අවුරුදු 4 ත් 5 ත් අතර ඔබේ දරුවා

Hits: 1510 times

එදා කිරිකැටි සිඟිත්තා අද පුංචි දඟ මල්ලක් වෙලා නේද? ඔහු/ඇය නිදහසේ ආත්ම විශ්වාසයකින් කටයුතු කරන බව ඔබ දුටුවද? බොහෝ දරුවන් තුල මෙම අවදිය වන විට උපරිම නිදහස, ස්වයං පාලනය සහ ක්රියාකාරී බව වර්ධනය වේ. මෙම ලිපිය මගින් අවුරුදු 4 ත් 5 ත් අතර ඔබේ දරුවා පිළිබද කරුණු කිහිපයක් සපයනු ඇත.

ඔවුන් සෙල්ලම් බඩු සමග බොහෝ වේලා සෙල්ලම් කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. අලුත් දේවල් අත්හදා බැලීමට උත්සුක වෙයි. උත්සාහය ව්යක්ත වූ විට හැගීම් දැක්වීමට පසු බට නොවේ.

* දරුවා කථා කරනා දේ 

ඔබේ කුතුහලය සහ ප්රශ්න ඇසීමට කැමති දරුවා සංවාද පවත්වා ගැනීමේ හැකියාවෙන් යුක්ත වේ.ඔබේ දරුවාගේ  වචන මාලාව වැඩි දියුණු වෙමින් පවතී. එපමණක් නොව දරුවා සරල ප්රශ්න වලට ලේසේසියෙන් හා තර්කනුකුලව පිළිතුරු ලබා දේ.  එහෙත් හැගීම් නිසි ආකාරයට විස්තර කිරීමට හැකියාවක් නොවේ. බොහෝ දරුවන් මෙම වයස් කාලය තුල ගායනය තාලය වචන නිර්මාණය රස විදියි. ඔවුන් ඉතා උද්යෝගී මෙන්ම ඕනෑම අවස්ථාවක මෝඩ චණ්ඩි හෝ ඉතා අප්රිය දරුවෙකු විය හැක.

* දරුවාගේ  ආහාර රුචිය සහ පෝෂණය

මෙම වයස වනවිට ඔබේ දරුවා තමන්ටම අවේනික වූ රසයකට ඇල්මක් දක්වන අතර එය ස්ථීර ලෙස ප්රකාශ කරයි. බොහෝ දරුවන් එළවළු ආහාරයට ගත්තද, පෙර පාසල් දරුවන් ක්ෂණිකව ඔවුන්ගේ ආහාර වේල ලෙස චීස් හෝ බටර්  සමග පැස්ටා සෑම තෝරා ගනී. නමුත් ඔබ විසින් ඔවුන්ට සමබල ආහාර වේලක් ලබා දිය යුතු වේ. මෙම වයස තුල වැඩිහිටි අධීක්ෂණය යටතේ ඕනෑම වර්ගයක අ ආහාර ගැනීමට දරුවට හැකි වේ. මෙම වයසේ දරුවා ආහාර සැකසීමට මෙම කෑම මේසය පරිහරණයට කැමැත්තක් දක්වයි. එසේ වුවද ආහාර වේල නිම වන තුරු මේසයේ රැදී නොසිටී. ඔවුන් එම කාල වෙලාව තුල පවුල සහ මිතුරන් සමග කතා බහ කිරීමට කැමැත්තක් දක්වයි. මෙය හොද ආහාර පුරුදු කියා දීමට හොදම කාලයයි.
 

 * නින්ද සහ විවේකය

බොහෝ දරුවන් කෙටි නින්දක් ලබා ගැනීම මෙම වයස වන විට අත හරී.  මෙම නිසා වේලාසනින් නින්දට යාමට දරුවා හුරු කිරීම වඩා  වැදගත් වේ. රාත්රී නින්දේදී ඇහැරිම මෙම අවධිය වන විට ඉතා දුලබ වේ.  සාමාන්යයෙන් අවුරුදු 5 ත් 10ත් අතර දරුවෙකුට පැය 12ක නින්දක් අවශ්ය වේ. දරුවෙක්ගේ නින්දේ කාලය දරුවාගෙන් දරුවාට වෙනස් වේ. සමහර දරුවන්ට පැය 8ක නින්දක් ප්රමාණවත් වන අතර සමහර දරුවන් පෙය 12 සහ ඊට වැඩි කාලයක නින්දක් ලබා ගනී.

* ඔබේ දරුවාගේ  හැසිරීම

දරුවන්ගේ පෞරුෂය සහ රුචිකත්වය එකිනෙකට වෙනස් බැවින් අවුරුදු 4 ත් 5 ත් අතර ඔබේ දරුවන්ගේ හැසිරීම් සහ හැසිරීම් ගැටළු එකිනෙකට වෙනස් වේ. මෙම වයසේදී දරුවා සාමාන්යයෙන් සයලු දේ ගැන විමසිලිමත් වන අතර ඔවුන්ගේ ජිවිතයේ විශාල වෙනසක් සමග හැසිරීමේ යම් වෙනසක් දැක ගත හැක. ඉතා ඉක්මනින් බොහෝ දරුවන් පෙර පාසල් වෙත යොමු කෙරෙනු ඇත.  එසේම ප්රථම වරට පාසල් රටාවට හුරු කිරීමක් සිදු කෙරෙනු ඇත. නිවසෙන් බැහැර වීමේ සංකාව හෝ බය සමග ගුරුවරු සහ අනෙකුත් දරුවන් සමග නව අත්දැකීමකට මුහුණ දෙනු ඇත. අලුත් බලාපොරොත්තු සමග ඔවුන්ඉක්මන් අවධානය ලබා ගැනීම, අන් ය සමග ගනුදෙනු කිරීම වැනි  ගැටළු වලට මුහුණ දේවි.

* ඔබේ දරුවාගේ විනය කළමනාකරණය

ඔබට දිය හැකි හොදම පුවත නම් මෙම අවධිය වන විට ඔබේ දරුවා තුල හොද සංනිවේදන පුරුදු  ඇති කල හැක. දරුවා සමග ඔවුන්ගේ ගැටළු සාකච්චා කර විසදා ගැනීම හැක. අවුරුදු 4, 5 වන දරුවා ඊට පෙර අවධියට වඩා වාචිකව අදහස් දක්වන අතර, ඥානන්විතව සහ හැගීම් බරව ඔවුන්ගේ හැසිරීම් ගැටළු පිළිබද සාකච්චා කල හැක.

This is a Sinhala Adaptation of "4 to 5 Years Old Child of You"
මෙය "4 to 5 Years Old Child of You" ලිපියේ සිංහල අනුවාදයකි

ඔබට ඇති වෛද්ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්යවරයාගෙන් අසන්න
...................

If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

මෙම ලිපිය ඔබට ප්රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

Related Articles

තුන් මසක් වයසැති ඔබේ දරුවා

මාස 1ත් 7ත් අතර ළදරුවා

මාස 7ත් 12ත් අතර ළදරුවා

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook