පියයුරු පිලිකා වැලැක්වීමට දැන ගත යුතු කරුණු

Hits: 18098 times

කාන්තාවට ඇති වෙන සුලභ ම හා ජීවිතයට තර්ජනයක් විය හැකි ම පිලිකාව පියයුරු පිලිකාවයි. සංවර්ධනය වන රටවල් වල පිලිකා ආශ්රිත මරණවලින් වැඩි ම ගණනකට හේතු වන්නේ පියයුරු පිලිකා. මුල් අවධියේ පියයුරු පිලිකා නිසා කිසි ම රෝග ලක්ෂණයක් ඇති වන්නේ නැහැ. 

 ලංකාවේ කාන්තාවන් අතර බොහෝ විට පියයුරු පිලිකා හඳුනාගන්නේ පියයුරු වල ගැටිත්තක් ඇති වූ විටයි. මැමෝග්රෑම් පරීක්ෂාව පුරුද්දක් වශයෙන් ම කරන රටවල් වල පියයුරු පිලිකා මුල් අවදියේ දී ම හඳුනා ගන්නවා. එනිසා පියයුරු පිලිකා ගැන දැන ගෙන සිටීමෙන් පියයුරු පිලිකා වැලැක්වීමටත්, කලින් හඳුනා ගෙන ප්රථිකාර ගැනීමටත් හැකි වෙනවා.

 

* පියයුරු පිලිකා සඳහා අවදානම් සාධක මොනවා ද?

