වැලන්ටයින් දින විශේෂ ලිපිය - විවාහයෙන් පසුවත් ආදරයේ උණුසුම පවත්වා ගනිමු

Hits: 4119 times

ඔබ පෙමින් බැඳුනු මුල් කාලයේදී සහ විවාහයට පෙර පෙබරවාරි 14 යනු ඔබ ඉතා ඉහලින් සමරන දිනයක් වුවද  විවහයෙන් පසු එය අමතක කර දැමුවාද? ජීවිතයේ හැම දිනකම ඔබ ආදරය බෙදා හදා ගත යුතුයි, නමුත් වසරකට වරක් විශේෂ දිනයකදී එවැනි සැමරුමක් කිරීමේ වරදක් නැහැ. (වෙළඳ ව්යාපාරිකයන්ගේ ගොදුරක් නොවී) ඉතින් අපි කතා කරමු වැලන්ටයින් දිනයේදී හෝ වෙනත් මොනයම් දිනයකදී ආදරය සැමරීම ගැන.

සමහරු කියනවා "විවාහයෙන් කෙළවර වන ආදරයක්" ගැන. හිතන්න, එය කෙතරම් අසංවෙදීද? විවාහය යනු ආදරයේ කෙළවර වීමක් නොව ආදරය නව පණක් ලබන අවස්ථාවක් විය යුතුය. ආදරය විවාහයට පමනක් සීමා වියයුතු නොවන්නා සේම ආදරනීයන්ගේ ආදරනිය සැමරුම් තුලින් ඔබෙ ජිවිතය තවත් රසවත් වේ.

" අපි බැදල, දැන් වයසයි, ඒවා තරුන කාලේ" මෙවන් වදන් අපිට කොතෙකුත් අසන්නට ලැබෙනවා නොවේද? විවහයෙන් පසු ඔබට පැවරෙනැ වගකීම් යුතුකම් ඔබව විඩාවට පත් කරනවා වන්නට පුලුවන. නමුත් ඔබ විවහයට පෙර ඔබෙ සහකරුවාට හෝ සහකාරිය ඔබට ලබා දුන් අවධානය එලෙසම පවතිනවද?

මෙයට පිලිතුර "නැත" නම් ඔබ නැවත ඒ ගැන සිතා බලන්න. ඔබට එසේ වීමට හේතුව ඔබම නොවේද? ඔබ ඇය හෝ ඔහු කෙරෙහි පෙර සේම ඇල්ලමක් දක්වන්නේද? ඔබේ ආදරය පෙර සේම නොඅඩුව ඇයට හෝ ඔහුට පෙන්වනවද? ඔබ සිතින් පෙර සේම ආදරය දැක්වුවාට එය හැගවිමට නොහැකි තරමට ඔබ කාර්ය බහුලද?

ඔබේ අතීතය සිහි කරන්න. දහසක් දුශ්කරතා මැද ආදරය වෙනුවෙන් ඔබ ලග කාලය තිබුනා නොවීද? ඔබ විවාහක බව හෝ වයස ආදරය සැමරීමට බාදවක් කර නොගන්න.

ආදරය සැමරීමට තරු හෝටලයක සාදයක් අවශ්ය වන්නේ නැහැ. ඔබට අවශ්ය වන්නේ ජීවිතයේ හමුවන කුඩා දේ සහ සුළු මොහොතවල් අගය කිරීමයි. සමහර විට ඔබේ සහකරුවා/සහකාරිය ඉතාම මහන්සිවී ගෙදර පැමිණි මොහොතක් වෙන්න පුළුවන්. ඔබට පුළුවන් එම දිනයේ රාත්රියේ ඔහුගේ/ඇයගේ ප්රියතම ආහාර සාදා පිළිගන්වන්න. ඔබට පුළුවන් ලස්සන මල් පොකුරක් කෑම මේසයට තබා ඉටිපහනක් දල්වා එය වර්ණවත් සහ සුවඳවත් රාත්රියක් කරන්න. තවත් විටක ඔබට පුළුවන් ඔහුට හෝ ඇයට රාජකාරී ස්ථානයේ දෙයක් ගැන අසහනයෙන් සිටින විට මල් පොකුරක්, රසවත් චොකලට් පෙත්තක් වැනි දෙයක් දී සුළු සහනයක් ගෙන එන්නට.

ඔබ සේම ඔබේ සහකරුවා හෝ සහකරිය ජිවිතයේ වගකීම් යුතුකම් රාජකාරි අතරේ විවේකයක් සොයනවා වන්නට පුලුවන්න. එක් දිනකින් මද වේලවක් ඇය හෝ ඔහු සමග අතීත සිදු වීම් මතක අතර කාලය ගත කරන්න. එය ඔබේ ආදරය අලුත් කර ජිවිතය සුන්දර විමට නව මග පාදයි.

ඉතින් ඔබත් ව්යාපාරික කරණය වූ වැලන්ටයින් දිනයක් සමරන්න ඕන නැහැ, නමුත් ඔබට පුළුවන් සරල දෙයක් කර මෙම දිනය සුන්දර කර ගන්න. අවම වශයෙන් මොහොතක් ගත කර ඔහුට හෝ ඇයට ඔබේ ස්තුතිවන්ත භාවය කියා පාන්න. "ඔබ මගේ ජීවිතයට පැමිණීම ගැන මම සතුටු වෙනවා, ඔබේ දුක සැප ඔබත් සමග බෙදා ගැනීමට ලැබීම සතුටක්" මෙවැනි වදනක් ඔබ කාලෙකින් කියලා නැතිනම් එසේ කියා බලන්න.

පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය ඒ සදහා සුදුසුම දිනය යි. ඔබේ අතීත සැමරුම් අතරට තවත් සුන්දර මතක සටහනක් එකතු කර ගැනීමට සුදුසුම මොහොතයි. ඔබේ බිරිද හෝ සැමියා සමග ඔබේ වැලන්ටයින් දිනය සැළසුම් කරන්න, එදින ඔබේ ආදරය නව පණක් ලැබුවා නම් අප සමග එම අත්දැකීම බෙදා හදා ගන්න පසුබට වන්න එපා, මන්ද, ඔබේ අත්දැකීම ගැන කියවා තවත් අඹු සැමියන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ආදරයට නව පණක් ලබා දීමට ඉඩ තිබෙන නිසා...

....

අපි ඔබට සතුටු දායක වැලන්ටයින් දිනයක් සහ ආදරය පිරුණු අනාගතයක් ප්රාර්ථනා කරමු. මෙම ලිපිය ප්රයෝජනවත් වූ බව සිතේ නම් ඔබේ අනෙකුත් මිතුරියන්ටත් පහත (recommend) ක්ලික් කිරීම මගින් බෙදා දෙන්න. ස්තුතියි.

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook