කාන්තාවක් ගැබ්ගැනීමක් බලාපොරොත්තු වන  විට ධනාත්මකව සිටිය යුත්තේ කෙසේද?

Hits: 52199 times

අපගේ මානසික ආතතිය හේතුවෙන් සරුභාවයට සෘනාත්මකව බලපෑමට ඉඩ තිබේ. සමහර විට මාසයක් දෙකක් පමණ ගැබ් ගැනීමට උත්සාහ කරන විට, එය සිදු නොවේ නම් අවාසනාවකට මෙන් මානසික ආතතිය නිසා ඔබේ බලාපොරොත්තු සුන් වූ බවක් දැනීමෙන් ඍණාත්මක ආකල්ප ඔබේ සිතට ඇතුළු වේ… මෙය අප සිතෙන් බැහැර කර වඩා ධනාත්මක විය යුතුය...

අධ්‍යනවල පෙන්නුම් කරන ආකාරයට, විවිධ සෞඛ්‍යමය හේතු මත ගැබ්ගත නොහැකි කාන්තාවන් දොම්නසෙන් සහ සාංකාවෙන් සිටියි. මෙම ප්‍රකාශය තේරුම්ගත හැකි අදහසක් වන අතර එවන් කාන්තාවන්ට තම පවුල මානසික ශක්තියක් විය යුතුය... නමුත් සමහරුන්ට ඇත්තේ දරුවන් “නොලැබෙන” තත්ත්වයක්  නොව, දරු පල “අඩු” තත්ත්වයකි. ඔවුන්ට නිසි ප්‍රතිකාර මගින් දරුවන් ලබා ගත හැක...

උත්සාහය අත් නොහරින්න...

අඹු සැමි දෙදෙනෙකු දරුවෙකු සාදාගැනීමට නොහැකිව, ගර්භණීභාවය පිලිබඳ අදහස අතහැර දරුවෙකු හදාගැනීමට ගෙන ඔවුන් පසු කලෙක ආශ්චර්යක් ලෙස කාන්තාවන් ගැබ් ගන්නා සිද්ධීන් ගණනාවක් ඔබ අසා තිබිය හැක. වෛද්‍යවරුන් පවසන්නේ ඔබ උත්සාහ කිරීමට ආරම්භ කරන පළමු මාසය හෝ ඇතැම් විට මාස තුනක් තුල, ගැබ් ගැනීමක් සිදු නොවීම අසාමාන්‍ය නොවන බවයි. ජනගහනයෙන් 30% පමණ දෙනා ගැබ් ගැනීමකට වසරක් පමණ කල් ගනිති! (නමුත් ඔබට පෙර සිටම සැකයක් පවතී නම් ශුක්‍රාණු සහ ඩිම්බ සම්බන්ධව පරීක්ෂණ කරගැනීමට පහසුකම් ඇත. ඔබේ එසේ කරගෙන නැතිව මාස 9ක් පමණ උත්සාහ කරත් ප්‍රථිපල නොමැති නම් වෛද්‍ය වරයකු හමුව සාකච්ඡා කිරීම සාධාරණය)

සෘණාත්මක අදහස් අඩු කරගැනීම සඳහා උදව් වන කරුණු 

ඔබ ගැබ්ගැනීමට උත්සහ කරන අතරේදී සෘණාත්මක අදහස් අඩු කරගැනීම සඳහා උදව් වන කරුණු පහත දක්වා ඇත.

  • ඔබ සඳහා වේලාවක් වෙන් කරවා ගන්න. විනාඩි 5 හෝ 10ක් ඔබේ දෙපා උඩට දමා මදකට නිදාගන්න. එවිට ඔබේ ශරීරයට ඉක්මන් ශක්තිය ඇතිවේ. එසේම ඔබ, දරුවන් ඇතිවීමේ ක්‍රියාවලියක වැදගත් කොටසක් බව මතක තබාගත යුතු කාරණයකි.
  • දිනපොතක් භාවිතා කිරීම වැදගත් දෙයකි. එය භාවිතා කිරීමෙන් ඔබේ මනසේ තිබෙන සෘනාත්මක හැඟීම් ඉවත්කර ගැනීමට උදව් වේ. එහිදී ඔබට ඔබ පිලිබඳව දැනගැනීමට හැකිවේ. ඔබේ චර්යාවල සෘණාත්මක බවක් ඇතිනම්, ඒවා ධනාත්මකව සිතිවිලි වලට හැරවීමට කලහැකි දේවල් මොනවාදැයි සොයාබැලිය හැක.
  • ඔබට ධනාත්මක ලෙස සංකල්පයන් ඇති නොවන්නේ නම්, ධනාත්මක වචන, රූප සටහන් සහ වාක්‍යයන් මුද්‍රණය කරගෙන හෝ සටහන් කොලයක ලියා තබා  ගන්න. ඒවා නිතරම පෙනෙන විට ඔබේ මනස දිනපතා සටහන් කර ගනී. එම සටහන් කොල නානකාමරයේ කණ්ණාඩියේ, ඔබේ පරිගණකයේ, ඔබේ වාහනයේ වැනි තැන්වල සටහන් කරගන්න. එසේම ඔබේ දුරකථනයේද ඒවා සටහන් කර තබා ගන්න. ඔබ එම වාක්‍යය සහ වචන, ශබ්ද නඟා හෝ ඔබේ මනසට නැවත නැවතත් කියන්න. 'මම නිරෝගී කාන්තාවකි', “මගේ ගර්භාෂය සහ ඩිම්බකෝෂ දරුවෙකු සෑදීම සඳහා සූදානම්', 'මගේ සහකාරයා සහ මම අපූරු දෙමව්පියන්වේ' වැනි වාක්‍ය ඛණ්ඩ භාවිතා කල හැක. මෙවැනි වාක්‍ය ඛණ්ඩ සහ වචන, සටහන් කොලවල තිබෙනවා දැක ඔබට සිනහවක් ගෙන දෙයි.
  • රාත්‍රියේදී ඔබ දෙදෙනා එක්වීමට අමතක නොකරන්න. ඔබගේ විවාහයට කලින් තිබූ ආදරණීය තත්වය නැවත නිර්මාණය කිරීම ඉතා ප්‍රයෝජනවත්ය. ඇතැම් යුවල විවාහයෙන් පසු අධික ලෙස කාර්ය බහුල වී මානසික ආතතියෙන් පීඩා විඳින බව පෙනේ. ඔබ එකිනෙකා විවිධ තෑගිබෝග වලින් පුදුම කල හැකිය. එසේම රාත්‍රී අහාරයට එලියට යාම සහ චිත්‍රපටි නැරඹීම වැනි දෙවල් කල හැක. ඔබේ සරු නොවන කාලයේ වුවද ඔබ දෙදෙනා එක් වූවාට ප්‍රශ්නයක් නැත. එවිට ඔබ දෙදෙනාට ආතතියෙන් මිදිය හැක. මෙම ක්‍රියාවලිය “ළමුන් හැදීමේ ව්‍යායාමයක්” ලෙස නොව දෙදෙනාගේ අන්‍යොන්‍ය වශයෙන් සතුටු කරන ක්‍රියාකාරකමක් කරගැනීම ඉතා වැදගත්! නැතිනම් ඇතිවන ආතතිය නිසා ඔබ දෙදෙනාගේම ක්‍රියාකාරීත්වය දුර්වල විය හැක!
  • ඔබ වටා තිබෙන සෘණාත්මක දේවල් ඉවත්කර ගන්න. ධනාත්මක පුද්ගලයන්, ධනාත්මක පොත්පත් කියවීම, ධනාත්මක හා විනෝදජනක චිත්‍රපටි නැරඹීම සමඟ සම්බන්ධ විය හැක. ඔබ ගැබ්ගන්නා කාලයේදී සෘණාත්මක පුද්ගලයන් සහ ප්‍රතිරූපයන් සමඟ පහතට නොයන්න. එවැනි ඍණාත්මක පුද්ගලයන් ආශ්‍රය සූක්ෂම ලෙස මඟ හරින්න. නිරෝගී සීමාවක් ඔබ හදාගන්න. එහිදී ඔබ පාලනය කල යුතු ආහාර සහ වෙනත් දේවල් ඔබේ ජීවිතයෙන් බැහැර කරන්න. ඔබට අහිතකර දේවල් වලට ඔබ ප්‍රතික්ෂේප කර ඔබව සෞඛ්‍යසම්පන්නව ඉදිරියෙන් තැබිය යුතුය.

ඉහත කරුණු 5 මගින් දරු උපතක් බලාපොරොත්තු වන ඔබට උපකාරයක් වන අතර ඔබ දන්නා වෙනත් ධනාත්මක සංකල්ප comments යටතේ ලියා තබන්න...අනිත් යටත් එය ප්‍රයෝජනයක් වේවි!

 ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook