ගැබ් ගැනීමකට ඔබ 100% සූදානම් වන විට

Hits: 47732 times

උපත් පාලන පෙති භාවිතය නවත්වන්න

ඔබ ගැබ් ගැනීමට තීරණය කල දින සිට උපත් පාලන පෙති භාවිතය අත් හළ  යුතු වේ.  ඔබ උපත් පාලන පෙති භාවිතය අත් හළ විට ඔබේ ස්වභාවික ඔසප් චක්රය නැවත ක්රියාත්මක වනු ඇත. ඒ සමගම ඔබේ සරු කාලය ඔබට හදුනා ගත හැකි වේ.

මෙම චක්රය හඳුනාගෙන ඒ අනුව ක්රියා කිරීමෙන් ඔබට බලාපොරොත්තු වූ ප්රථිපල ලැබේ. ඉන් පසුවත් ඔබේ ආර්ථවය ක්රමවත් නොවේ නම් වෙද්යවරයෙකු හමු විය යුතු වේ.

කැෆේන් සහිත පාන වර්ග සිමා කරන්න.

අධික කැෆේන් භාවිතය ඔබේ සිරුරට අහිතකර වේ. කෝපි, තේ සහ අනෙකුත් බොහොමයක් බීම වර්ග වල කැෆෙන් අඩංගු වෙයි. කැෆෙන් අධික භාවිතය සිරුරට අයහපත් බව පෙනී යන කරුණු දැන ගැනීමට ලැබී ඇත. විශේෂයෙන් ඔබ ගර්භනී කාලයේ කැෆේන් අත් හල යුතු වේ. බොහෝ පුද්ගලයන් කැෆේන් සහිත පානයන්ට වලට දැඩි ප්රියතාවයක් දක්වයි. කැෆේන් රහිත පානයන් භාවිතය සුදුසු වේ. අප තේ බීමට ඉතා කැමති රටක් නිසා, ඔබට අත්යවශ්ය නම් උදෑසන තේ කෝප්පයකට හෝ කැෆේන් රහිත කෝපි කෝප්පයකට සීමා කරන්න. දවසේ අනෙකුත් අවස්ථාවල ඔබට අප රටේ බහුලව හමුවන ස්වභාවික පලතුරු යුෂ පානය ගුණදායක බව අමතක නොකරන්න.

බර පාලනය කරන්න.

ඔබට ඉතා සිහින් සිරුරක් අවශ්ය නොවේ.එහෙත් ශරීර ස්කන්ධ දර්ශකයට අනුව බර පවත්වා ගැනීම වැදගත් වේ. ඔබ කාන්තා සුව සායනයට සහභාගී වූ විට ඔබේ වයස සහ උස ප්රමාණයට අවශ්ය බර පිළිබද උපදෙස් ලැබෙනු ඇත. සමබල සහ සරල ආහාර පුරුදු ඇති කර ගැනීම  මගින් බර පාලනය අපහසු නොවනු ඇත. මෙහිදී ආහාර පිරමිඩය උපකාරී කර ගන්න. නමුත් ඔබ කය වෙහෙසවන්නේ නැතිනම්, පමණට වඩා මේද සහ කාබෝහයිඩ්රේට් (පිටි සහිත, ශක්ති ජනක) ආහාර ගැනීමෙන් වලකින්න. ඔබට බර පාලනය පිලිබඳ පැහැදිලි අදහසක් නොමැති නම්, පෝෂණ විශේෂඥයකු මුණ ගැසීම සුදුසුය.

සතුටින් සිටීම වැදගත්

මවක් වීමට සුදානම් ඔබ ශාරීරික මෙන්ම මානසික සුවතාවයෙන්  සිටීම වැදගත් වේ. ඔබව සතුටින් තැබීමට මෙන්ම ධනාත්මක ශක්ති වර්ධනයට බොහෝ ක්රම වේ. සිනහ උපදවන දේ නැරභිමට හෝ මුල් කාලයේදී ව්යායාම් පංති වලට සහභාගී විය හැක. නමුත් දරු ගැබ මෝරන විට ක්රියාකාරී වැඩ වල නිරත වීමට පෙර වෛද්ය උපදෙස් පතන්න.

මුල්ය කළමනාකරණය

ගර්භණි අවධියේ මෙන්ම දරු උපතින් පසු ඔබේ සාමාන්ය වියදම් රටාව වැඩි වේ. ඒ සදහා ඔබේ ගිණුම් සකසා ගන්න. ඉතිරි කරන්න. ඔබට අලුතින් එකතුවන සාමාජිකයාගේ සියලු අවස්ථා සදහා යන වියදම් තීරණය කිරීමෙන් ඔබට ඒ සදහා සුදානම් වීම පහසු කරවයි. ඔබත් ඔබේ ස්වාමි පුරුෂයා/මව/පියා සමග එක්ව ගර්භණී සමයේ, දරු උපත සිදුවන දින, එයට පසු එළබෙන කාලය සඳහා වියදම් ගණනය කරන්න. ඉන්පසු ටිකෙන් ටික එයට ඉතිරි කරන්න පටන් ගන්න.

.......

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

........

මෙම ලිපිය ඔබ වෙත ගෙන එන්නේ ලංකා හොස්පිටල්ස් ආයතනය වෙතිනි. This article was brought to you by Lanka Hospitals PLC.

Related Articles 

මඳ සරු බව දරු සුරතල් බැලීමට බාධාවක් නොවේ          

දරුවන් නොලැබීමට හේතු             

වයසත් සමග සරු බව අඩු වෙයිද? - Does Fertility Go Down with Age?

lankaHospital

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook