ගර්භණී සමයේ රක්තහීනතාවය

Hits: 21911 times

ගර්භණී සමයේ රක්තහීනතාවය අපි හැම දෙනාටම ජීවත් වන්නට ඔක්සිජන් අවශ්යයි. අපි හුස්ම ගන්නා විට අපේ පෙනහළු තුලට ඔක්සිජන් ඇතුල් වෙනවා. රුධිරය මගින් ඒ ඔක්සිජන් අපේ ශරීරයේ සියලුම පටක වලට ගෙන යනවා. අපේ රුධිරයට රතු පාටක් ලබා දෙමින්, ඔක්සිජන් ගෙන යන ප්රෝටීනමය ප්රවාහකය හිමොග්ලොබින් ලෙසින් හඳුන්වනවා.

 

වයසට හා සෞඛ්ය තත්වයට අදාල වෙන සාමාන්ය හිමොග්ලොබින් ප්රමාණයට වඩා අඩුවෙන් හිමොග්ලොබින් ප්රමාණයක් රුධිරයේ තිබීම රක්තහීනතාවය නමින් හඳුන්වනවා. ගර්භණී සමයේ තිබිය යුතු අවම හිමොග්ලොබින් ප්රමාණය 10.5 g/dl වෙනවා. ඔබේ Full blood count වාර්ථාවේ ඔබේ රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්රමාණය සඳහන් වෙනවා.

* ගර්භණී සමයේ එකිනෙකට වෙනස් රක්තහීනතා තත්වයන් තිබේ ද?

ඔබේ Full blood count වාර්ථාවේ වටිනා දත්ත විශාල ප්රමාණයක් තිබෙනවා.ඔබේ රතු රුධිරාණුවල තත්වය පිලිබිඹු වන මිනුම් Red cell indices නමින් හැඳින්වෙනවා. එම මිනුම් වලට අනුව රක්තහීනතාවය ප්රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකියි. එනම් Macrocytic හා Microcytic රක්තහීනතාවයන්. Macrocytic රක්තහීනතාවයන් වල දී රතු රුධිරාණු, ප්රමාණයෙන් අසාමාන්ය ලෙස විශාල වෙනවා. ගර්භණී සමයේ සුලභ ම Macrocytic රක්තහීනතාවය ඇතිවන්නේ විටමින් B 12 ඌණතාවය නිසයි. දීර්ඝ කාලීන ව මත් පැන් භාවිතය නිසාත් මෙම තත්වය ඇති විය හැකියි. ශ්රී ලාංකික කාන්තාවන් අතර මත් පැන් භාවිතය අවම නිසා මේ තත්වය ලංකාවේ එතරම් දකින්නට ලැබෙන්නේ නැහැ. Microcytic රක්තහීනතාවයේ දී රතු රුධිරාණු වල ප්රමාණය අසාමාන්ය ලෙස කුඩා වෙනවා. ගර්භණී සමයේ සුලභ Microcytic රක්තහීනතා වන්නේ, යකඩ ඌණතාවය, තැලසීමියාව හා දෑකැති සෛල රක්තහීනතාවයි.

* ගර්භණී සමයේ රක්තහීනතාවයට හේතු වන්නේ මොනවා ද?

ගර්භණී සමයේ ශරීරයේ පෝෂක අවශ්යතාවය ඉතා ඉහල නඟිනවා. එවිට ඔබ අවශ්ය ලෙසට පෝෂක ආහාරයට නොගතහොත් සාපේක්ෂව පෝෂක ඌණතාවයක් ඇති වෙනවා. මේ නිසා විටමින් B 12 ඌණතාවය වැනි පෝෂක ඌණතාවය නිසා ඇති වන බොහෝ රෝග පෙර දී සැඟවී තිබුනත් ගර්භණී සමයේ දී මතු විය හැකියි. ජානමය හේතු වලින් රතු රුධිරාණුවල ජීවිත කාලය අඩු වීම නිසා රක්තහීනතාවය ඇතිවිය හැකියි. සමහර රෝග නිසා රතු රුධිරාණු කැඩෙන සුළු වෙනවා. රතු රුධිරාණු කැඩුනු විට හිමොග්ලොබින් පිටතට නිදහස් වෙනවා. හිමොග්ලොබින් වල ඇති සමහර අසාමාන්යතා නිසාත් රතු රුධිරාණු වල ජීවිත කාලය අඩු වෙනවා. රතු රුධිරාණු බොහෝ සෙයින් කැඩී යද්දී ඇට මිදුළු වලින් රතු රුධිරාණු නිපදවීම වැඩි කරනවා. එහෙත් මේ වැඩි පුර හැදෙන රතු රුධිරාණු වලත් ජීවිත කාලය කෙටියි. ටික කලකින් රක්තහීනතා තත්වයක් ඇති වෙනවා. හිමොග්ලොබින් නිපදවීමට යකඩ අත්යවශ්යයි. සෑම හිමොග්ලොබින් අණුවක ම යකඩ කොටස් 4 ක් තිබෙනවා. අධික රුධිර වහනය වීම (සැත්කම් වල දී, අධික ආර්ථව රුධිර වහනය, අර්ශස්, ආහාර මාර්ගයේ ලේ වහනය වීම්), යකඩ සහිත ආහාර නොගැනීම, යකඩ අවශෝෂණය අඩු වීම (කැල්සියම්, මැග්නීසියම් අඩංගු බඩේ ආම්ලික ගතියට දෙන බෙහෙත්) සහ යකඩ අධික ව ශරීරයෙන් ඉවත් වීම නිසා යකඩ ඌණතාවයක් ඇති විය හැකියි.

* ගර්භණී සමයේ රක්තහීනතාවය නිසා ඇති විය හැකි හානිකර ප්‍රථිපල මොනවා ද?

හිමොග්ලොබින් වලින් පෙනහළු වල සිට වැදෑමහ වෙත ඔක්සිජන් ගෙන යනවා. වැදෑමහ අසල දී ඔක්සිජන් හිමොග්ලොබින් වලින් වෙන් වී වැදෑමහ හරහා ගොස් කුසේ සිටින දරුවාගේ රුධිරයේ හිමොග්ලොබින් සමඟ බැඳෙනවා. එමගින් දරුවාගේ ශරීරයේ සියලු පටක වලට ඔක්සිජන් ගමන් කරනවා. රක්තහීනතාවයේ දී දරුවා වෙත ගෙනයන ඔක්සිජන් ප්රමාණයේ අඩුවීමක් සිදුවිය හැකියි. දිගු කාලීන ව මෙම තත්වය නිසා දරුවාගේ වර්ධනය අඩාල විය හැකියි. දෙමව්පියන්ගෙන් දරුවාට ප්රවේණිකව ගමන් කරන රක්තහීනතා තත්වයන් යා හැකියි. මෙවිට දරුවාගේ ශරීරයේ පවතින්නේ අසාමාන්ය හිමොග්ලොබින් වර්ගයක්. එම හිමොග්ලොබින් වලට ඔක්සිජන් ගෙනයාමේ හැකියාව අඩුයි. මෙවිට දරුවාගේ වර්ධනය අඩු විය හැකියි. ෆෝලේට් ඌණතාවය නිසා දරුවාගේ ස්නායු වර්ධනය අඩාල විය හැකියි. පලමු සති අට ඇතුලත ෆෝලේට් ඌණතාවය නිසා Spina bifida වැනි ස්නායු විකෘති ඇති විය හැකියි.

* ගර්භණී සමයේ රක්තහීනතාවය ඇති විට කල යුත්තේ කුමක් ද?

ඔබට කල හැකි ප්රධානතම හා වැදගත් ම දෙය වන්නේ වෛද්යවරයෙකු හමු වී නොපමා ව උපදෙස් ලබා ගැනීමයි. ඔබේ full blood count වාර්ථාව අනුව blood picture, serum iron studies යන පරීක්ෂණ කරනු ඇති. එම වාර්ථා සමඟ ඔබව රක්තවේද විශේෂඥයෙකු (hematologist) වෙතට යොමු කරනු ඇති. තවදුරටත් විශේෂ පරීක්ෂණ කිරීම එම විශේෂඥ වෛද්යවරයාගේ අනුමතය අනුව සිදු විය යුතුයි.

* ගර්භණී සමයේ රක්තහීනතාවය සඳහා ඇති ප්‍රතිකාර මොනවා ද?

ගර්භණී සමයේ ඇති විය හැකි සුලභ ම රක්තහීනතාව යකඩ ඌණතාවය නිසා ඇති වෙනවා. ඔබේ වෛද්යවරයා මේ සඳහා යකඩ අඩංගු පෙති ලබා දෙනු ඇති. එම පෙති නොවරදවා ගන්න. කටේ ලෝහමය රසක් දැනීම, මල බද්ධය හා අසුචි කළු පැහැ වීම යන අතුරු ප්රථිපල යකඩ පෙති ගන්නා විට ඇති විය හැකියි. කැල්සියම් හා මැග්නීසියම් වැනි මූලද්රව්ය අඩංගු බෙහෙත් නිසා යකඩ අවශෝෂණය අඩු විය හැකියි. එනිසා ගර්භණී සමයේ දී ඔබ ගන්නා කැල්සියම් පෙත්ත රෑටත් යකඩ පෙත්ත උදේටත් ගන්න. එවිට ඔබේ හිමොග්ලොබින් ප්රමාණය සතියකට ග්රෑම් එකකින් වැඩි වේවි. එය ප්රමාණවත් නැති නම් ඔබව රෝහලට ඇතුලත් කර යකඩ අඩංගු බෙහෙත් එන්නත් කරනු ඇති. ඔබේ හිමොග්ලොබින් ප්රමාණය ඉතා අඩු නම් ඔබට රුධිරය ලබා දීමට වුව ද සිදු විය හැකියි. 

 

By: Dr. T. M. S. Sameera B. Madugalle M.B.,B.S (COL),

.......

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

........


Follow us on Facebook

Join Our Community

Sign in with Facebook