රීසස් ප්‍රතිදේහ ජනනය

Hits: 28887 times

මිට පෙර ඔබගේ පළමු දරු උපතෙන් පසුව රුධිර වර්ගයේ පවතින ගැටළුවක් නිසා ඔබට කිසියම් එන්නතක් ලබා දුන්නාද? ඔබ ඔබගේ ප්‍රසව වෛද්‍ය වරයා වෙත පළමු වර යොමු වූ වහාම ඔහු ඔබගේ රුධිර වර්ගය ගැන විමසුවා මතකද?

ඔබ වෛද්‍ය සායනයට යොමු වූ සැනින් ඔවුන් ඔබගේ ඔබගේ රුධිර වර්ගය පරික්ෂාවට ලක් කළා ඔබට මතකද? මේ සියල්ල සිදු කරන්නේ ඇයි දැයි ඔබ එහිදී කල්පනා කරන්නට ඇති. මෙම සියලු ගැටළු සදහා පිළිතුරක් මෙම ලිපියෙන් ඔබට ලබා ගත හැකිවෙනු ඇත.

 

රීසස් ප්‍රතිදේහ ජනකය යනු කුමක්ද?

මිනිසා තුල ප්‍රධාන වශයෙන් රුධිර ගණ (ලේ වර්ග) 4ක් පවතී. ඒවා වන්නේ; A රුධිර ගණය, B රුධිර ගණය, AB රුධිර ගණය හා O රුධිර ගණය වශයෙනි. එම සෑම රුධිර ගණයම නැවතත් රීසස් නම් සාදකය පැවතීම හා නොපැවතීම මත ධන හ ඍණ ලෙසින් බෙදෙයි. රුධිර පාරවිලයනය සෑම විටකම සිදු කල හැක්කේ ගැලපෙන රුධිර ගණ 2ක් අතර පමණි.  එසේ නොවුනහොත් රුධිර සෛල එකිනෙක ඇලී පාරවිලයන ප්‍රතික්‍රියා දක්වයි. මේවයින් සමහරකට ජීවිත තර්ජන ඇතිකරලිමටද හැකියාව පවතියි.

පරස්පර විරෝධී රුධිර ගණ 2ක් පාරවිලයන කළහොත් සිරුර විරෝධී රුධිර ගණයේ සෛල වලට එරහිව ප්‍රතිදේහ ජනනය කරයි. ගර්භනී අවදියේදී මවගේ රුධිරය නුපන් දරුවාගේ රුධිරය හා එක්වීමේ හැකියාව පවතී. මෙවිට දරුවාගේ රුධිර ගණය ධන හා මවගේ රුධිර ගණය ඍණ නම්, මව ධන රුධිර ගණයට එරහිව ප්‍රතිදේහ ජනනය කරයි.මෙම තත්වය රීසස් ප්‍රතිදේහ ජනනය නම් වේ. මෙහිදී ඔබට උපදින පළමු දරුවාට මෙම තත්වයෙන් බලපෑමක් ඇති නොවේ. නමුත් උපදින 2වන දරුවාද ධන රුධිර ගණයේ වුවහොත් එම දරුවාට  මෙම තත්වය කෙලින්ම බලපානු ඇත.

පළමු දරුවා -> ධන & මව -> ඍණ => ගැටලුවක් නොවේ

දෙවන දරුවා -> ධන => ගැටලුවක් වේ

රීසස් ප්‍රතිදේහ ජනනය වන්නේ කෙසේද?

සරල ලෙස පැවසුවහොත් ප්‍රතිදේහ ජනනය වන්නේ ඍණ  මවගේ රුධිරයත් ධන දරුවාගේ රුධිරයත් එකතු වුනු විටය. මෙය බොහෝවිට සිදුවන්නේ දරුවා උපදින විටයි. නමුත් ස්වභාවික ගබ්සා, කෘතීම ගබ්සා, ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීම්,  යටිබඩ ප්‍රදේශයේ සිදුවන කම්පන සහ ගර්භාෂය තුලට ඉඳිකටු හෝ ශල්‍ය උපකරණ ඇතුල්කර (invasive investigations) සිදු කරන විවිධ  සාම්පල එකතු කිරීමේ පරික්ෂා (invasive investigations like chorionic villous sampling and amniocentesis) යන ඕනෑම අවස්ථාවකදී මෙම තත්වය සිදුවීමේ හැකියාව පවතී.

රීසස් ප්‍රතිදේහ ජනනයේ බලපෑම් මොනවාද?

රීසස් ප්‍රතිදේහ ජනනය බලපෑමක් ඇතිකරනුයේ දරුවා කෙරෙහි පමණි. මෙහි බලපෑම් දැකගත හැක්කේ නියමිත වෙලාවට අදාළ සුදුසු ක්‍රියාමාර්ග ලබාගෙන නොසිටියහොත් පමණයි. බලපෑම සුළු ලෙස හෝ ඉතා දරුණු විශාල ලෙසද සිදුවිය හැක. හිමොග්ලොබින් තත්වය අඩු වීම, ඇස් වල හෝ සමෙහි වර්ණය කහ පැහැ ගැන්වීම. හෘදය අකර්මණ්‍ය වීම (හද ගැස්ම නැවතී යාම!) , ශ්වසන අපහසුතා, සහ ශරීරයේ ඉදිමීම් තත්වය දරුණු වීමට ප්‍රථම පෙන්වන පෙරනිමිති කිහිපයකි. ළමා කාලයේදී මෙම තත්වයකට මුහුණ දුන් දරුවෙකු ක්‍රමයෙන් වැඩෙත්ම බුද්ධිමය  හැකියාවේ වර්ධනය අඩාල වීම, ඇවිදීමේ අපහසුව, යමක් තේරුම් ගැනීමේ  අපහසුව, හා කන් ඇසීම අහිමි වීම යන සංකූලතාවයන් ඇතිවීමේ අවදානම පවතී.

ඔබ කල යුත්තේ කුමක්ද?

ඔබ දැනගත යුතු වැදගත්ම දෙය නම් මෙම තත්වය 100% නවතාලිය හැකි තත්වයකි.ගෙදර නිවසේ සිට මෙම තත්වය හදුනා ගත නොහැක. ඔබ කල යුත්ත නම් දරු උපතේදී හා ඉහත සදහන් කල ඕනෑම විටකදී ඔබට නියමිත එන්නත එන්නත් කරන්නේදැයි සහතික කර ගැනීමයි. මෙම එන්නත පැය 72ක කල සීමාවකදී එන්නත් කල ගත යුතුය. ඔබ ඔබගේ රුධිර ගණය දැනගෙන සිටීම ඉතා වැදගත් වේ. ඔබට රීසස් ඍණ රුධිර ගණයක් පවතිනවානම් ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. සැම විටකම ඔබගේ රුධිර ගණය පිළිබද අදාළ පුද්ගලයන් දැනුවත් කරන්න. (ඔබේ රුධිර ගණය දැනගැනීමට කර ලේ පරීක්ෂාවේ ප්‍රතිඵල චායාපිටපත් කර ඔබ සමග තබා ගන්න.)

මෙයට ඵලදායි ලෙස ප්‍රතිකර්ම කල හැකිද?

කුමන ලෙස හෝ රෝගී තත්වය හට ගතහොත් ප්‍රතිකාර කිරීම කලයුතු වන්නේ රෝගයේ කුමන අවදියේ පවතින්නේද යන්න මතයි. රෝගයේ මුල් අවදියේදී දියර වර්ග බීමට දීම හා ඡායා චිකිත්සාව (විශේෂිත විදුලි ලාම්පු එළියකට නිරාවරණය) භාවිතයෙන් පමණක් ප්‍රතිකාර කිරීම සෑහේ. රෝගයේ තරමක් දරුණු අවස්ථාවලදී එනම් ඉදිමීම් වැනි අවස්ථාවලදී බොහෝ විට රුධිර පාරවිලයනය මගින් මවගේ දේහයේ තිබෙන දරුවාට එරහි සියලු ප්‍රතිදේහ ඉවත් කිරීමට සිදු වීමටද පුළුවන්. රෝගයේ වඩාත්ම දරුණු අවස්ථාවන්හිදී මොලය අක්‍රිය වීම සිදුවීමේ අවදානම පවතී. මෙවිට ප්‍රතිකාර ලෙස ඡායා චිකිත්සාව හා රුධිර පාරවිලයනය යොදා ගනී.

Verified by: Dr Ravi Liyanaarachchi, MBBS

Original Article by: Dr T.M.S.Sameera B. Madugalle MBBS (COL)

Link to original article: http://mathru.lk/pregnancy/192-rhesus-isoimmunisation.html

.................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න
.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

................

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook