ලදරුවන්ගේ අසාත්මිකතා

Hits: 2512 times

වැඩිහිටි අපිට වගේ ම ලදරුවන්ටත් අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඒත් ලදරුවන්ට දැනෙන අපහසු කම් කියන්න බැහැ. ඒ නිසා, ඔබේ ලදරුවාගේ අසාත්මිකතාවන් වල රෝග ලක්ෂණ කල් ඇති ව හඳුනා ගෙන නොපමාව ප්‍රථිකාර වලට යොමු වීම ඔබේ වගකීමක්.

සුලභ අසාත්මිකතාකාරක මොනවා ද?

 දූවිලි, මල් වල පරාග, ලොම්, සුවඳ විලවුන්, දුම්, ආහාර වර්ග හා බෙහෙත් වර්ග වලට අසාත්මිකතා ඇති විය හැකියි. නිතර අසාත්මිකතා වැලඳීම "atopy" ලෙස හඳුන්වනවා. ඇදුම හා අසාත්මිකතා එකට හට ගැනීම ඉතා සුලභයි.  

 

අසාත්මිකතාවක් යනු කුමක් ද?

අසාත්මිකතාව යනු සමේ රතු පැහැ rash එකක සිට රුධිර පීඩනය පවා අඩු වෙන භයානක තත්වයක් දක්වා පැතුරුනු දෙයක්. සමේ ඇති වෙන rash එක "urticaria" නමින් හඳුන්වනවා. රුධිර පීඩනය අඩු වෙන අවස්ථාව "anaphylatic shock" නමින් හඳුන්වනවා. අසාත්මිකතාකාරකය එකම වුව ද ඔබේ ලදරුවාගේ ප්‍රතික්‍රියාව ඔහුට ම ආවේණිකයි. ලදරුවන් දෙදෙනෙකුගේ ප්‍රතික්‍රයා එක සමාන වන්නේ නැහැ.  

අපේ සිරුරේ mast cells නම් සෛල වර්ගයක් තිබෙනවා. ඒවායේ histamine නම් සංයෝගයක් තිබෙනවා. අස්සත්මිකතාවන්ට නැඹුරු ලදරුවෙක් තුලට යම් අසාත්මිකතාකාරක ද්‍රව්‍යයක් ඇතුලු වූ විට ඔහුගේ ශරීරයේ Immunoglobulin E නම් ප්‍රතිදේහයක් නිපදවනවා. මේ ප්‍රතිදේහය නිසා mast cells වලින් histamine නිදහස් වෙනවා. මේ histamine සංයෝගය නිසා එම අදාල ප්‍රදේශයේ රුධිර සැපයුම වැඩි වීම, රුධිර නාල වලින් පිටතට ජලය  කාන්දු වීම, වේදනා සංවේදී ස්නායු උත්තේජනය වීම සිදු වෙනවා. මේ නිසා රතු, ඉදිමුනු, වේදනාකාරී සහ කසන rash එක ඇති වෙනවා.

අසාත්මිකතාකාරක වලට වඩාත් සංවේදී ලදරුවන්ගේ ශරීරයේ නිපදවන histamine ප්‍රමාණය ඉතා විශාලයි. මේ histamine මුලු ශරීරය පුරා ම පැතිරී ශරීරයේ සෑම රුධිර නාලයක් ම ප්‍රතික්‍රියා දක්වනවා. රුධිර නාල වලින් පිටතට අධික ලෙස ජලය කාන්දු වීම නිසා ශරීරයේ රුධිර පරිමාව හා රුධිර පීඩනය අඩු වෙනවා. අඩු රුධිර පීඩනයත් සමඟ මොලය, අක්මාව හා වකුගඩු වලට රුධිරය ගමනාගමනය අඩු වෙනවා. මෙම තත්වය මිනිත්තු කිහිපයට වඩා රැඳී තිබුනොත් ප්‍රධාන අවයව අකර්මන්‍ය විය හැකියි. ආශ්වාස වාතය ගෙන යන නාල අවහිර වී හුස්ම ගැනීම අපහසු වෙනවා. මෙම තත්වය anaphylactic shock ලෙස හඳුන්වනවා.

අසාත්මිකතාවක දී කල යුත්තේ මොනවා ද?

හැකි සෑම විට ම අසාත්මිකතාකාරක වලින් ඈත් වී සිටීමට වග බලා ගන්න. ඔබේ දරුවා අසාත්මික කිසි ම ආහාර වර්ගයක් දීමෙන් වලකින්න. සමහර රටවල් වල, දරුණු අසාත්මිකතාවන් ඇති අයට නිතර ලඟ තබා ගැනීමට adrenalin එන්නත් ලබා දෙනවා. 

සමහර සුළු අසාත්මිකතා බොන බෙහෙත් වලින් අඩු වෙනවා. එහෙත් දරුණු තත්වයන් වල දී ඔබේ දරුවා රෝහල් ගත කිරීමට සිදු වෙනු ඇති. අසාත්මිකතාවක් ඇති වූ විගස හදිසි ප්‍රථිකාර ඒකකය වෙත ඔබේ ලදරුවා ගෙන යන්න. රෝහලේ දී, අවශ්‍ය නම් මුව වැස්මක් තුලින් ඔක්සිජන් ලබා දෙනු ඇති. ඔබේ ලදරුවාගේ රුදිරයේ ඔක්සිජන් ප්‍රමාණය මනිනු ඇති. රුධිර පරිමාව හා රුධිර පීඩනය ස්ථාවර කිරීමට සේලයින් දෙනු ඇති. anti-histamines, adrenalin හා steroids අසාත්මිකතාව පාලනයට යොදා ගන්නා බෙහෙත් වර්ගයි. පැය 24 ක් පමණ ඔබේ ලදරුවා පරීක්ෂාවට ලක් කර රෝහලෙන් යා හැකියි. රෝහලෙන් යන විට ඔබට රෝග විනිස්චය පතක් ලැබෙනු ඇති. එහි ඔබේ ලදරුවාගේ අසාත්මිකතාව සටහන් කරනවා. මින් පසු සියලු වෛද්‍ය හමුවීම් වල දී වෛද්‍යවරයාට මේ ගැන පවසන්න.

.......

Dr. T. M. S. Sameera B. Madugalle M.B.,B.S (COL)

......

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

........

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook