ගර්භණීභාවයට පෙර ශාරීරික ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම

Hits: 3346 times

දෛනික ශාරීරික ව්‍යායාම් ඔබගේ ජීවන රටාවට එකතුකර ගැනීමෙන් ඔබට යහපත් සෞඛ්‍යයක් භුක්ති විඳීමට සහ ඔබගේ ශරීරය ගර්භනීකාලයට සූදානම් කරගත හැකිය. මේ තුලින් ඔබගේ කායීක සහ මානසීක සෞඛ්‍යයට උපකාර වෙනවා පමණක් නොව, ගර්භණී සමය සහ ඉන්පසුවද ඔබගේ දිගුකාලීන සෞඛ්‍ය සඳහා උදව්වේ.

ගර්භණීභාවය සහ ශරීරයේ බර

ඔබ, හිතකර බරක් පවත්වාගෙන යාමෙන්, සරුබව වැඩි කරන ආහාර වර්ග ගැනීම අත්‍යවශ්‍ය නොවේ. අධ්‍යන වාර්තා වලට අනුව ඉතා අඩු සහ ඉතා වැඩි ශරීර බර දර්ශකයන් ඇති කාන්තාවන්ගේ ඩිම්බනීහරණයට බාධා ඇතිවන අතර ඉතා වැදගත් ප්‍රජනක හෝර්මෝන නිපදවීම අඩුවීම සඳහාද බලපායි. ශරීරයේ බර අධිකවූ බොහෝ කාන්තාවන්ගේ ඩිම්බමෝචනයේ ක්‍රියාකාරිත්වයේ ගැටළු තිබීම හේතුවෙන්, බොහෝවිට PCOS සහලක්ෂණය (Polycystic Ovary Syndrome) තිබිය හැක. කාන්තාවන්ගේ ඩිම්බ මෝචනය සාමාන්‍ය පරිදී සිදුවූවත් තරබාරු වීම නිසා සරුභාවය සඳහා බාධා ඇතිවීමට බොහෝසේ ඉඩ තිබෙන බව සොයාගන්නා ලදී.

දෛනික ශාරීරික ව්‍යායාමයන් කිරීම නිසා ඇතිවන ප්‍රයෝජන නම්:

  1. ඉක්මන් ගර්භණීභාවයකට පත්වීම සඳහා හිතකර ගැබ් ගැනීමකට සරිලන අවස්ථාවන් වර්ධනය කර ගත යුතුය. ශාරීරික ව්‍යායාමයන් මඟින් කාන්තා සහ පුරුෂ යන දෙදෙනාගේම හෝමෝන සමබරව ක්‍රියාකරන අතර කන්තාවගේ ඔසප් චක්‍රය පාලනය සහ සරු ඩිම්බ උත්පාදනය සිදුකිරීම සඳහා දායක වෙයි. එමෙන්ම පුරුෂයාගේ සරු ශුක්‍රාණු නිපදවීම සඳහා උදව්වේ.
  2. භාර්යාව සහ පුරුෂයා යන දෙදෙනාගේ මානසීක දියුණුව සඳහා උදව් කිරීම. දරුවෙකු පිලිසිඳීම සඳහා ඔබ අපේක්ෂා කරන කාලය වැඩිවෙනවා නම්, ඔබ දෙදෙනාගේ ආතති තත්වයන් මඟහැරවීම සඳහා ක්‍රියාකල යුතුය.
  3. ඔබ හොඳ නින්දක් ලබා ගැනීම තුලින් ඔබ කරන සෑම ක්‍රියාවක් සඳහා අවශ්‍ය වන ශක්තිය ඇතිවීමට බොහෝසේ ඉඩ ඇත. නිසි ව්‍යායාම නිසි  නින්දකට මඟ පාදයි.
  4. ඔබ දෙදෙනා ප්‍රයෝජන ලබන ශාරීරික ක්‍රියාකාරකමක් ඇතිනම් ඔබගේ සහකාරයා හෝ සහකාරිය සමඟ ඒවා කිරීම මඟින් විනෝදමත් කාලයක් ගත කල හැක. මෙම සතුට සහ ඒ සමග ඇතිවන බැඳීමත් ඔබ දෙදෙනාගේ සරු බවට හේතු වේ.
  5. කාන්තාවගේ ශරීරය ගර්භණීභාවය සඳහා ශාරීරික අවශ්‍යතාවයන් අනුව සූදානම් කිරීම අත්‍යාවශ්‍ය වේ. එසේම සහකරුවන් දෙදෙනා ඉදිරි මාපිය කටයුතු අවශ්‍යතාවයන්ට අනුව සූදානම් විය යුතුය. ක්‍රියාශීලී සහ සෞඛ්‍ය සම්පන්න යුවලකට තම දරුවා ඇති දැඩි කිරීමේදී අවශ්‍ය ලෙස දුව පැන ඇවිද ක්‍රියා කිරීමේ වැඩි හැකියාවක් පවතී.
  6. කාන්තාවක් ගැබ් ගැනීමට පෙර නියමිත ප්‍රමාණයක යෝග්‍යතාවක් ලබා ගැනීම තුලින් ගර්භණී අවධියේදී හදිසියෙන් යෝග්‍යතාව ලබාගැනීමට අවශ්‍ය නොවේ.
    ඔබේ යටි පිට කොන්ද සහ උදරීය මාංශපේෂීන් ශක්තිමත් කිරීම තුලින් ගර්භණී අවධියේ ඇතිවීමට තිබෙන කොන්ද වේදනාව බොහෝසේ අඩු කරගත හැක. විශේෂයෙන්ම ව්‍යායාම සඳහා පුරුදු නැති කෙනෙක් ගර්භණී සමයේ අමුතුවෙන් ව්‍යායාම වලට පුරුදු කිරීම ඉතා අපහසුය!
  7. ගර්භණී සමයේ අසාමාන්‍ය ලෙස ශරීරය ස්ථුල වීම අඩුවේ 

පෙර සිටම ඔබ නිවැරදි ආහාර පුරුදු සහ ව්‍යායාම පුරුදු වී ඇති නම් ගර්භණී සමයේ අයහපත් ලෙස ශරීරය ස්ථුල නොවන අතර, දියවැඩියාව වැනි රෝග ඇතිවීමේ අවදානමද අඩුවේ.

ඔබට ව්‍යායාම කිරීම ඉතා අසීරුද?

බොහෝ අය 'ව්‍යායාම' යන වචනය මඟහරී. කෙසේ නමුත් ශාරීරිකව ක්‍රියාශීලි වීම යනු නිරන්තරයෙන් බරපතල ලෙස වැඩ කලයුතු බව කියවෙන්නේ නැත. සාමාන්‍ය ලෙස ක්‍රමානුකූලව ව්‍යායාම කල යුතුය. ඔබ ව්‍යායාමයක් මුලින්ම පටන් ගන්නා විට, එය කෙටි වෙලාවකට පමණක් සීමා වීම සුදුසු වේ. ඉන්පසු වාර වලදී, ක්‍රමයෙන් වේලාව වැඩි කරමින් ව්‍යායාම කල හැකිය.මෙසේ ඔබ කිරීම මඟින් එක්තරා රටාවකට හුරුවී, මෙම ව්‍යායාමයන් ඉතාමත් පහසුවෙන් සහ විනෝදජනක ලෙස කලහැකි බව නොඅනුමානයි. එසේම මෙම ව්‍යායාමයන් ඔබට නැවත කිරීමට කැමැත්තක් දක්වනු ඇත.

තනිව කරනවාට වඩා තවත් කෙනෙකු සමග කිරීම සුදුසුයි

ඔබේ සහකාරයා හෝ යහළුවෙකු සමඟ මෙම ව්‍යායාම කිරීමට කථා කර කැමති කරගත හොත් ඔබට එය දිගටම පවත්වාගෙන යාමට හොඳ සහයෝගයක් වනු ඇත. කාර්යබහුල ජීවිතයේ ව්‍යායාම සඳහා වේලාවක් වෙන්කරවා ගැනීම ඉතාමත් අසීරු දෙයකි. නමුත් ඔබට බාහිර ක්‍රියාකාරකම් නිර්මාණාත්මක ලෙස කල හැක. ඔබට ඔබේ නෑදෑ හිතමිතුරන් සමඟ එකතුවී කලහැකි කායික ලෙස යෙදෙන ක්‍රියාකරකම් කලහැකිය. උදාහරණයක් ලෙස එක්ව ඇවිදීම, බයිසිකලය පැදීම වැනි ක්‍රියාකාරකම් කල හැක.

සතියට කී වරක් ව්‍යායාම කල යුතුද?

ව්‍යායාම කරන වාරයන් සහ වේලාවන්, එකිනෙකාට වෙනස් විය හැක. සැමදා කායික ලෙස ක්‍රියාකාරී වීම ඉතා සුදුසුය. නමුත් එය නිරන්තරයෙන් ඉෂ්ඨ කරගැනීමට අපහසුය. දවස් දෙකෙන් දෙකට ව්‍යායාම කිරීම ඉතා විශිෂ්ඨය. සතියට දවස් තුනක් ඉතා හොඳයි. සතියට දවස් එකක් හෝ දෙකක් සාමාන්‍යයෙන් හොඳයි. එසේම නියමයක් නැති වේලාවක හෝ කාලයකින් කිරීම, මුකුත් නොකරනවාට වඩා හොඳයි. සෑම ව්‍යායාම වාරයක්ම විනාඩි 20ක් පමණ විය යුතුය. එහෙත් ඔබට අවශ්‍ය නම් විනාඩි 30ක් 45ක් පමණ කලහැක.

................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "Share" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

If you found this article interesting and helpful, please share with your friends too. Just click the "Share" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

................

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook