ගර්භණී සමයේ දියවැඩියාව - Diabetes During Pregnancy

Hits: 5164 times

ගර්භණී සමයේ දියවැඩියාව අපට නිතර අසන්නට ලැබෙන තත්ත්වයකි. මෙම තත්ත්වය ඇති වීම නිසා ඔබට සහ දරුවාට විවිධ අභියෝග වලට මුහුණ දීමට සිදුවේ. ඇතැම් මවුවරුන්ට දියවැඩියාව ගර්භණී භාවයට පෙර සිටම පවතින අතර තවත් මවුවරුන්ට එය ගර්භණී සමයේ මුල් අවධියේත්, තවත් මවුවරුන්ට එය ගර්භණී සමයේ දෙවැනි භාගයේත් ඇතිවේ. එයට මුහුණ දෙන අයුරු අපි මෙම ලිපියේ දක්වමු.

 

දියවැඩියාව යනු:

මෙම තත්ත්වය ඇතිවන්නේ ශරීරයට ඇතුලු වන සීනි සහ කාබෝහයිඩ්රේට ශක්තිය බවට හැරවීමට නොහැකි වීම නිසාය. මෙම අවස්ථාවේදී ශරීරය අවශ්යේ තරම් ඉන්සියුලීන් හෝමෝනය නිපදවන්නේ නැති වීම හෝ නිපදවන හෝමෝන භාවිතා නොවීම සිදුවේ. මෙම හොමොනය රුධිරයේ ඇති සීනි මට්ටම පාලනය කරන අතර එය නිපදවීම අඩාල වූ විට සහ භාවිතය අවම වූ විට රුධිරයට සීනි එක්වී ඇති ලෙස අප සමාජයේ කියමු. එවිට ඔබගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් රැසක් දුර්වල වීම සිදුවේ.
 

දියවැඩියාව ඇති බවට ලක්ෂණ

මෙම ලක්ෂණ සියල්ල හෝ කිහිපයක් ඔබට දැකිය හැකිනම් දියවැඩියාව ඇති බවට සැක කල හැක. වඩාත්ම සුලභ වන්නේ අධික වතුර තිබහ, බර අඩුවීම, නිතර මුත්‍රා කිරීමට සිදුවීම ආදියයි. එයට අමතරව ඇස් පෙනීම බොඳ වීම, නිතර නිතර ආසාදන (උදරය තුල, යෝනි මාර්ගයේ සහ සමේ) ඇතිවීම ආදියද ලක්ෂණ වේ.

ඔබ කල යුතු දේ

මුලින්ම ඔබට එවැනි ලක්ෂණ තිබේ නම් රුධිර සහ මුත්‍ර පරීක්ෂණයක් කර සීනි මට්ටම බලා ගත හැකිය. එම මට්ටම අවශ්‍ය පමණට වඩා වැඩිද අඩුද යන බව සාමාන්‍ය වෛද්‍ය වරයකුට තීරණය කල හැකිය. එම මට්ටම පමණට වඩා වැඩිනම්, ඔබ ගර්භණී කාලයෙදී විශේෂඥ උපදෙස් පැතිය යුතුය. නාරී හා ප්‍රසව වෛද්‍ය වරයාට අමතරව කායික රෝග විශේෂඥ වෛද්‍ය වරයකු හමු වීම ඉතා වැදගත් වේ.

ඇස් පරීක්ෂාව

ඇස තුල කුඩා රුධිර නාලිකාවලට දියවැඩියාව නිසා හානි විය හැකිය. ඔබට සාමානයෙන් ඇස් පෙනීමේ දුර්වලතාවයක් තිබුනත් නැතත්, අක්ෂි පරීක්ෂණයකට භාජනය වීම වැදගත්ය. එය හුදෙක්ම දුර සහ ළඟ පරීක්ෂා කරන එකක නොවිය යුතුය. සුදුසුකම් ලත් අක්ෂි වෛද්‍යවරයකු ඔබට සවිස්තරාත්මක පරීක්ෂාවක් කරනු ඇත. එසේ නොකරයි නම් ඔබ එය ඉල්ලා සිටින්න.

එදිනෙදා ජීවිතයේ ආරක්ෂා වීම

දිගින් දිගටම රුධිරයේ සීනි පාලනය කල යුතු වේ. එය සිදු කිරීමට ඔබ අවශය පමණට නිවැරදි ආහාර ගත යුතු අතර කුසගින්නේ සිටීම අතිශයින්ම භයානකය. සරල කාබෝහයිඩ්රේට යනු සීනි, මී පැණි, කිරි සහ පලතුරු ආදියේ අඩංගු කාබෝහයිඩ්රේට වේ. ඒවා භාවිතය දැඩිව සීමා කල යුතුය. නමුත් පලතුරු කෑම නවත්වන්න එපා. සුළු ප්‍රමාණයක් දිනපතා භාවිතා කරන්න. එක වර විශාල ප්‍රමාණයක් කෑමෙන් වලකින්න. සීනි සහ පැණි භාවිතය අතිශයින්ම අඩු කලාට කමක් නැත. ඔබට ශක්තිය ලබා ගැනීමට සංකීර්ණ කාබෝහයිඩ්රේට භාවිතා කරන්න. පිරිපහදු නොකළ ආහාර වලින් ඔබට මෙය ලබා ගත හැක. උදා: නිවුඩු සහිත සහල්, අල වර්ග (අර්තාපල් වලට වඩා ඉන්නල, බතල ආදිය සුදුසුය), නිවුඩු සහිත ඕට්ස් (whole grain oats), ධාන්‍ය වර්ග ආදිය සුදුසුය.

කායික ව්‍යායාම හා මානසික සුවතාව 

දියවැඩියාව යනු ඔබ ලෙඩ ඇඳට සීමා කල යුතු රෝගයක් නොවේ. මෙය ඇති විට ඔබ සාමාන්‍ය පරිධි ක්‍රියාශීලිව සිටිය යුතු අතර මානසිකව වැටෙන්න එපා. දියවැඩියාව බාල මහලු කාටත් වැළඳෙන සාමාන්‍ය තත්ත්වයකි. මානසික ආතතියෙන් මිදී, සරල සැහැල්ලු ආකල්ප අනුගමනය කරන්න. ආගමික කටයුතු වල නිතර යෙදී සිත පිරිසිදු කරගන්න. ඊට අමතරව දිනපතා මඳ දුරක් ඇවිදීම, පිහිනුම් කිරීම හා සරල ව්‍යායාම කරන්න.
....

If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!
 
මෙම ලිපිය ඔබට ප්රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

Related Articles 

අධික රුධිර පීඩනය සමග මුත්‍ර වල ප්‍රෝටීන් තිබීම - ප්‍රි-එක්ලැම්ප්සියා තත්ත්වය

ගර්භණි සමයේදී  ඇදුම රෝගය

ගර්භණී සමයේ පැපොල රෝගය වැළඳීම

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook