා එලවලු සහ පලතුරු ) උණුසුම් හෝ සීතල ජලය භාවිතාකර පිරිසිදු බුරුසුවක ආධාරයෙන් පිරිසිදු කිරීම වඩාත් සුදුසු වේ. 

.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "Share" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

If you found this article interesting and helpful, please share with your friends too. Just click the "Share" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you! ................

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook