නිවුන් දරුවන් පිළිසිඳ ගෙන ඇති බව සොයා ගන්නේ කෙසේද?

Hits: 14214 times

දරුවන් ආදරය සහ සතුට වැඩි කරවයි. නිවුන් දරුවන් පවුලේ සතුට තවත් වැඩි කරවයි. බොහෝ ගර්භනී මව්වරු නිවුන් දරුවන් ලැබේ දැයි දැන ගැනීමට ආශාවෙන් පසු වේ. ඒ සදහා ක්රම කිහිපයකි.

සමහර දර්ශක ඔබට දැනෙන අතර එවැනි යමක් දැනුන වහාම වෛද්ය වරයා හමුවී වැඩිදුර පරීක්ෂා කර ගැනීම සුදුසුය.

1. ඔබට දැනෙන දර්ශක

* බර වැඩි වීම.

ගර්භනී සමය තුල ඔබේ බර මැනීම ඉතා වැදගත් වේ. ඔබගේ බර ගර්භනී සමයේ තිබිය යුතු බරට වඩා වැඩිනම් නිවුන් පිළිසිද ගැනීමක් ලෙස සැක කල හැක. කෙසේ වෙතත් ඔබේ වැරදි ආහාර පුරුදු නිසාද අසාමාන්ය ලෙස බර වැඩි විය හැක. දෙදරු පිළිසිද ගැනීමක් සහිත මවකගේ බර එක දරු පිළිසිද ගැනීමක් සහිත මවකගේ බරට වැඩ 5kg ප්රමාණයකින් වැඩි වේ. එම නියා මෙය දළ වශයෙන් අනුමාන කිරීමට ක්රමයක් පමණි. නමුත් මෙය ඔබේ විමසිලිමත් වීමට ආරම්භයක් ලබා දෙනු ඇත.

* උදරය විශාල ලෙස ඉදිරියට නෙරා ඒම

ඔබ හෝ ඔබේ මවට / සොයුරියට ඔවුන්ගේ අත්දැකීම් අනුව ඔබේ උදාර ප්රමාණය විශාල බවක් දැනීමට ඉඩ ඇත. ඔබ සායනයට සහභාගී වන විටෙ ගර්භනී සාමය තුලදී උදරය මැන බැලීම ඔබේ වෛද්ය වරයා/ වින්නඹු මාතාව විසින් සිදු කරන අතර එසේ උදරයේ සිදුවන අසාමාන්ය වර්ධනය නිවුන් දරු උපතක් ලෙස සැක කරනු ලබයි නම් එය තහවුරු කර ගැනීමට HCG සහ AFP පරීක්ෂණ වෙත යොමු කරනු ඇත.

* උදැසන අපහසුතාවය වැඩි වීම.නිවුන් දරු උපත සම්බන්ධ ගැටලු මොනවාද? එයට පිළියම් තිබේද? මෙහි ක්ලික් කර ලිපිය කියවන්න.

බොහොමයක් ගැබිණි මව්වරු වමනය හෝ ඔක්කාරය යන අපහසුතාවය අත්විදී .එහෙත් දෙදරු පිළිසිද ගැනීමක් සහිත මවගේ අපහසුතාවය සාමාන්ය මවකගේ අපහසුතාවයට වැඩ වැඩි වේ. නමුත් සමහර මවුවරුන් එවැනි අපහසුතාවයකට මුහුණ නොදෙන බව හෝ ඉතා අඩුවෙන් මුහුණ දෙන බව අමතක කරන්න එපා.

* දරුවාගේ චලනයන් ඉතා ඉක්මනින් දැනීම

ඔබේ දරු ගැබේ පළමු චලනය ඉතාම ඉහල සතුටක් ගෙන එන අවස්ථාවකි. එම මොහොත එනතුරු ඔබ නොඉවසිල්ලෙන් බලා සිටිනු ඇත. එමගින් ඔබ කුස සිටින දරුවා මනා සුවතාවයෙන් සිටින බව දැනේවි. ඉතින් ඔබට එම චලනයන් සාමාන්ය සමයට කලින් දැනෙන්නට ලැබුනොත්, මඳක් විමසිලිමත් වන්න. එය නිවුන් දරු උපතක් පිළිබඳ පෙර නිමිත්තක් විය හැක.

* අතිශය මහන්සි  බව

නිවුන් ගැබ් ගැනීමකදී  පළමු මාස තුන තුල නිදිමත , අලස බව සහ අධික වෙහෙස දැනීම සාමාන්යයයි. ඔබේ සිරුර මෙම කාලයේදී ඔබේ ජීවීය ක්රියාකාරිත්වය පවත්වාගනීමටත් මතු උපදින දරුවා වර්ධනය කිරීමටත් වෙනදාටත් වඩා ක්රියාකාරී වී සිටියි. සමහර විට අනෙතුත් වැඩ නිසා  (ආතතිය, පෝෂණය මදි බව, අනෙකුත් දරුවන්ගේ වැඩ කටයුතු) අතිශය කෙඩෙත්තු බව ඇති විය හැක. නමුත් නිවුන් ගැබ් ගැනීමකදීද ඔබට සාමාන්ය මට්ටමට වඩා වෙහෙසකර බවක් දැනෙනු ඇත.

* පවුලේ හෝ ඔබේ ඉතිහාසය

ඔබේ පවුලේ මීට පෙර නිවුන් දරුවන් ලැබී ඇති නම් තවත් නිවුන් දරුවන් ලැබීමට ඇති ඉඩ කඩ ගැන ඔබ විමසිල්ලෙන් සිටින්න. ඊට අමතරව සමහර ස්කෑන් පරීක්ෂණ වලට දරුවන් දෙදෙනෙකු නොපෙනෙන අවස්ථා ඇත. එවැනි අවස්තාවලදී, ඔබට දිගින් දිගටම සිතට සැකයක් දැනෙයි නම් තව දුරටත් වෛද්ය උපදෙස් පතන්න.

2. වෛද්ය නිර්දේශයෙන් කල යුතු පරීක්ෂණ

* ද්විත්ව හෘද ස්පන්දනය

මෙය තාක්ෂණික ශබ්ද තරංග මගින් පළමු මාස 3 තුලදී දැන  ගත හැක. පළපුරුදු වෛද්යවරයෙකුට මෙය හදුනා ගත හැකි වුවද, සමහර අවස්ථා වලදී  මවගේ හෘද ස්පන්දනය දෙවන ස්පන්දනය ලෙස හදුනා ගත හැකි බැවින් ප්රවේශම් විය යුතු වේ.

* HCG ඉහළ යාම

අප ඉහත ලිපි වල ද සදහන් පරිදි HCG පරීක්ෂණය ඔබ ගර්භනී ද නැද්ද යන්න තීරණය කිරීමට සුදුසු වේ. නිවුන් දරු පිළිසිද ගැනීමකදී HCG මට්ටමේ ඉහල යාමක් දැක ගත හැක. මෙය වෛද්ය රසයනාගරයකින් පරික්ෂා කර ගත හැකි අතර ඉහළ තත්වය සති 10 වන විට දැන ගත හැක.

* අසාමාන්ය AFP පරීක්ෂණ ප්රතිපල

AFP පරීක්ෂණය සාමාන්යයෙන් ගැබ් ගැනීමෙන් දෙවන මාස තුන තුළ සිදු කරයි.. (maternal serum screening or triple marker screen).  නිවුන් දරු පිළිසිද ගැනීමක්ද යන්න දැන ගැනීමට අමතරව අවධානම් සහිත දරු උපත්, සංකූලතා ආදිය පිළිබදවද දැන  ගත හැක. ඔබගේ AFP ප්රථිපල ඉහළ මට්ටමක පවතින්නේ නම් අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකට ඔබ යොමු කෙරෙනු ඇත.

* අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය

නිවුන් දරු පිළිසිද ගැනීමක්ද දැන ගැනීමට සුදුසුම මග මෙයයි. මෙය අධි සංඛ්යාත සහිත ශබ්ද තරංග භාවිතයෙන් ගර්භාෂය තුල සිටින දරුවාගේ ඡායා රූපයක් ලබා ගන්නා උපද්රව රහිත ක්රමවේදයකි. බොහෝ අවස්ථා වල දරුවන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු ගැබ් ගත් ආකාරය දිස්වේ.කෙසේ වෙතත් සමහර අවස්ථා වල දරුවන් දෙදෙනෙකු පිළිසිද ගත්තද එක අයෙකු පෙන්වන අවස්ථාද වේ. විශේෂයෙන් දෙදෙනෙකුට වැඩ වැඩි අවස්ථාවල මෙය අපහසු වේ.

.........................

නිවුන් දරු උපත සම්බන්ධ ගැටලු මොනවාද? එයට පිළියම් තිබේද? මෙහි ක්ලික් කර ලිපිය කියවන්න.

.........................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

.........................

If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

මෙම ලිපිය ඔබට ප්රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook