ගර්භණී සමයේ දී ප්‍රතිශක්ති එන්නත් ලබා ගැනීම

Hits: 4389 times

ප්‍රතිශක්ති එන්නත් ඔබව ආසාදනයන්ගෙන් ආරක්ෂා කරනවා. එක් එන්නතකින් යම් නිශ්චිත ආසාදන කිහිපයකින් ඔබව ආරක්ෂා කරන අතර සමහර ආසාදන වලට එරෙහි එන්නත් නැති බව ද මතක තබා ගත යුතුයි.

ශ්‍රී ලංකාවේ ලමුන් හා වැඩිහිටියන් සියලු දෙනා ම යම් යම් හානිකර ආසාදනයන්ගෙන් ආරක්ෂා කිරීමට Extended Immunization Program (EPI) නමින් සැලසුමක් ක්‍රියාත්මක වෙනවා. එම සැලසුමට අදාල සියලු එන්නත් ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් හා සියලු රෝහල් වලින් පහසුවෙන් ඔබට ලබා ගත හැකියි. මේ සටහනේ එම සැලසුම පිලිබඳ ව සම්පූර්ණ විස්තරයක් අඩංගු නොවුනත් ගර්භණී සමයට අදාල වන යම් වැදගත් කරුණු ගණනාවක් අන්තර්ගතයි.

 

EPI සැලසුමේ ප්‍රථම එන්නත BCG එන්නතයි. එමගින් ක්ෂය රෝගයට එරෙහිව ආරක්ෂාවක් ලැබෙනවා. ක්ෂය රෝගය ශ්‍රී ලංකාවේ සුලභයි. එමගින් උපත් දෝෂ ඇති නොවුනත් ගබ්සා වීම්, මල දරු උපත් හා කුස තුල දරුවාගේ වර්ධනය අඩාල වීම සිදු විය හැකියි. එමෙන් ම ක්ෂය රෝගය සඳහා දෙන සමහර බෙහෙත් ගර්භණී සමයේ ඉතා හානි කරයි. එනිසා මෙම රෝගය සුව කිරීමට වඩා වැලැක්වීම වැදගත් වෙනවා.

EPI සැලසුමට අනුව මාස 2, 4 හා 6 අවසානයේ ලදරුවන්ට Pentavalent එන්නත ලබා දෙනවා. එයින් රෝග 5 කට එරෙහිව ආරක්ෂාවක් ලබා දෙනවා. Hepatitis (අක්මා ප්‍රදාහය) එයින් එකක්. ඔබ කුඩා කල මෙම එන්නත ලබා ගත්තා නම් ඔබව Hepatitis වලින් ආරක්ෂා වනු ඇති. Hepatitis නිසා ගබ්සා වීම, වර්ධනය අඩාල වීම හා මල දරු උපත් සිදු විය හැකියි.

EPI සැලසුමට අනුව මාස 9 හා තුන් වන වසර අවසානයේ දරුවන්ට MMR එන්නත ලබා දෙනවා. ඔබ කුඩා කල මෙම එන්නත් ලබා ගත්තා නම් ඔබ mumps, measles හා Rubella යන ආසාදනවලින් ආරක්ෂා වෙනවා. ගර්භණී වීමට පෙර මෙම එන්නත් ලබා ගන්නට අමතක කරන්න එපා. මෙම එන්නත ලබා ගත් පසු ඔබ මාස තුනක කාලයක් ගැබ් ගැනීමෙන් වැලකී සිටිය යුතුයි. ගර්භණී සමයේ දී මෙම එන්නත ලබා නොගත යුතුයි. මෙම එන්නත් අත්‍යාවශ්‍ය වන්නේ Rubella ආසාදනයේ ඇති භයානක කම නිසයි. මෙම ආසාදනය නිසා ඔබේ නූපන් දරුවාට අසාමාන්‍ය ලෙස කුඩා මොලය, මානසික පසුබෑම, ඇසේ සුද, අසාමාන්‍ය ලෙස කුඩා ඇස්, හෘදයේ දෝෂ, බිහිරි බව, thyroid හෝමෝන අඩු බව, මොලය ඉදිමීම හා දියවැඩියාව ඇති විය හැකියි. ගර්භණී භාවයේ 13 වන සතියට පෙර Rubella වෛරසය ඔබේ ශරීරයට ඇතුලු වුවහොත් 80% ක් අවස්ථාවල දී ඔබේ කුස තුල සිටින දරුවා තුලටත් එම වෛරසය යා හැකියි. එසේ වූ දරුවන් සියලු දෙනාට ම යම් උපත් දෝශයක් ඇති වෙනවා. 13 වන හා 16 වන සති අතර වෛරසය ඔබේ ශරීර ගත වුනොත් 50% අවස්ථාවල ඔබේ කුස තුල සිටින දරුවා තුලටත් එම වෛරසය යා හැකියි. එයින් 35% කට යම් උපත් දෝශයක් ඇති වෙනවා. 16 වන සතියෙන් පසු ඔබේ ශරීරයට Rubella වෛරසය ඇතුලු වුනත් ඔබේ දරුවාට කිසිදු උපත් දෝශයක් ඇති වන්නේ නැහැ. සති 13 ට පෙර මවට Rubella වැලඳී ඇති බව තහවුරු වුනොත් දරුවාට රෝගය ඇති බව නොසොයා වුව ද ගබ්සා කිරීමට සමහර රටවල් වල ඉඩ ලැබෙනවා.  

ඔබේ පලමු ගර්භණී සමයේ සති 12 ක දී පලමු පිටගැස්ම එන්නත ලබා ගත යුතුයි. පලමු එන්නතින් සති 6-8 කට පසු දෙවන එන්නත ලබා ගත යුතුයි. ඉන් පසුව ඔබ ගර්භණී වන අවස්ථා 3 ක දී වරකට එක පිටගැස්ම එන්නතක් බැගින් 12 වන සතියේ දී ලබා ගත යුතුයි.

.......

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

........

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook