අධි අවදානම් දරු උපත් - High Risk Pregnancy

Hits: 46457 times

ඔබ අවධානම් සහිත ගැබිණි මාතාවක් ලෙස හදුනා ගෙන ඇත්නම් ඔබටත් ඔබේ දරුවට සෞඛ්ය ගැටළු ඇති වීමේ අවස්ථාව වැඩි නම්  එවැනි ගර්භනී මව්වරු අධි අවධානම් ලෙස හදුනා ගනු ලැබේ. "අධි අවදානම්" යන වදන ඔබ බිය වද්දන සුළු වුවත්, එය ඔබේ වෛද්යවරයාගේ අවධානය 100% ඔබ වෙත ලැබී ඇති බව සනාථ කර ගැනීමට පමණි.

ගර්භනී සමයේ ගැටළු කලින් හදුනා ගැනීම සදහා ඔබේ වෛද්යවරයා විසින් ඔබව ඉතා හොදින් නිරීක්ෂණය කරනු ඇත.ඔබගේ සෞඛ්ය තත්වය අනුව ගර්භනී  සමයේ අවධානමට පත්වීමට විවිධ හේතු තිබිය හැක. බොහෝ විට ඒ සදහා පහත හේතු බලපායි.

* ඔබේ වර්තමාන සෞඛ්ය තත්වය

දියවැඩියාව, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග, අපස්මාරය වැනි රෝග තත්වයන්ගෙන් ඔබ පිඩා  විදින්නේ නම් එය ඔබේ දරු ප්රසුතිය සදහා බලපායි. දියවැඩියාව නිසා  ගබ්සා වීම්, නොමේරූ දරු උපත් සහ උපත් දෝෂ අවධනම ඉහල යි. අධි රුධිර පීඩනය මවගේ වකුගඩු වලට මෙන්ම අනෙකුත් ඉන්ද්රියනට හානි පමුණුවන අතර එය අඩු බර දරු උපත් සහ අඩු මාසයෙන් දරුවා බිහි වීමට හේතු විය හැක.. ඉතා බරපතල අවස්ථා වලදී මව තුල ඇති විය හැකි preeclampsia - or toxemia තත්වය මවගේ මෙන්ම දරුවාගේ ජිවිතයටද තර්ජනයක් ඇති කරයි.

* වයස ( අවුරුදු 17 ට අඩු වීම සහ 35 ට වැඩි වීම)

වයස 13 ත් 16ත් අතර කාලයේ ගැබ් ගැනීම ගර්භනී කාලයේ මෙන්ම දරු උපතේදීත් අවධානම් තත්වය වැඩි කරයි.  අධි රුධිර පීඩනය ඇති වීමේ  අවදානම වයස 20ත් 30ත් අතර ගර්භනී කාන්තාවකට වඩා වැඩි වන අතර  එය ගර්භනී භාවය  නිසා ඇතිවන අධි රුධිර පීඩනය ලෙස හදුන්වයි. මෙය ද preeclampsia අවධානම වැඩි කරයි.  අධි රුධිර පීඩනය සහ  මුත්රා සමග අතිරේක ප්රෝටීන් පිටවීම ඉතා අනතුරුදායක තත්වයක් ඇති කරන අතර මවගේ මුහුණ සහ අත් පා ඉදිමුමත් සමග අනෙකුත් අවයව වලට හානි වීමද සිදු විය හැක. නොමේරූ දරු  උපත් (37 වන සතියට පෙර සිදුවන උපත්) අඩු බර දරු උපත් වලට  මෙවැනි මව්වරු සුලබ ලෙස මුහුණ දේ.

වයස අවුරුදු 35ට වැඩි වයසින් ගැබ් ගැනීම නිසා gestational diabetes (ගර්භනී බාවයේදී ඇති වන දියවැඩියාව) preeclampsia, placental abruption  (ගර්භාෂ බිත්තියෙන් කලලබන්ධය නිසි කලට පෙර ඉවත් වීම) සහ placenta previa ( ගැබ් ගෙල පුර්ණ සහ අර්ධ වශයෙන් ආවරණය වනසේ ගර්භාෂය පහල කොටසේ පිහිටීම.)   වැනි සංකුලතා ඇති විය හැක. සමීක්ෂණ වලට අනුව වයස වැඩි වීමත් සමග  අඩු බර දරු උපතක් වීම (රාත්තල්  5 1/2 ට අඩු) සහ නොමේරු දරු උපතක් වීමේ සම්භාවිතාව වැඩි වේ.

* නිවුන් හෝ ඊට වැඩි පිළිසිද ගැනීමකදී

නිවුන් හෝ ඊට වැඩි පිළිසිද ගැනීම දරුවට පමණක් නොව මවටද අවදානමක් ගෙන දේ. කෙසේ වෙතත් මවට බොහෝ අවදානම් වීම දරුවාටද අවදානමක් ඇති කරයි. එය නොමේරු දරු උපත්, සංකුලතා හෝ මරණයට පවා හේතු විය හැක. ගර්භනී බව අඩු රුධිර පිඩනයට මෙන්ම වැඩි රුධිර පීඩනයටද හේතු වේ. 37% නිවුන් දරු ගැබිනි මාතාවන් අධි රුධිර පීඩනයට මුහුණ දෙන අතර එය එක් දරු අවස්ථාවේ  අධි රුධිර පීඩනය මෙන් තුන් හතර ගුණයකි. Preeclampsia තත්වය, (අධි රුධිර පීඩනය සහ මුත්රා සමග අතිරේක ප්රෝටීන් පිටවීම) පෙන්වන ලක්ෂණ ලෙස ඉදිමුම, සීග්ර බර වැඩි වීම සහ උග්ර හිසරදය දැක්විය හැක. නිවුන් දරු ගැබිනි මවකගේ මෙම තත්වය දෙගුණයක් වේ. ගර්භනී සමයේ පමණක් හටගන්නා දියවැඩියාව එක් දරු ගැබිණි මව්වරුන්ගේ 5% වන අතර නිවුන් දරු ගැබිනි මවකගේ  දෙගුණයක් විය හැක. මිට අමතරව නිවුන් දරු ගැබිනි මව්වරුනට මුහුණ පෑමට සිදුවන අභියෝග රැසකි.

* අතීත දරු උපත් වලදී ගැටළු ඇති වුනි නම්

ඔබේ කලින් සිදු වූ දරු උපතේදී  ගැටළු ඇති වුනි නම් වර්තමාන ගර්භනී අවධිය මෙන්ම ප්රසුතිය අවදානමක පවතී. විශේෂයෙන් පෙර සිදු වූ නොමේරු දරු උපත් සහ ගැබ්වලිප්පුව (Eclampsia) පිළිබද අවධානය යොමු කල යුතු වේ.  නොමේරු දරු උපත් යනු ඔබේ දරුවා ප්රසුතියට නියමිත දිනට සති තුනකට පෙර ප්රසුත වීමයි.  ගැබ්වලිප්පුව (Eclampsia) යනු ගැබිණි සමයේ හදිසි ආබාධ තත්වයකි. එය  සාමානයෙන් උග්ර preeclampsia තත්වය ( ගර්භනී සංකුලතාවයකි) නිසා ඇති විය හැක. මෙම තත්වය මවට මෙන්ම ඇගේ භ්රෑණයට  හානිකර විය හැක. හදිසි තත්වය තුල භ්රෑණයට සැපයෙන ඔක්සිජන් ප්රමාණය සීග්ර ලෙස අඩු වේ. තවද ඩවුන් සහ ලක්ෂණය ( Down syndrome) සහිත දරු උපතක් කලින් සිදු  වී ඇත්නම්, මෙවරද එවන් දරු උපතක් සිදුවීමට ඇති අවකාශය වැඩි නිසා එවැනි මව්වරුද අධි අවධානම් ලෙස හදුනා ගනු ලැබේ.

ඔබේ පුරුදු,
අපි නිතර සදහන් කරන පරිදි මත් කුඩු, මත්  ද්රව් මෙන්ම දුම් වැටි භාවිතය ඔබේ නුපන් දරුවා සැමවිටම  අවධානමේ හෙලයි.

ආසාදනයන් සහ බෙහෙත්

Bacterial vaginosis, , Chlamydia, Cytomegalovirus, Fifth disease (parvovirus),Group B strep, Hepatitis B, Herpes, Listeriosis,  Toxoplasmosis, Trichomoniasis, පැපොල , හෙම්බිරිස්සා උණ , උපදංශය, ඒඩ්ස් , ජර්මන් සරම්ප (රුබෙල්ලා), ලිංගිකව සම්ප්රේෂිත ආසාදන, මුතා මාර්ග ආසාදන  යන ආසාදනයන්ට ඔබේ ගර්භනී බාවයට හානි කල හැක. ඔබ භාවිතා කරන බෙහෙත් වල අඩංගු  lithium, phenytoin, valproic acid, or carbamazepine යනාදිය අවධානම වැඩි කරයි.

.......

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

.......

 


Follow us on Facebook

Join Our Community

Sign in with Facebook