ගර්භණී සමයේ පැපොල රෝගය වැළඳීම

Hits: 10515 times

අප අතර "දෙය්යන්ගේ ලෙඩ" වශයෙන් ප්‍රසිද්ධ රෝග වලින් එකක් තමයි පැපොල රෝගය ලෙස හඳුන්වන්නේ. අද වන විට මෙම රෝගය නිසා සිදුවන මරණ ගැන අසන්නටත් නොලැබෙන තරම්. නමුත් නිසි ලෙස දැනුවත් නොවී සිටියොත් සහ නිවැරදි ප්‍රතිකාර නොලැබුනොත් මෙය මාරාන්තික  වීමට පුළුවන්. ඒ වගේම අපේ බොහොමයක් දෙනා මේ ගැන දැනුම පරම්පරාවෙන් පරම්පරාවට ගෙන ආවත් අද කාලයේ බොහෝ තරුණියන් විවාහ වී දරුවන් ලබන විට දෙමවුපියන් සිටින නිවසේම පදිංචි නැහැ. එවිට සමහර වැදගත් කරුණු ඔබට දැනගන්නටත් බැරි වේවි. එපමණක් නොවේ, සමහර මිත්‍යා මතද ඔවුන් අතර තිබෙන්නට පුළුවන්. අද අපි පැපොල රෝගය ගැන වැඩිදුර දැනගනිමු.

 පැපොල රෝගය යනු කුමක්ද?

පැපොල රෝගය යනු වෛරසයක් නිසා ඇතිවන රෝගයක්. ඔබේ ශරීරයට මෙම වෛරසය ඇතුල් වූ විට එය මුළු ශරීරය පුරා පහිර ගොස් දින දෙකකින් පමණ සම මත බුබුළු ඇති කරනු ඇති. ඒ සමගම පහත කොටසේ දැක්වෙන රෝග ලක්ෂණ දැකිය හැකියි.

පැපොල රෝගය බෝවන්නේ කෙසේද?

මෙම රෝගය මනුෂ්‍යයන් අතර කෙනෙකුගන් කෙනෙකුට බෝ වන රෝගයක්. ඔබ එම රෝගයෙන් පීඩා විඳින කෙනෙක් අසල විශේෂයෙන්ම ගොඩනැගිල්ලක් තුල විනාඩි 15ක් පමණ වඩා සිටියොත් එම රෝගය බෝ වීමේ අවධානම ඉතා වැඩි බව කියවෙනවා. එසේම ඔබ මෙයට පෙර පැපොල රෝගයට ගොදුරුවී නැතිනම් එම අවස්ථාව තවත් වැඩියි. එම නිසා ගර්භණී බව සැලසුම් කරන තරුණියක් තවමත් එම රෝගයට ලක්වී නොමැතිනම් එන්නතක් ලබා ගැනීම නුවනට හුරුයි. (ඒ ගැන අපි පහත වැඩි දුර තොරතුරු ගෙන එමු).  

පැපොල රෝගයේ ලක්ෂණ මොනවාද?

බොහෝවිට ඔබ මෙය මුලින්ම දැන ගන්නේ සම මත ඇතිවන බිබිලි තත්වයක් නිසාවෙන්. එකවරම අසාමාන්‍ය ලෙස බිබිලි වැඩි ප්‍රමාණයක් ඇතිවී නම් ඔබ වහාම සොයා බැලිය යුතුයි. නමුත් අමතක කරන්න එපා සමහර යට බිබිලි විශාල ප්‍රමාණයක් මතු වන්නේ නැහැ. කෙසේ නමුත් ඔබ මවක් වීමට සුඋදානම් වන සමයේ තම ශරීරය ගැන වැඩි අවධානයකින් සිටිය යුතු නිසා ඔබට සුළු බිබිලි ප්‍රමාණයක් උනත් ඇතිවන විට ඉක්මනටම අඳුරා ගන්න පුළුවන් වේවි. ඉන්පසු ඔබට අනෙකුත් ලක්ෂණ පහල වීම සිදුවෙනවා. සමහර බිබිලි දිය බුබුළු ආකාරයට පත්වන අතර, සමහර බිබිලි වලින් දියරයක් හෝ ලේ ගැලීමටත් ඉඩ තිබෙනවා. එයට අමතරව පපුවේ මහන්සිය, හුස්ම ගැනීමට අපහසු බව, ඇඟට පණ නැති බව සහ ඇතැම් අවස්ථාවල යෝනි මාර්ගයේ ලේ ගැලීමක් වුවත් විය හැකියි.

ඉහත ලක්ෂණ පහල වූ පසු කුමක් කල යුතුද?

කිසිදු ප්‍රතිකාරයකට පෙර වෛද්‍ය උපදෙස් පැතීම අනිවාර්යයි. වේදනා නාශකයක් (උදා: පැරසිටමෝල්) ගැනීම ගැටලුවක් නැහැ. නමුත් වෛද්‍ය උපදෙස් ගැනීම ප්‍රමාද කරන්න එපා. විශේෂයෙන්ම ඔබ මේවන විට ගර්භණී මවක් නම් වහාම වෛද්‍ය වරයාට ඒ බව දැනුම් දී   ඔහුගේ/ඇයගේ උපදෙස් ලබා ගත යුතුයි. මෙම රෝගය වැළඳුන විට වෛරස් තත්වයට ප්‍රතිකාරයක් ලෙස බෙහෙත් නියම කරන අවස්ථා තිබෙනවා. බිබිලි මතුවී පැය 24ක් ගත වීමට පෙර ඔබ වෛද්‍ය උපදෙස් මත මෙය ලබා ගත යුතුයි. වෛද්‍ය උපදෙස් ලැබුන පසු ඔබට කල හැකි එකම දෙය එම උපදෙස් පිළිපදිමින් නිවසට වී අසාදන වලින් වලකින ලෙස පිරිසිදු කාමරයක පිරිසිදු ඇඳ ඇතිරිලි සහිතව විවේක ගැනීමයි.

පැපොල රෝගය නිසා මගේ දරු ගැබට කුමක් වේද?

අපි ඉහත සඳහන් කළා ඔබ ගර්භණී මවක් නම් අනිවාර්යෙන්ම ඒ ගැන වෛද්‍යවරයා දැනුවත් කල යුතු බව. එයට හේතුව ඔබේ ගර්භණී භාවයේ මුල් ත්‍රිමාසිකය (මාස 3) ඇතුලත් මෙම රෝගය වැළඳීම දරු ගැබ මිය යාමට වුවත් හේතු විය හැකි නිසා. එයට අමතරව අනෙකුත් කාල වලදීත් විවිධ බලපෑම් ඇති විය හැකියි. සමහර විට දරු ගැබ මිය නොගියත් වෙනත් රෝග තත්ත්ව ඇති විය හැකියි. FVS - Fetal Varicella Syndrome ලෙස හඳුන්වන තත්වය එවැන්නක්.  එම තත්වයට ලක් වූ දරුවෙකු උපදින විටම දරුණු ලෙස ආබාධ වලට ලක්වී උපදිනවා. උදාහරණ ලෙස ඇස් පෙනීමේ දුර්වලතා, අංග විකල වීම, සමේ විශාල ලප ආදිය ඇතිවීම දැක්විය හැකියි. එසේම දරුවා වර්ධනය ඉතාම මන්දගාමී වන්නාත් පුළුවන්. ගර්භණී භාවයේ සති ගණනත් සමග දරුවාට ඇති විය හැකි සංකූලථා වැඩි වෙනවා. විශේෂයෙන්ම සති 36 පසුවී ඇතිනම් කුසතුල සිටින දරුවාටත් පැපොල රෝගය වැළඳීමට ඉඩ තිබෙනවා. ඇතැම් විට දරුවා එම රෝගය සමග මෙලොව එලිය දකින්නත් ඉඩ තිබෙනවා.

ඔබේ කුස තුල සිටින දරුවාට මෙම තත්වයෙන් බලපෑමක් ඇති වී දැයි දැනගන්නේ කෙසේද?

මෙය දැන ගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ සවිස්තරාත්මක ස්කෑන් පරීක්ෂාවක් මගිනුයි. එමගින් දරුවාගේ වැදගත් ඉන්ද්‍රියයන්ට බලපෑමක් ඇතිද කියා බැලිය හැකියි. එමගින් දරුවාගේ මොලයේ සහ කකුල් වල නිසි වර්ධනය සොයා බලනු ඇති. නමුත් අවාසනාවකට මෙන් සියලුම අතුරු ආබාධ දැන ගැනීමට අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂා උපකාරී වන්නේ නැහැ. එනිසා ඔබට පෙනී යනවා මෙම රෝගයෙන් වැලකී සිටීම තමයි හොඳම දෙය.

පැපොල රෝගයෙන් වැලකී සිටින්නේ කෙසේද?

මෙයට අති ආරක්ෂිතම ක්‍රමය වන්නේ පැපොල රෝගය වලක්වන එන්නතක් ගැබ් ගැනීමට පෙරම ලබා ගැනීමයි. එම එන්නත ලබාගෙන මාස 3ක් යන තුරු ගැබ් ගැනීමක් සිදු වීම සුදුසු නැහැ. මෙම එන්නත සාමාන්‍යයෙන් තරුණියන්ට පාසල් සමයේ ලබා නොදෙන්නක් නිසා ඔබ විශේෂ ඉල්ලීමක් කර ලබා ගත යුතුයි. එන්නත ලබා ගත විට මුලින්ම ඔබේ සමේ බිබිලි ඇතිවී පැපොල ලක්ෂණ පෙන්වා ඉන් පසු ශරීරයේ ප්‍රති ශක්තිය ඇති වීමත් සමග එය නැති වී යයි. නමුත් මෙම එන්නත ලබා ගෙන එසේ ලක්ෂණ නාහිව යන තුරු අනෙකුත් ගර්භණී මවුන්ගෙන් ඈත්වී සිටින්න. එයට හේතුව ඔවුන් පැපොල රෝගයට ප්‍රතිශක්තිය නැති ය විය හැකි නිසා.

.................

Article verified by: Dr. (Mrs) Kaushalya Mendis

 .................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

................

මෙම ලිපිය ඔබ වෙත ගෙන එන්නේ ලංකා හොස්පිටල්ස් ආයතනය වෙතිනි. This article was brought to you by Lanka Hospitals PLC.

 

Related Articles 

අධික රුධිර පීඩනය සමග මුත්‍ර වල ප්‍රෝටීන් තිබීම - ප්‍රි-එක්ලැම්ප්සියා තත්ත්වය

ගර්භණි සමයේදී  ඇදුම රෝගය

ගර්භණී සමයේ දියවැඩියාව - Diabetes During Pregnancy

 

 


Follow us on Facebook

Join Our Community

Sign in with Facebook