Growing Child [Videos]

මව් කිරි ලබා දීම දරුවාගේ වර්ධනයට වැදගත් වන ආකාරය පිලිබදව විශේෂඥ දැනුම ඔබට මෙම වීඩියෝව හරහා ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙමු.

අලුත උපන් දරුවාගේ කුඩා වෙනස්කමක් වුනත් අපව තැති ගැන්මකට ලක් කරන බව අලුත් දෙයක් නොවේ. ඉතින් අපි විමසා බලමු මොනවාද අලුත උපන් දරුවෙකුගේ සෞඛ්‍ය පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුත්තේ කියා.

අද කාලයේ පරිසර දූෂණයත් සමග බොහෝ දරුවන් කැස්ස සහ ඇදුම රෝග තත්වයන්ට ලක්වෙන බව නිතර දැකිය හැකි කරුණක්. ඉතින් මේ ගැන වැඩිදුර දැනුවත් කිරීමට ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා අදහස් දක්වන වීඩියෝව නරඹන්න.

ඔබගේ දරුවා වයසින් වැඩෙත්ම නිතරම තරහා ගැනීම ඔබ නිරීක්ෂණය කරාද? දරුවා තරහා ගැනීමට හේතුව, ඇතැම් විට ඔබට සිතාගැනීමට වත් නොහැකි වූ අවස්ථා තිබෙන්නට  ඇති. දරුවා මෙලෙස තරහා ගැනීමට හේතුන් මොනවාද යන්න පිළිඹඳව විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා සමග සිදුකරන ලද විශේෂ සාකච්ඡාව මෙම වීඩියෝවේ අන්තර්ගතයි.

ඔබේ දරුවා හැදී වැඩෙන පරිසරය දරුවාගේ මානසික මෙන්ම ශාරීරික වර්ධනයටද වැදගත්ය. ඔබ අවට පරිසරය පිළිබදව දැනුවත්ව සිටීම ඔබ කල යුත්තකි. ඔබගේ දරුවා අවට පරිසරයත් සමග වැඩෙන්නට ඉඩ හරින්න බියවන්න එපා. එපිලිබද විශේෂඥ දැනුම විශේෂඥවෛද්‍ය අජිත් අමරසිංහ මහතාගෙන් මෙම වීඩියෝව හරහා ඔබට ලබා ගත හැක.

ඔබගේ අලුත උපන් සිගිති දරුවා සැමවිටම හැඩීම ඔබටත් මහත් දුක්ගෙන දෙන හා මහත්  අසහනයකාරී අවස්ථාවකි.  දරුවා මෙසේ අඩන්නේ බඩගිනි වූ විට හෝ වෙනත් වෙනයම් කරුණක් නිසා විය හැකියි එපිලිබද වැඩිපුර තොරතුරු දැනගැනීම සදහා මෙම වීඩියෝව බලන්න.  

අලුත් උපන් දරුවන්ගේ ඇස සහ සම කහ පැහැ ගැනීම ඉතා සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සුලබ තත්වයකි. මෙම තත්වය පිළිබද වැඩි දැනුමක් ලබා ගැනීමට මෙම වීඩියෝව බලන්න.

අලුත උපන් ඔබගේ සිඟිති බිලිදා නිවසට රැගෙන ආ විගස ඔබ අනුගමනය කල යුතු ක්‍රියාමාර්ගයන් පිළිබද ඔබ සැලකිලිමතද ? එපිලිබදව වැඩිපුර දැනුම සදහා මෙම වීඩියෝව නරඹන්න.

අලුත උපන් දරුවාගේ පෝෂණය, මව් පියවරුන් ඉතාම වැදගත් ලෙස අවදානය යොමු කල යුතු මාතෘකාවක්. අලුත උපන් දරුවාගේ පෝෂණය පිළිබද සවිස්තරාත්මක විස්ලේෂණයක් මෙම වීඩියෝව හරහා අප ඔබ වෙත ගෙන එන්නෙමු.

මව් කිරි දීම සදහා ඔබගේ පියයුරු විශේෂයෙන්ම හැඩගැසී ඇත. එය පිලිබදව දැනුමක් පැවතීම මවක් වශයෙන් අත්‍යවශ්‍ය කරුණකි. එය පිලිබද විශේෂඥ දැනුම මෙම වීඩියෝව හරහා ඔබට ලබා ගත හැකියි.

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook