සමාජ රෝග ගැන සත්‍යය හා මිථ්‍යාව

Hits: 12928 times

අනාරක්ෂිත ව ලිංගිකව එක් වුනත් මට කිසිම රෝග ලක්ෂණයක් නැති නිසා මට කිසිම සමාජ රෝගයක් නැහැ.

සමහර සමාජ රෝග සිරුර තුල තිබුනත් කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. සමහර රෝග වල ලක්ෂණ දිගු කාලයක් තිස්සේ හෙමින් හෙමින් මතු වෙනවා. සමහර රෝග වල ලක්ෂණ ඉතා අවමයි. සමාජ රෝග වැලඳී ඇති බොහොමයක් දෙනා ඒ බව දන්නේ නැහැ. දැන සිටියත් ලිංගිකව එක් වීමේ ඇති සතුටට ඇති ආශාව නිසා තමන් හා එක් වන්නට යන තැනැත්තාට ඒ බව පවසන්නේ ද නැහැ. ඔබ මීට පෙර ලිංගික ව එකතු වෙන විට ආරක්ෂක ක්‍රමයක් භාවිතා කලත් කිසිම ආරක්ෂක ක්‍රමයකින් 100% ක් ඔබ සුරැකෙන්නේ නැති බව මතක තබා ගන්න. ආරක්ෂක ක්‍රම ඉතාම සාර්ථක වන්නේ නිවැරදි ව භාවිතා කලොත් පමණයි.

සියළුම සමාජ රෝග නවීන බෙහෙත් වලින් සුව කල හැකියි. 

බැක්ටීරියා ආසාදන හා සමහර වෛරස් රෝග සමහර විට සුව කිරීමට නවීන බෙහෙත් වලට හැකියාව තිබෙනවා. එහෙත් HIV ආසාදනය සුව කිරීමට බෙහෙත් තවම සොයා ගෙන නැහැ. දැනට ඇති බෙහෙත් වලින් HIV ආසාදනය යම් තරමකට පාලනය කල හැකියි. ඊට අමතරව HIV ආසාදනයේ රෝග ලක්ෂණ දිගු කලක් තිස්සේ හෙමින් හෙමින් මතුවීමත්, රෝග ලක්ෂණ අවම වීමත් එම රෝගය කලින් හඳුනා නොගැනීමට හේතු වෙනවා. තව ද HIV රෝගීන් සමාජයේ වැරදි මත නිසා කොන් වෙනවා. මේ කොන් වීමට ඇති බිය නිසා ම HIV ආසාදනයට බෙහෙත් නොගෙන් සිටීම දුර්ලභ තත්වයක් නොවෙයි.

මුඛ ලිංගික සංසර්ගයේ දී සමාජ රෝග බෝ වන්නේ නැහැ

මුඛ ලිංගික සංසර්ගයෙන් බෝ වෙන සමාජ රෝග බොහොමයක් තිබෙනවා. Herpes simplex, Human papilloma virus, හා ගොනෝරියා වැනි ආසාදන උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. Herpes simplex වෛරසය නිසා මුඛයේ ඇති වන තුවාලවල සිට ලිංගේන්ද්‍රයට වෛරසය ඇතුලු විය හැකියි. මුඛ ලිංගික සංසර්ගයේ දී පවා කොන්ඩමයක් භාවිතයෙන් අවදානම අඩු කරගත හැකියි.

HIV සහ Aids යනු එකම තත්වයක්.

HIV යනු වෛරසයේ නමයි. වෛරසය ඇඟට ඇතුලු වීම හා ඇඟේ සෛල තුල ප්‍රගුනණය වීම HIV ආසාදනය නමින් අඳුන්වනවා. පසු කලෙක මේ වෛරසය මඟින් මිනිස් ශරීරයේ ආරක්ෂක පද්ධතිය විනාශ කල පසු වෙනත් ආසාදන වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව අඩු වීම AIDS නමින් හඳුන්වනවා. මේ රෝගය සුව කල නොහැකියි. එහෙත් නවීන බෙහෙත් මඟින් යම් තරමකට හොඳ ජීවිතයක් ගෙන යා හැකියි.  

තොල් සිප ගැනීමෙන් සමාජ රෝග බෝ විය නොහැකියි.

සිප ගැනීමෙන් සමාජ රෝග බෝ වීමේ අවදානම අවමයි. Herpes simplex ආසාදනය ඇති කෙනෙකුගේ මුඛයේ ඇති වෙන තුවාල වල සිට වෛරසය කෙල සමඟ අනෙකාගේ මුඛය තුලට යාමේ අවදානම අඩු වුනත් එය සිදු විය හැකියි.

උපත් පාලන ක්‍රම මඟින් සමාජ රෝග බෝ වීම වලකිනවා

උපත් පාලන ක්‍ර ම බොහොමයක් දැනට සමාජයේ පවතිනවා. බාධක ක්‍රම වලට ගැහැණු හා පිරිමි කොන්ඩම්, ගැබ ගෙලට පලඳින Cap හා Diaphragm අයත් වෙනවා. කොන්ඩම මඟින් වැඩි ප්‍රමාණයක ආරක්ෂාවක් ලැබුනත් cap, diaphragm මඟින් එවැනි ආරක්ෂාවක් නැහැ. උපත් පාලන පෙති මඟින් සමාජ රෝග බෝ වීම වලකින්නේ නැහැ,

.................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න
.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

 .................


Follow us on Facebook

Join Our Community

Sign in with Facebook