කාන්තාවක් වීම ම අවදානම් සාධකයක්. වයස 40 ට අඩු කාන්තාවන්ට පියයුරු පිලිකා ඇති වීම දුර්ලභයි. එහෙත් 40 න් පසු අවදානම විශාල වශයෙන් වැඩි වෙනවා. ප්රස්ථාරයක දැක්වුවහොත් පියයුරු පිලිකා ඇති වීමේ අවදානම වයස 50 පමණ වන සමයේත් 70 පමණ වන සමයේත් ඉහල අගයක් ගන්නවා. ඉතාමත් ම වැදගත් වන අවදානම් සාධකය වන්නේ පියයුරු පිලිකාවෙන් පෙලෙන ඥාතීන් සිටීමයි. ඔබේ මවට හෝ සහෝදරියෙකුට පියයුරු පිලිකාවක් ඇත්නම් ඔබේ අවදානම,එවන් ඥාතීන් නැති කාන්තාවකට වඩා 4 ගුණයකින් වැඩියි. ඔබේ ඥාතීන් දෙදෙනෙකුට පියයුරු පිලිකා ඇත්නම් ඔබේ අවදානම 5 ගුණයකින් වැඩියි. ඒ ඥාතීන්ට පියයුරු පිලිකා ඇති බව වයස 50 ට පෙර සොයා ගත්තා නම් පෙර කී අවදානම දෙගුණ වෙනවා. ඩිම්බ කෝශයේ පිලිකා ඇති ඥාතීන් සිටීම ද පියයුරු පිලිකාවට අවදානම වැඩි කරනවා. පිරිමි අයටත් පියයුරු පිලිකා ඇති විය හැකි අතර එවන් පිරිමි නෑයෙකු සිටීම ඔබේ අවදානම වැඩි කරනවා. BRCA 1, BRCA 2, TP53, MLH1 හා MLH2 ජාන අසාමාන්යතා තිබීම පියයුරු පිලිකා අවදානම වැඩි කරනවා. මෙම ජානමය සාධක විශේෂ පරීක්ෂණ මගින් පමණක් සොයා ගත හැකියි. බොහෝ පියයුරු පිලිකා estrogen හෝමෝනයට සංවේදීයි. එනිසා එම හෝමෝනයට කාන්තාවක් වැඩිපුර හා වැඩි කාලයක් තිස්සේ නිරාවරණය වන අවස්ථාවන් වල දී පියයුරු පිලිකා අවදානම වැඩි වෙනවා. අඩු වයසක දී මල්වර වීම, ආර්ථවහරණය ප්රමාද වීම, ප්රමාද වී පළමු වරට ගර්භණී වීම හා කිසි දිනක ගර්භණී නොවීම පියයුරු පිලිකා ඇතිවීමේ අවදානම වැඩි කරනවා. Estrogen හෝමෝනය අඩංගු උපත් පාලන පෙති දිගු කාලය ක් ගැනීම පියයුරු පිලිකා ඇති වීමේ අවදානම වැඩි කරනවා. උපත් පාලන පෙති වර්තමානයේ භාවිතා කරන කාන්තාවන්ගේ අවදානම, භාවිතා නොකරන කාන්තාවකගේ මෙන් 25% ක් වැඩියි. වයස යන විට හා උපත් පාලන පෙති ගැනීම නැවැත්වූ පසු අවදානම ක්රමයෙන් අඩු වෙනවා. උපත් පාලන පෙති නවත්වා වසර 10 කින් පමණ අවදානම පෙති භාවිතා නොකරන කාන්තාවකගේ තරමට පත්වෙනවා. ආර්ථවහරණයෙන් පසු Hormone replacement therapy වලින් පියයුරු පිලිකා අවදානම වැඩි වෙනවා. එම අවදානම hormone replacement therapy භාවිතා නොකරන කෙනක් මෙන් 26% ක් වැඩියි. Hormone replacement therapy භාවිතා කරන කාලය වැඩි වන විට පියයුරු පිලිකා අවදානම ටිකෙන් ටික වැඩි වෙනවා. එනිසා දැනට hormone replacement therapy දීර්ඝ කාලීන භාවිතයට සම්මත කර නැහැ. පියයුරු වල සමහර රෝග නිසා පියයුරු පිලිකා අවදානම වැඩි වෙනවා. ඒ නිසා කලින් කලට පියයුරු පරීක්ෂා කර ගැනීම සුදුසුයි. සංවර්ධනය වන රටවල් වල පියයුරු පිලිකා වැලඳීමේ අවදානම සංවර්ධිත රටවල අවදානමට වඩා අඩුයි. ආර්ථවහරණයට පසු පියයුරු පිලිකා අවදානම වැඩිවීමට හේතු වෙන සාධක කිහිපයක් තිබෙනවා. වයස 18 ට පසු ශරීරයේ බර වැඩි වීම කිලෝ 25 ට වඩා වැඩි වීම,පිරිසිදු කරන ලද සීනි හා සත්ව මේද අධික ආහාර රටාව, ව්යායාම අඩු වීම හා මත් ද්රව්ය භාවිතය එම හේතුයි. දුම් බීම හා දුම් බොන තැනක සිටීමෙන් දුම් ආඝ්රාණය වීමෙන් පියයුරු පිලිකා අවදානම වැඩි වෙනවා. කෘමි නාශක, වල් නාශක, විකිරණ හා වෙනත් පිලිකාකාරක ද්රව්ය වලින් පියයුරු පිලිකා අවදානම වැඩි වෙනවා.

* මේ රෝග ලක්ෂණ ඇත් නම් ඔබේ වෛද්යවරයා හමුවන්න

මූලික අවදියේ දී බොහෝ පියයුරු පිලිකා කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. බොහොමයක් පියයුරු පිලිකා සොයා ගන්නේ වෛද්ය පරීක්ෂණ වල දීයි.වේදනාව පියයුරු පිලිකා වල සුලභ රෝග ලක්ෂණයක් නොවෙයි. වේදනාවක් ඇති බව කියන්නේ 5% ක් පමණයි. ඉහත පැහැදිලි කල අවදානම් සාධක හෝ රෝග ලක්ෂණ ඔබටත් ඇත්නම් ඔබෙ වෛද්යවරයා හමු වීමෙන්, පියයුරු පිලිකා කලින් හඳුනාගෙන ඉක්මනින් ප්රථිකාර ලබා ගත හැක. 

By: Dr. T. M. S. Sameera B. Madugalle M.B.,B.S (COL), 

.................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න
.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

................


Follow us on Facebook

Join Our Community

Sign in with Facebook