ගර්භණී සමයෙහි පාදයේ ඇතිවන ඉදිමුම් තත්වය

Hits: 27860 times

පාදයෙහි සහ වළලුකර වල ඇතිවන ඉදිමීම්  ගර්භණී සමයේ  සිටිනා ඔබ වැනි මව් වරුන් අතර නිතර ඇතිවන තත්වයකි. නමුත් එය ඔබට හෝ දරුවාට කිසිසේත්ම බලපෑමක් ඇති නොවනා ඉතා සුලබ හා බිය නොවිය යුතු තත්වයකි.

මෙය සුලභ ලෙස සිදු වනුයේ නිවුන් දරු උපතක් බලාපොරොත්තු වන හෝ ගැබනි සමයේ 6 වෙනි මස හා දරු උපත අතර කාලයේ පසුවන  මව්වරුන් අතරයි.මෙය ඔබ හට තරමක් අපහසුකාරී තත්වයක් වන්නට පුළුවන්. මෙම ඉදිමීම් හා අපහසුතාවය අඩුකරගැනීමට  ඔබ විසින්ම එදිනෙදා ජීවිතයෙහි ක්‍රියාවෙහි යෙදවිහැකි  ඉතා පහසු සරළ ක්‍රියාකාරකම්ද පවතී.

 

ගර්භණී  සමයේ පාදවල ඉදමීම සිදුවන්නේ ඇයි?

මෙහිදී සිදුවනුයේ පාදයෙහි පටක අතරෙහි  අතිරේක තරල තැන්පත් වීමයි. නමුත් ගර්භණී  සමයෙහිදී සිදුවන මෙවැනි ඉදිමීම් ඉතා සාමාන්‍ය තත්වයන්ය. මන්දයත් ගර්භණී ඔබගේ සිරුර වෙනදාට වඩා වැඩි ජල ප්‍රමාණයක් මෙම කාල සීමාවේදී සිරුර තුල තබාගැනීමට උත්සහ කරන නිසයි. මෙම තත්වය නිසා ඔබගේ රුධිරයේ පවතින අතිරේක තරල පටක අතර ඇති අවකාශයට නිකුත් කෙරිමෙන් රුදිරය තම නියත සංයුතිය පවත්වා ගැනිමට  උත්සහ කරයි. තවද සිරුරේ පහල කොටසේ සිට හදවත දක්වා රුධිරය රැගෙන යන අධර මහා ශිරාව මත ඔබගේ වැඩෙන ගර්භාශය මගින් ඇති කරන පීඩනය නිසා රුධිර ගැලීම මන්දගාමී කර රුධිරයෙහි වන අතිරේක ජලය පටක තුලට වැඩි වැඩියෙන් ගමන් කිරීමට පෙළඹේ.

මෙම තත්වය පාලනය කර  ගත හැක්කේ කෙසේද?

මෙම ඉදිමීම් අඩුකරගැනීමට එදිනෙදා ජීවිතයේදී ඔබ විසින් සිදුකළ හැකි ක්‍රියාකාරකම් රාශියකි. ඔබ මෙම සමයේදී දවසේ සිටගෙන සිටිනා  කාලය හැකි පමණින් අඩු කරන්න. බොහෝ වෙලාවක් එකම ඉරියව්වෙන් සිට ගෙන සිටීමට  සිදුවන ක්‍රියාකාරකම්  මගහරින්න. ඔබ සිටගෙන සිටින විට හැකිවිටකදී පදයේ වළලුකර වටාකාරව කරකවන්න. ඔබට හැකිනම් හොඳම දෙය නම්  බිම දිගාවී පාද සිරස්ව තබාගෙන සිටින්න.

ඔබ නිදාගන්න විට හැකිනම් වම් ඇලයට නිදියන්න. එවිට පෙර සඳහන් කල අධර මහා ශිරාව වෙත ඇති පීඩනය අවම වේ. එමගින් හොඳ ලේ ගමනගමනයකට අවස්ථාව සැලසේ. හැකිනම් නිදියන විටදී ඔබගේ පාද තරමක් උඩින් තබාගන්න මෙය සඳහා සරළව  කොට්ට කිහිපයක් භාවිතාකළ හැක. සම්පීඩන මේස් පළදින්න. ඔබට වෙළඳපොළෙහි ඔබගේ කලවා පෙදසට ආධාර කරන මේස් ද සුලබව සොයාගත හැකියි.

ඔබ ශාරීරික ක්‍රියාකාරකම් පවත්වාගෙන යාම පිළිබන්ධව සැලකිලිමත් වීමද වැදගත්ය. ඔබගේ  දිනචර්යාවට දෛනිකව ඇවිදීම අංගයක් ලෙස එකතු කරගන්න. වෛද්‍ය වරයාගේ අනුමැතිය ලබාගැනීමෙන් පසු පාපැදි පැදීම හෝ පිහිනීම  මගින් ඔබට ඔබගේ පාද ඉදිමීම් අඩු කරගැනීමට මෙන්ම විනෝද වීමටද අවස්ථාවක්ද ලබාදේ යි. තවද හැකිපමනින් සිහිල් ව සිටීමත්, ඉදමුම් ස්ථාන ශීත ජලයෙන් සෝදා හැරීමත් ප්‍රයෝජනවත් වෙයි.

කකුල් ඉඩමීම යම් අවදානමක පෙර ලකුණක් ද?  

කෙසේ වෙතත් ගර්භණී සමයේදී ඉදිමුම් ආශ්‍රිත “ප්‍රී-එක්ලම්ප්සියාව” නම් රෝගී තත්වයක්ද පවතී.  මෙම තත්වයේදී මුහුණෙහි හා අත්වල හදිසි ඉදිමීම් තත්ව හටගනී. සැම ඉදිමුම් තත්ව ඇති  මවකගේ මෙය සිදුනොවුනත් ඔබ මෙම තත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මෙම රෝගී තත්වයට පැමිණීමට පෙර රෝගී ලක්ෂණ ලෙස බොහෝ විට අධික හිසේරුදාව, ඇසෙහි අඳුරු හෝ දීප්තිමත් සුදු දුෂ්ටිය, ඉල ඇට වලට ඇතුලෙන් ඇතිවන උග්‍ර රුධාව, සහ වමනය  හඳුනාගතහැක.

මෙම රෝග ලක්ෂණ පිළිබඳව අවදානයෙන් සිටීමෙන්  “ප්‍රී-එක්ලම්ප්සියා” තත්වය බරපතල වීමට පෙර හඳුනාගැනීමේ හැකියාවක් ඇත. ඉහත ලක්ෂණ ඔබට පවතී නම් ඔබ කලයුත්තේ වහාම වෛද්‍ය උපදෙස් පැතීමයි.   “ප්‍රී-එක්ලම්ප්සියා” තත්වය පවතින ගැබිණි මවක් හට ඉතා සැලකිල්ලෙන් අවදානය  යොමු කල යුතුය. මක් නිසාදයත්  “ප්‍රී-එක්ලම්ප්සියාව” මවට මෙන්ම ඉපදෙන්නට සිටින දරුවාටද බලපහැකි තත්වයකි.

“ප්‍රී-එක්ලම්ප්සියාව” ඇතිවන්නේ ඇයි?

“ප්‍රී-එක්ලම්ප්සියාව”  ඇතිවීමට හේතු වන කරුණු කිහිපයක් පිළිබඳව ඔබ දැනුවත් විය යුතුය. වයස අවුරුදු 40ට වැඩි ගර්භණී මව්වරුන් හා තම ප්‍රථම දරු උපතට ලැහැස්තිවන මව්වරුන් හට මෙම රෝගී තත්වය ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතී. එමන්ම ඔබගේ අවසන් දරු උපත සහ මෙම දරු උපත අතර පවතින වෙනස  අවුරුදු 10ක් හෝ ඊට වැඩි නම් හෝ පවුලේ අනෙක් අයෙක් හට මීට පෙර ප්‍රී-එක්ලම්ප්සියාව රෝගී තත්වය හටගෙන අති නම්ද ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය.

BMI දර්ශකය 30ට වඩා  පැවතීම, වකුගඩු ආශ්‍රිත රෝග, හා නිවුන් දරු උපත් යනාදියද ප්‍රී-එක්ලම්ප්සියා රෝග තත්වය හට ගැනීමට ඇති සාදක ලෙස හඳුන්වාදිය හැක.

මෙම දෙපා ඉදමුම බොහෝ කල් පවතියිද?

ගර්භණී සමයෙහි ඔබට අත්දැකීමට සිදුවන මෙම පාදයේ  ඉදිමුම් තත්ව සැම ගර්භණී මවක්ම ගර්බනි සමයේදී අත්විඳිනා සාමාන්‍ය තත්වයකි. මෙම ඉදිමුම් තත්ව පවතිනුයේ දරු උපත තෙක් පමණි. දරු උපතින් පසු ඔබගේ සිරුර නැවතත් පෙර පැවතී තත්වයට ලඟා වෙයි.

මේ කරුණු ගැනත් සැලකිළිමත් වන්න…

මෙම තත්වය සමග පාදයේ නහර ගැට ගැසීමත් ඇතැම් විට දැකිය හැකියි..

මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවන තත්වයක් දුටුවොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න. එය ඔබේ ජීවිතයට තර්ජනයක් ගෙන එන තත්වයක ඉඟියක් විය හැකියි...

Verified by: Dr Ravi Liyanaarachchi, MBBS

.................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න
.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

 .................


Follow us on Facebook

Join Our Community

Sign in with Facebook