බලාපොරොත්තු රහිත ගැබ් ගැනීම

Hits: 31807 times

ඇතැම් විට  බලාපොරොත්තු නොවූ අවස්ථාවක ගැබ් ගැනීමක් සිදු විය හැක. එවැනි දේ අසාමාන්ය නොවේ. බොහොමයක් යුවළ පවුල් සැලසුම් ක්රම භාවිතා කලද සමහර පවුල් සැලසුම් ක්රමවල 100% නිරවද්යතාව තහවුරු කර නැත.

බොහෝ විට බලාපොරොත්තු නොවුණු ලෙස ගැබ් ගැනීම කාන්තාවක් අපහසු තත්වයකට පත් කල ද ඇය හොද සෞඛය තත්වයකින් පසු වන්නේනම් සහ මවක් වීමට සුදානම් නම් ගැටළුවක් මතු නොවේ. නමුත් මෙහිදී වඩාත්ම පීඩාකාරී වන්නේ මානසික සහ මුල්යමය අභියෝගයන්ය.



දෙමාපියන් බවට පත් වීම අපහසු කාර්යයක් වන්නට පුළුවන්. නමුත්, අනපේක්ෂිත මොහොතක ඔබේ ලොවට පැමිණි අමුත්තා හරවා හැරීමට ඔබට  නීතියෙන් අවසර නොලැබෙන අතර එයටත් වඩා එවැනි දෙයක් කිරීම මනුෂ්යත්වයට නිගාවකි. මවක් වීමේදී ඔබ කොතෙකුත් අපහසුතා වේදනා වලට මුහුණ දුන්නද මවක් වීමෙන් ලැබෙන තෘප්තිය කියා නිම කල නොහැක. දෙමාපියන්ගේ බලාපොරොත්තුව සහ කැපවීම දරුවන් බව තේරුම් ගන්නා තරමටම ඔබ එයට ඇති ආශාව උනන්දුව වැඩි වේ.

හොද සෞඛය තත්වයකින් පසු වන ඔබ සැලසුම් රහිතව ගැබ් ගැනීමකට මුහුණ දුන්නේ නම් ඊලග පියවර ඔබට ප්රශ්නයක් විය හැක. ඔබ පසුතැවීමකට ලක් වේවි, පියා දරුවා පිළිබද දක්වන ආකල්පය ගැන ඔබ කල්පනා කරවී. ඔබ අතීතයේ සිදු කල මත් පැන්, දුම් වැටි භාවිතය නූපන් දරුවාට බලපාවි දැයි ඔබ කනස්සල්ලකට පත් වේවි.ඔබ ඔබගේ වැඩිමහල් දරුවන් හා රැකියාව පිලිබද අවධානය යොමු කරවී. කෙසේ වෙතත් නුපන් දරුවා පිළිගැනීමට ඔබට සුදානම් වීමට සිදු වේවි.

මෙහිදී ඔබට ප්රයෝජනවත් වන කරුණු කිහිපයක් අපි ගෙන හැර දක්වමු:

වෛද්යවරයෙකු මුණ ගැසීම

ඔබ මුලින්ම කල යුත්තේ හැකි ඉක්මනින් සුදුසුකම් ලත් වෛද්ය වරයකු හමුවී ගර්භණී භාවය තහවුරු කර ගැනීමය. ඇතැම් තරුණියන් ලිංගිකත්වය සහ ගර්භනීභාවය පිලිබඳ නිසි දැනුමක් නැති නිසා විවිධ හොර වෙදුන් හමුවීමට යාමේ ප්රවනතාවයක් දක්නට ලැබේ. නිවැරදි මාර්ගයෙන් සුදුසුකම් ලත් වෛද්යවරු ඔබව උපහාසයට ලක් නොකරන ඇතර ඔවුන් ඔබගේ පුද්ගලිකත්වයද ආරක්ෂා කරනු ඇත. මෙම හමුව මගින් ඕන අදාළ පරීක්ෂණ සිදුකරගෙන ඔබේ ගර්භනී භාවය තහවුරු කර ගන්න. ඉන්පසු ඉදිරි මාස කිහිපය තුල ඔබ කල යුතු දේවල් ගැන නිසි අවබෝධයක් ලබා ගන්න.

මානසිකත්වය ඉහල මට්ටමක තබා ගැනීම

මෙවැනි දෙයක් ඔබට සිදුවී ඇති විට මානසිකව පහතට ඇද වැටීම ඉතාම සාමාන්යයි. එවැනි අවස්ථා පිලිබඳ අප ඉමහත් කාරුණිකව සලකන අතර ඔබට එම තත්වයට මුහුණ දීමට සමහර විට උපදේශක සේවයක පිහිට පැතීමට සිදුවේ. මේ සඳහා ඔබට සමාජ සේවා අමාත්යාංශය මගින අනුමත කල උපදේශන සේවයකට යොමු වීම වඩා සුදුසුය. ඇතැම් පුද්ගලික රෝහල් සහ ආයතනද උපදේශන සේවා පවත්වන අතර ඔබට ඒවාට මුදල් ගෙවීමට සිදුවේ.

ඔබගේ තත්වය තේරුම් ගන්න පවුලේ සාමාජිකයකු සමග මේ පිලිබඳ කතා කරන්න

මෙවැනි අවස්තාවක ඔබව පහතට හෙලීමට බොහෝ දෙනෙක් බලා සිටින බව අපි දනිමු. එනිසා ඔබේ පවුලේ සාමාජිකයකු හෝ වෙනත් හිත මිතුරියක් සමග මේ ගැන සාකච්චා කරන්න. ඔහු හෝ ඇය ඔබට මනා මානසික සවියක් වනු ඇත.

මත්පැන් දුම්වැටි භාවිතය නුසුදුසුය

අප ඉහත ලිපි වලද දක්වා ඇති ආකාරයට මත්පැන් සහ දුම්වැටි ඔබේ ජීවිතයේ කිසිදු අවස්තාවක සුදුසු නොවේ. එනිසා යම් ආකාරයකින් ඔබ භාවිතා කරයි නම් එය නවතාලන්න. ඔබේ ස්වාමි පුරුෂයා භාවිතා කරයි ඔහුට නවතා ලන ලෙස ඉල්ලා සිටින්න.

බලාපොරොත්තු අත හරින්න එපා

මෙවැනි සිදුවීමකදී බලාපොරොත්තු ඇත නොහරින්න. සමහර විට ජීවිතයේ ඔබට තනිවම මුහුණ දීමට සිදුවන අමිහිරි සිදුවීම් නැතුව නොවේ. එවැනි විටක ඔබ වීර්යයයෙන් යුතුව එයට මුහුණ දුන්නොත් සමහර විට තවත් අවුරුදු කිහිපයකින් ඔබට අතිශයින්ම සතුටු විය හැකිය. එසේම ඔබ මෙම අවස්ථාවේ මානසිකව දුර්වල වී එම සිඟිත්තා මෙලොවින් තුරන් කලානම් එය ඔබේ සිතේ දිවි ඇති තුරා වේදනාකාරී ලෙස ඔබ සිත දවාලයි නේද?

.......

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

.......

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook