අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ එදිනෙදා ආහාර වලින් ගන්න!

Hits: 27261 times

 අද කාලයේ අපි පුරුදු වී සිටින්නේ හැකි පමණ පහසුවෙන් සියලු දේ පැකට් එකකින් මිලදී ගන්නටයි. නමුත් ඔබට අත්‍යවශ්‍ය පෝෂණය එසේ පැකට් වලින් ලබා ගත යුතු නැහැ. ඔබට පහසුවෙන් ලඟා විය හැකි වෙළඳ සැලක, ඉරිදා පොළේ ආදියෙන් මේවා ලබා ගත හැකියි.

පහත දැක්වෙන බොහොමයක් පෝෂ්‍ය පදාර්ථ මාංශමය ආහාරවල වැඩි ප්‍රතිශත වලින් තිබේ. නමුත් ඔබ මාංශ ආහාර නොගන්නේ නම් දුක් නොවන්න. කල යුත්තේ සාමාන්‍ය ප්‍රමානයට වඩා වැඩි ප්‍රමාණයක් නිර්මාංශ ආහාරය ලබා ගැනීමයි. නිර්මාංශ වූ විට ඔබ වැඩිපුර පලාවර්ග, නැවුම් එළවලු ආදිය ආහාරයට ගෙන පමණට වඩා බත්, පාන්, අර්තාපල් ආදී ශක්ති ජනක ආහාර ගැනීම මඟ හරින්න.

* කැල්සියම්

මෙය ඔබේ සහ දරුවාගේ දත් සහ අස්ථි වර්ධනයට/පැවැත්මට ඉතාම අවශ්‍ය දෙයකි. මෙම පෝෂ්‍ය පදාර්ථය නිසා අධි රුධිර පීඩනය ඇති වීමේ අවදානමද අඩු කර ගත හැක. යෝගට්, කිරි, චීස්, කුඩා මාළු ආදිය කැල්සියම් බහුල ආහාර වේ. ඔබට දිනපතා කිරි වීදුරු දෙකකවත් බීමට හැකිනම්, ඉතිරි කැල්සියම් අවශ්‍යතාවය අනෙකුත් ආහාර වලින් ලබා ගත හැකිය. ඔබ මාංශමය ආහාර නොගනී නම් සෝයා, බ්රෝකලි ආදිය වැඩියෙන් ආහාරයට ගත හැක. ඒ සමග නිවිති ආහාරයට ගැනීම සුදුසුය.

* Choline

මෙයද ගර්භනී මවකට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි. එමගින් කුස තුල සිටින දරුවාගේ මොලයේ සහ සුෂුම්නාව වර්ධනය වීමේදී ඇතිවන සංකූලථා මඟ හරවයි. යට අමතරව අස්ථි වර්ධනයටත්, අධි රුධිර පීඩනය අඩු කිරීමටත් උපකාරී වේ. බිත්තර, සැමන්, කුකුල් මස්, බ්රෝකලි, මල්ගෝවා ආදියෙන් මෙය ලබාගත හැක. නමුත් හොඳම ආකාරය බිත්තර ආහාරයට ගැනීමයි.

* DHA

මෙය මොලය සහ ඇස් පෙනීම වර්ධනයට බලපායි. ඒ සමගම අනාගත් හර්ද රෝග ඇතිවීම අඩු කිරීමටද උදවු වේ. මෙයද සැමන් මාළු, කෙලවල්ලෝ, බිත්තර ආදියෙන් ලැබේ. සැමන් මාළු යනු ටින් කල මාළුම නොවේ. මන්ද යත් අපේ රටේ විවිධ මාළු ටින් කර විකිනීමෙදී සැමන් යන බොදු නම භාවිතා කරන නිසා... නමුත් කෙළවල්ලෝ මාළු ඔබට අසලම ඇති මාළු ලෑල්ලෙන් මිලදී ගත හැකියි!

* ෆෝලික් අම්ලය

ගර්භනී සමයේ මුල සිටම ඉතාම අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි. විශේෂයෙන්ම මුල් දින 30 තුල සුෂුම්නාවේ වර්ධනය වනවිට ඇතිවිය හැකි සංකූලථා නවතයි. එනිසා ඔබ ගර්භනී වුනත් නැතත් පුරුද්දක් ලෙස ෆෝලික් අම්ල ලැබෙන ආහාර ගන්න. දරු පිළිසිඳ ගැනීමක් සැලසුම් කල වහාම වෛද්‍ය උපදෙස් මත පෙති ගැනීමද සුදුසුය. පරිප්පු ආහාරයට ගැනීම ෆෝලික් අම්ලය ලබාගැනීමට හොඳම ක්‍රමයකි. තවද නිවිති, බ්රෝකලි, දොඩම් යුෂ ආදිය අමතක කරන්න එපා!

* යකඩ

යකඩ නිසා රුධිර හිඟකම (anemia) වලකන බව අපි මෙයට පෙරත් සාකච්චා කළෙමු. තවද, මෙය අඩු මාසයෙන් දරුවන් ඉපදීම වලක්වන්නට උදවු වේ. නිවිති, කජු, ආමන්ඩ්, බෝංචි, පරිප්පු, බිත්තර කහ මද, සෝයා, කඩල ආදිය ඔබට යකඩ ලබා ගැනීමට උදවු වේ. ඔබ මස් මාංශ කෑමට අකමැති නැතිනම් බෙල්ලන්, පීකුදු, එළු මස් ආදිය ගැනීමත් ප්‍රයෝජනවත් වේ.

මෙහි දැක්වුණේ ඔබට ඉතා වැදගත් පෝෂ්‍ය පදාර්ථ 5ක් පමණි. ඉතිරිය අපි ලිපි කෙඉහිපයක් මඟින් සතිපතා ගෙන එමු.

.................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

.................

 

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook