ගර්භණීභාවය සඳහා ඔබ මානසිකව සූදානම්ද?

Hits: 4442 times

දරුවෙකු හදාවඩා ගැනීම සඳහා මානසිකවසූදානම් වීම, විවිධ පුද්ගලයන්ට වෙනස් අදහසක් ගෙන දියහැක. සමහරක් අයට දරුවෙකු ඉක්මනින් අවශ්‍ය බවත් දරුවෙකු හදාගැනීමට සූදානම් බවත් යන සරල හැඟීම් දැනෙයි. නමුත් සමහරක් අය, ආර්ථික තත්වය සහ රැකියාව යන අවශ්‍යතා සපුරාලන තෙක් කාලයක් රැඳී සිටියි.

ගැබ් ගැනීම ප්‍රමාද කිරීම

නූතන කාන්තාවන් සහ පුරුෂයන් මව්පිය පදවිය ලබාගැනීම, කලින් පරම්පරා වලට වඩා ප්‍රමාද කරවීමේ තත්වයක් දැකගැනීමට ඇත. එයට හේතුව වන්නේ බොහෝ නූතන මව්වරුන් ඉතා උසස් අධ්‍යාපන මට්ටමක් සහ ඉතා උසස් රැකියාවල නිරත්වීම හේතුවෙනි. එමෙන්ම බොහෝවිට ඔවුන්ට දරුවන් ලැබූවත් තම රැකියාවන් දිගටම කරගෙන යාමට උත්සහ කරයි. නමුත් දරුවා ඉපදී මාස ගණනකින් මව්වරුන් නැවත රැකියාවට යනවිට, තම රැකියාව සහ මාතෘත්වය සමඟ මව්වරුන් බොහෝසේ වෙහෙස මහන්සිවී පීඩනයට පත්වේ. බොහෝ අය මේ බරපතල හේතූන් නිසා දරුවෙකු හදාගන්නවාද නැද්ද යන්න තීරණය කරයි. බටහිර රටවල් වල දැනට ප්‍රචලිත වන දෙයක් නම් පියවරුන් දරුවා ඉපදුනු පසු පීතෘත්වය සඳහා නිවාඩු ගෙන ගෙදරටවී දරුවා රැකබලා ගැනීමයි.

මාතෘත්වය සඳහා සූදානම් වීම

ඔබ මාතෘත්වය සඳහා සූදානම් වීම සහ ඔබේ සම්බන්ධතාවයන්, නව ගර්භණීභාවය සහ මාතෘත්වයේදී ඔබට අවශ්‍ය වෙනස් කිරීම් සහ හඳුනාගැනීම් සිදුකිරීමට අවස්ථාවක් ඇතිවේ. මේ සඳහා ඔබේ අලුත උපන් දරුවා ඔබේ ජීවන ක්‍රමයට, රැකියාවට, සහෝදර සහෝදරියන් සහ ඔබේ මූල්‍ය වගකීම් වලට සම්බන්ධ වන ආකාරය අනුව තීරණය වේ. ඔබ මුළුමුනින්ම මවක් වීමට සිතනවා නම් ගර්භණීභාවයේ, ප්‍රසවයේදී, උපතේදී සහ මාපිය කටයුතු වලදී ඔබට උදව් කල හැකි අය හඳුනා ගත යුතුය. කාන්තාවකට මෙම  කාලයේදී ප්‍රායෝගික සහ මානසීක අනුග්‍රහය අවශ්‍ය වන අතර ඔබට විශ්වාසවන්තවූ පිරිස් ජාලයක් ගොඩනඟා ගැනීම හේතුවෙන් ඔබට අවශ්‍ය විටකදී ඔවුන්ව ඔබේ උදව්වට අඬගැසිය හැක. එය ඔබට ජීවිතාරක්ෂකයක් වන බව නොඅනුමානයි. 

වෙනස්වීම් රාශියකට සූදානම් වීම

ඔබේ මානසීක සූදානම් වීමේ එක් කොටසක් ලෙස වෙනස්වීම් හසුරුවන ආකාරය ඔබ ඉගෙන ගනී. ගර්භණීභාවයේ ප්‍රගතිය සමඟ වෙනස්වීම, ප්‍රසවයේ සහ දරු උපත ක්‍රමයේ වෙනස්වීම සහ ඔබ මාතෘත්වයේ කරන කාර්යභාරය අනුව වෙනස්වීම් සිදුවිය යුතුය. මෙම වෙනස්වීම් අභියෝගාත්මක සහ බරපතළ වියහැකි නමුත් එය විස්මයජනක සහ අගනා ප්‍රතිඵල ලබාදෙන්නක් වෙයි. වෙනස්වීම් වලට විවෘත වීම සහ ඔබගේ ආකල්පයන් හා ඔබ යන මාර්ගය වෙනස්කල හැකිවීම, ඔබ ඉදිරියේ තිබෙන වෙනස්වීම් වලට සාර්ථකව හැසිරවීමට සහ මෙම අනිවාර්ය වෙනස්වීම් බාරගැනීම සඳහා හැඩගැසීමට උදව් වේ.

ඔබ සිතිය යුතු දේවල් පිලිබඳව සොයා බලන්න.

දරුවෙකු ගැබ්ගැනීමට පෙර පහත සඳහන් කරුණු වලින් ඔබ සලකා බැලිය යුතු මානසීක හා ප්‍රායෝගික සූදානම පිලිබඳව දක්වා ඇත:

  1. රැකියා සහ වෘත්තීය විකල්ප පිලිබඳව සාකච්ඡා කිරීම. නිවාඩු වේලාවක් ලබාගන්නේ කවුද සහ එය කොපමණ වේලාවක් තිබේද? ඔබ රැකියාවෙන් නැවත එනතෙක් ඔබේ දරුවා රැකබලාගැනීමට කැමතිවූ කෙනෙකු සිටිනවාද නැතහොත් ඔබට දැරිය හැකි උසස් තත්වයේ දරුවන් රැකබලාගන්නා මධ්‍යස්ථානයක් පහසුවෙන් සොයාගැනීමට තිබේද? ඔබ ඔබේ ව්‍යාපාරයක් පාලනය කරනවා නම් එය වෙනත් විශ්වාසවන්ත කෙනෙකුට පාලනය කිරීමට අවස්ථාව දීමෙන් දරුවා රැකබලාගැනීමට වේලාවක් ඇතිවීමට තිබේද යන කරුණු සොයා බැලිය හැක.
  2. ඔබේ පවුලේ සහ හිතමිතුරන් සමඟ ඇති ප්‍රශ්න සහ ඔවුන් දරුවා සමඟ ඇති සම්බැඳියාව පිලිබඳව සොයාබලන්න. සමහරවිට ඔබට ඔබේ පවුලට ලංවීමට අවශ්‍ය විය හැක. නැතහොත් සමහරවිට ඔබේ පවුලෙන් ඈත්වීමට අවශ්‍ය වෙයි.
  3. ඔබ පිටරටක ජීවත් වෙනවා නම්, ඔබේ දරුවා ගෙදර තබා ගැනීම පිලිබඳව සැලසුම් කරගත යුතු ආකාරය සහ එය පිලිවෙළක් කරගන්නා ආකාරය පිලිබඳව සොයාබැලිය යුතුය.
  4. පුරුෂයාගේ සහ කාන්තාවගේ වැටුප් දෙකෙන් එක වැටුපකට යාමේදී, ඔබේ ආර්ථික පිළිවෙලට එකඟ වීම.
  5. ඔබේ ආතතිය සඳහා බලපාන විශාල ජීවන වෙනස්වීම් වලින් වැළකීම (විශේෂයෙන් ඔබ ගැබ්ගැනීම සඳහා කාලය ගතවෙනවා නම්). ආතතිය විශාල වශයෙන් ගෙනදෙන රැකියා වලින් වෙනස් නොවීම, විශාල මූල්‍ය බැඳීම් වලට යටවීම සහ නිවසක් මිලඳී ගැනීම, විකිණීම සහ අලුත්වැඩියා කිරීම මේ සඳහා උදාහරණ වේ.
  6. ඔබ ගැබ්ගෙන සිටින අවස්ථාවේදී ගෙදර අළුත්වැඩියා කිරීම් සිදුවෙනවා නම්, පරණ තීන්ත වලින් සහ කුණු වලින් ප්‍රවේසම් විය යුතුය. එමෙන්ම විෂ තීන්ත සහ වාර්නිෂ් වලින්ද ප්‍රවේසම් විය යුතුය. එසේම පළිබෝධ දුම්ගැස්සීම් වලින් නිරාවරණය වීමෙන් වලකින්න. මේ පිලිබඳව ඔබට තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් වෘත්තීය සහ පාරිසරික උවදුරු පිලිබඳව සොයා බලන්න.
  7. ඔබ කලින් දරුවෙකු ලබනවිට ප්‍රසවයේ හා දරු උපතේදී අප්‍රසන්න වූවා නම්, නැතහොත් දරුවා මියගියා නම්, ඔබ මනෝවෛද්‍ය විශේෂඥයකුගෙන් උපදෙස් ලබාගත යුතුය. එහිදී ඔබට දැනෙන සිතිවිලි, හැඟීම්, බය සහ සාංකාව පිලිබඳව සාකච්ඡා කල හැක. තවත් දරුවෙකු බිහිකිරීමට පෙර බොහෝ කාන්තාවන් මෙම ප්‍රශ්න සාකච්ඡා කර විසඳාගත යුතුය.

................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "Share" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

If you found this article interesting and helpful, please share with your friends too. Just click the "Share" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

................

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook