නිවසේදී දරුවන්ට සිදුවන හදිසි අනතුරු වලක්වාගනිමු 2

Hits: 1371 times

දණගාන හෝ වැටි වැටි ඇවිදින, පුංචි පුතෙක් හෝ දුවෙක් ඔබටත් හිදියිද? ඔවුන්ගේ සුරතල් ක්‍රියාකාරකම් බලාසිටින්නට ඉතාම ප්‍රියජනක නොවේද? නමුත් මේ සියල්ල තුල, ඔවුන්ව වඩාත් ආරක්ෂාකාරීව සහ සුපරික්ෂාකාරීව රැක බලාගැනීම අපහැමගේ පරම යුතුකමයි.

 

වයස මාස නවය සිට අවරුදු පහ දක්වා සිඟිත්තා තමා අවට පරිසරය ගවේෂණය කිරීමට දක්වන්නේ ඉතා කැමැත්තක්. ඉතින් ඔහු හෝ ඇය විවිධ අනතුරු වලට ලක්වීමට ඇති ඉඩකඩත් ඉතාම ඉහලයි. අප දෙමවුපියන් ලෙසත්, වැඩිහිටියන් ලෙසත්, කල යුත්තේ ඔවුන්ට අනතුරු අවම කරවන පරිසරයක්, අපගේ නිවාස සහ ගෙවත්ත තුල ඇතිකරවීමයි. දරුවා අනවශ්‍ය ලෙස කුඩා ඉඩක කොටු නොකර, නිදහසේ සිටීමට හා සෙල්ලම් කිරීමට අප ඉඩකඩ සැලැස්විය යුතුවේ.

දරුවන්ට ඇතිවන හදිසි අනතුරු වලින් 60% වඩා අපට වලක්වා ගත හැකි අනතුරු වීම ඔබ දන්නවාද? ලොවවටා රෝග නිවාරණ සහ රෝග වලැක්වීම පිළිබද දත්තවලට අනුව, බොහොමයක් දරුවන් ගොදුරුවන අනතුරු පහත දැක්වේ.

ජලය:

නාන කාමරයේදී වන ලිස්සීම්, ගිලීම්,මුළුතැන්ගෙහි ජලය, පොදු නාන තටාක, අනාරක්ෂිත ලිං, ජාල තටාක හා ටැංකි.

ගිනි:

මුළුතැන්ගෙය ගෑස් ලිප්, විඋලි උදුන්, ලිප්, උණු භාජන, උණු දියර (උණු වතුර,තෙල්), බාබකියූ ග්‍රිල්.

විෂ:

වැඩිහිටියන්ගේ බෙහෙත් වර්ග, විලවුන්, කෘමි නාෂක, භූමිතෙල්,පෙට්‍රල්, ඇසිඩ් වර්ග, අනෙකුත් බැර ලෝහ වර්ග අඩංගු විෂ.

වැටීම්:

අනාරක්ෂිත වලවල්, ලිං,තරප්ප්පු පෙළ, ලිස්සන සුලු ගෙබිම, අනාවරණය කල ජනෙල්, දොරවල්, පුටු මේස ආදී ලී බඩු. සතුන් - සර්පයින් දෂ්ට කිරීම්, වන අලි, සතුන් සැපීම්, සීරීම් හා තුවාල කිරීම් (බල්ලන්,පූසන්,වඳුරන්,ලේනන් )

වෙනත්:

රථවාහන අනතුරු , විදුලි සර වැදීම්, කැපුම්, තියුණු ආයුධ, පුපුරන දෘව්‍ය.

 

අනතුරු අවම කිරීම සඳහා, මූලිකව විමසිලිමත් විය යුතු අවස්ථා:

දරුවා නිදන ස්ථානයේ ආරක්ෂාව. බොහෝ දරුවන් කොට් / ක්‍රිබ් ඇඳ මත නිදි කරවන බැවින් එහි මෙට්ට නිතර අව්වේ දමා වියලා ගන්න. ඇතිරිලි නිතර මාරු කරන්න. ක්‍රිබ් එක කිසිවිටක විදුලි ස්විච හෝ ප්ලග් බේස් අසල න්නොතබන්න. ක්‍රිබ් එක තුළ, බූල් සහිත පිරවූ සතුන් හෝ රෝල් කොට්ට නොතබන්න. ක්‍රිබ් එකට මදුරු දැලක් සපයා ගන්න.

 

මුළුතැන්ගෙය හා කෑම මේසය 

උණු භාජන හෝ උණු වතුර කේතල, රත්වු තෙල් තාච්චි සැමවිටම දරුවාට පෙවිය නොහැකි දුරින් තබාගන්න. තියුණු ආයුධ, පිහි, ගෑරුප්පු හා හිරමණ ආදිය නිසි තැන පිළිවෙලට තබාගන්න. දරුවාගේ ආහාර කවන උස පුටුව (high chair ), බෙල්ට් සහිත ආරක්‍ෂිත එකක් බවට වග බලාගන්න. විදුලි හීටරය, බ්ලෙන්ඩරය, පෝරණුව,පාවිච්චි නොකරන අවස්ථා වලදී, විදුලි විසන්ධි කර තබන්න. ශීතකරණයේ විදුලි සැපයුම දරුවාට ඇත නොගැටෙන ලෙස සකස් කරගන්න.

 

විසිත්ත කාමරය සහ නිදන කාමර.

උල්වූ කොන් සහිත ලී බඩු, දුවන පනින දරුවන්ගේ ඇඟෙහි ඇනීමට ඉඩ ඇති බැවින් ඒවා සුදුසු ස්ථානයන්හි තබාගන්න. සිටුවන ෆෑන් ( standing fan /table fan) ගරිල් තුලට සිඟිති ඇඟිලි පෙවීමට කුඩා දරුවන් ආශා කරන නිසා, නිතර විමසිලිමත් වන්න. ටයිල් පොලොව මොප් කල පසු වහාම වියලා ගන්න. දරුවන් ලිස්සා වැටිය හැකියි. වැඩිහිටියකුගේ සුපරික්ෂාවෙන් තොරව, වෝකරය (baby walker ) තුල දරුවා තබා නොයන්න. ඔබ නිතර ගන්න බෙහෙත් හේත්, විලවුන් ආදිය කබඩ් එකක යතුරුලා තබා ගන්න. ඔබ ඇඳුම් ඉස්තිරික්ක කල පසුත්, විදුලිය විසංන්ධි කල පසුත්,තව සුළු වෙලාවක් විදුලි ඉස්තිරික්කය රත්වී පවතින බව මතක තබා ගන්න. එය දරුවාට එසැනින් ඇල්ලීමට ඉඩ නොදෙන්න. නිවසේ අලංකරණයට ඇති ජල කඩිත්ත (pond ) වෙත දරුවා නොයන පරිදි වැටක් සකසා ගන්න.

ගෙවත්ත

දරුවන් ගෙවත්තට යනවිට සැමවිටම සපත්තු හෝ සෙරෙප්පු පලන්දවන්න. මිදුලේ වැටී ඇති යකඩ කැබලි, ඇන ආදිය ඉවත් කරන්න. වත්තේ අනාරක්ෂිත ගැඹුරු වලවල්, සුදුසු පරිදි ආවරණය කිරීම හෝ ගොඩ කිරීම යෝග්‍යවේ. නිවසේ සිටින පූසා හෝ බල්ලා ඉතා කුඩා දරුවන්වෙත (අඩු වශයෙන් අවරුදු 2 දක්වා) කිට්ටු වීම නුසුදුසුයි. ඔවුන් දරුවනට විවිධ රෝග බෝ කල හැකියි. දරුවාව සතෙකු සැපුවහොත් වහාම තුවාලය සබන් යොදා සෝදා, ලඟම ඇති රෝහලට ගෙනයන්න. ඔන්චිල්ලාව, සෙල්ලම් කරත්ත, ට්‍රයිසිකල් පදින විට දරුවා අසල වැඩිහිටියෙක් සිටීම වඩා සුදුසුයි.

මේ කෙසේ කීවත්

කෙසේ කීවත් අනතුරු නම් කොයිවිටක හෝ සිදුවිය හැකියි. එබැවින් ඔබේ නිවස තුල ප්‍රථමාධාර පෙට්ටියක් තබාගන්න. කැපුම් සීරීම් වලට අවශ්‍ය විෂබීජනාශක දියර, තුවාල සැරහුම් වලට අවශ්‍ය දේ නිතර ලග තබා ගන්න. 

 

වෛද්‍ය. දේවිකා ජයසේකර

...................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

...................

If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි! 

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook